දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හේමසිරිට-පූජිත්ට ඇප ලැබෙයිද? තීන්දුව ඔක්තෝබර් 9
Homeප්‍රවෘත්ති

හේමසිරිට-පූජිත්ට ඇප ලැබෙයිද? තීන්දුව ඔක්තෝබර් 9

PropellerAds

හි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක් ප්‍රතිශෝධනය ...

යුද්ධය වෙනුවෙන් ගෝඨාභය තමන්ට උපදෙස් නොදුන් බව ෆොන්සේකා කියයි
ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට එජාපයෙන් කෝටි 10ක ඔෆර්එකක් !
ශ‍්‍රීලනිප ප‍්‍රබල 03ක් සජිත් ලගට.. කැන්දාගෙන යන්නට එංගලන්තයේ සිට චන්ද‍්‍රිකා එයි
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 09 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක්ර ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 09 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.

මෙම පෙත්සම ඊයෙ දිනක කැදවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැක්වීම අවසන් කර තිබුණි.

ඒ අනුව අද දින නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු දැක්වීම සිදු කළේය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටීයේ මෙම සැකකරුවන් දෙදෙනාට ඇප නියම කරමින් මහෙස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය මුළුමනින්ම දෝෂ සහිත බවයි.

මෙම සැකකරුවන් දෙදෙනාට මිනීමැරීමේ චෝදනාව එල්ල කිරිම සඳහා ප්‍රමාණවත් කරුණු නොමැති බව පූර්ව නිගමනයක සිටිමින්ම මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ  මුල සිටම කටයුතු කර ඇතැයි චෝදනා කල දිලීප පිරිස් මහතා  සැකකරුවන්ට ඇප ප්‍රදානය කිරීමේ සම්පූර්ණ ක්‍රියාදාමයම පක්ෂග්‍රාහී බව සඳහන් කර සිටියේය.

මෙම සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දියුණු විගසම  හෘදයාබාධ වැළඳී ඇති බව සඳහන් කරමින් ඔවුන් දෙදෙනාම රෝහල්ගත වූ බවත් ඒ පිළිබඳව සොයා බැලීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු නොකිරීම බරපතළ අඩුපාඩුවක්  බවට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

මෙම සැකකරුවන් දෙදෙනා මෙම නඩුව කෙරෙහි දක්වන උනන්දුව පාස්කු ප්‍රහාර මාලාව ඉල්ල වීමට පෙර දිනවල ලැබුණු බුද්ධි තොරතුරු කෙරෙහි අවධානය යොමු කරවා තිබුණේ නම් මෙම අවාසනාවන්ත සිද්ධිය වළක්වාගැනීමට හැකියාව තිබුණු බවයි දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේය.

මහේස්ත්‍රාත් අධිකරණයට මෙවැනි ඇප නියෝගයක් ප්‍රකාශය කිරීමට කිසිසේත්ම බලයක් නොමැති හෙයින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට ඇප ප්‍රදානය කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රකාශ කර තිබෙන ඇප නියෝගය ප්‍රතිශෝධනය කර ඔවුන්ව වහාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිවරයාගේ ප්‍රතිශෝධන ඉල්ලීම පිළිබඳ නියෝගය ඔක්තෝම්බර් මස 9 දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හේමසිරිට-පූජිත්ට ඇප ලැබෙයිද? තීන්දුව ඔක්තෝබර් 9
හේමසිරිට-පූජිත්ට ඇප ලැබෙයිද? තීන්දුව ඔක්තෝබර් 9
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc4cunHCetqi39DS-_cHXbT7g5dtNylWHUgbogpBNpK6RaZeg5Hw4r80NWgDP6tmrtjrWZU96R0mv711g8YUW6RGL0cX_zjUeuER-9X2Mrpa_OQUahFlS01A0HZYWlIXWjvkhwKBhvlutj/s320/1568960724-Case-against-Pujith-Hemasiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc4cunHCetqi39DS-_cHXbT7g5dtNylWHUgbogpBNpK6RaZeg5Hw4r80NWgDP6tmrtjrWZU96R0mv711g8YUW6RGL0cX_zjUeuER-9X2Mrpa_OQUahFlS01A0HZYWlIXWjvkhwKBhvlutj/s72-c/1568960724-Case-against-Pujith-Hemasiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy