දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුද්ධය වෙනුවෙන් ගෝඨාභය තමන්ට උපදෙස් නොදුන් බව ෆොන්සේකා කියයි
Homeප්‍රවෘත්ති

යුද්ධය වෙනුවෙන් ගෝඨාභය තමන්ට උපදෙස් නොදුන් බව ෆොන්සේකා කියයි

PropellerAds

ආ රක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසිදිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු ...

ඇමතිකම් වැඩි කරගන්න ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් නෑ(VIDEO)
අමල් පෙරේරා බේරාගන්න නීතීඥ උදුල් පේ‍්‍රමරත්න ඩුබායි යයි..
ජනාධිපතිවරණයට පෙර ස්ථීරවම පළාත් සභා මැතිවරණය පවත්වනවා
රක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසිදිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය. එදාත් ඔහුට යුද්ධය නොතේරුණු බවත් අදත් එය එසේම බවත් පැවසූ ෆොන්සේකා මහතා හමුදාව ලක්ෂ පහක් යැයි ඔහු පසුගිය දිනක කී නමුත් ත‍්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ක ගෙන බැලූවත් එහි සිටියේ ලක්ෂ තුනක් පමණක් යැයි ද කියා සිටියේය.

තමන් යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය මෙහෙය වූයේ භූමිය අල්ලා ගැනීමට නොව සතුරන් මරා දැමීමට යැයි ද එසේ නොවුනේ නම් භූමිය අල්ලා ගෙන ඉදිරියට යද්දී ත‍්‍රස්තවාදින් යළි එම භූමින් අල්ලා  ගන්නා බව කී ෆීල්ඞ් මාෂල්වරයා ත‍්‍රස්වාදින් 35,000  ක් සිටි බවත් එයින් 23,000 ක් මරා දමා අනෙක් 12,000 කට ආසන්න පිරිස අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කළ බවත් සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා මේ අදහස් පළ කළේ වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ කාර්යාලයේ දී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සෙබළුන් කිසිවිටෙකත් ටයි කෝට් ඇඳි අයෙකුගේ අණ නොපිළිපදින්නේ යැයි ද ඔවුන් නිරන්තර පිළිගන්නේ නිල ඇඳුම් ඇඳි අයෙකුගේ අණ පමණක් යැයි ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ආරක්ෂක ප‍්‍රශ්න රටේ පවතින්නේ යැයි ද එහෙත් ඒවා දේශපානයට යොදා ගත යුතු නැතැයි ද කී ෆොන්සේකා මහාතා කිසිවිටෙකත් ආරක්ෂාව හා දේශපාලනය පටලා ගත යුතු නැතැයි ද කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවත් ඔහුට කරන්නට වන්නේ ආරක්ෂක ලේකම් තනතුරේ වැඩකටයුතු යැයි ද ඒ සඳහා අගමැතිවරයා අණ දෙනු ඇතැයි ද ඊට හොඳම උදාහරණය වන්නේ දැනටමත් ඔහු අයියාගෙන් අසා පිළිතුරු දීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු තමන්ට ආරක්ෂක ඇමැතිකම දුන්නත් නැතත් එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස තමන් එම පක්ෂය ජයග‍්‍රහණය කරවීමට බැදී සිටින්නේ යැයි ද ඇමති ධුරය ලැබුණොත් කිසිදු අවස්ථාවක කිසිදු අන්දමකින් රටේ භෞමික අඛණ්ඩතාවයට හානිවන අන්දමේ සිදුවීමක් වන්නට ඉඩ නොතබන්නේ යැයි ද කී ෆොන්සේකා මහතා   ජාති කුල ආගම්භේද හෝ පළාත් භේද නොතකා සියලු දෙනා රකින්නේ යැයි ද පැවසීය.

නීතිය හා සාමය ගැන කථා කරද්දී අදත් මත්ද්‍රව්‍ය උවදුර ගැන කථා නොකරන බව පැවසු මන්ත‍්‍රීවරයා කිසිදු නායකයකු සද්භාවෙයන් ඊට අත නොගැසූ බවත් වත්මන් පාලකයා පවා ඒ පිළිබඳව කථා කළේ දේශපාලන වාසියක් වෙනුවෙන් බවත් එල්ලා මැරීම ගෙනැවිත් ඔහු උත්සාහ කළේ දේශපාලනය වෙනුවෙන් ජීවිත හතරක් බිලිදීමට වුවත් එම පිරිස ගේ වාසනාවකට ඔවුන් බේරුණු බවත් සඳහන් කළේය.

අද සිටින පාතාලය පවා වැඩ පටන්ගත්තේ ඉකුත් පාලන සමයේ බව පැවසූ ෆොන්සේකා මහතා තමන් ආරක්ෂක ඇමැති ධූරය ලැබුණොත් පාතාලය අනිවාර්යයෙන්ම තුරන් කර දමන බවද කියා සිටියේය.

හමුදාවන්හි වසර 22 ක සේවයෙන් පසු විශ‍්‍රාම ගන්නා පිරිස වෙනුවෙන් රක්නා ලංකා ආරක්ෂක සේවය ආරම්භ කළ නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා නියෝග කර තිබුණේ එහි රැකියාවක් ලබාගන්නට නම් ප‍්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරයාගෙන් ලිපියක් ලබාගෙන පැමිණිය යුතු බව යැයි ද ඔහු ප‍්‍රකාශ කළේය.

එවකට රතුපස්වල සිද්ධියට දුන් නියෝග ක‍්‍රියාත්මක කළ නිලධාරින් සිරගත වූ බව ද හලාවත ඇන්ටනි, කටුනායක රොෂේන් වැන්නන්ට වෙඩි තැබූ අය සිරගත වූ බවද එකී නියෝග නිකුත් කළ තැනැත්තන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවද හෙතෙම කියා සිටියේය.

ටී එන් ඒ සංවිධානයේ යෝජනා ගැන අදහස් දැක්වූ ෆොන්සේකා මහතා එම යෝජනා දෙස බැලීමට සිදුව ඇත්තේ රටේ ජාතික සමගිය සංහිදියාව හා සමගිය යන කරුණු සමඟ යැයි ද බලය බෙදීම රටේ ඒකීය භාවයට හානි නොවන පරිදි යැයි ද කී මන්ත‍්‍රීවරයා යලි ත‍්‍රස්තවාදයක් නොඑන්නට නම් එවැනි යෝජනා දෙස බැලිය යුතු යැයි ද කීය.

මෙම මාධ්‍ය හමුවට යුද හමුදා මුලස්ථානයේ හිටපු මනෝවිද්‍යා අධ්‍යක්ෂ මේජර් ජනරාල් උපුල් විතානගේ සහ 55 වන සේනාංකයේ හිටපු නියෝජ්‍ය සේනාධිපති මේජර් ජනරාල් නිශ්ශංක රනවන යන මහත්වරු ද සහභාගී වූහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුද්ධය වෙනුවෙන් ගෝඨාභය තමන්ට උපදෙස් නොදුන් බව ෆොන්සේකා කියයි
යුද්ධය වෙනුවෙන් ගෝඨාභය තමන්ට උපදෙස් නොදුන් බව ෆොන්සේකා කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSHmUsSvw876tA1VW1qd3XkkjUh0TmT1UKeHTxgna-uDdaxmsUvQmA8qGxxrqbX59HPNHQ4qbIoem13CJOBeaVUkzpJZTJ9B0TcCZnVNjN5dDVTauYN8zghfTLMPXonwzQG6UMT5nX6qbV/s320/5410e47468b60bb9ee594a1a13bce7b5_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSHmUsSvw876tA1VW1qd3XkkjUh0TmT1UKeHTxgna-uDdaxmsUvQmA8qGxxrqbX59HPNHQ4qbIoem13CJOBeaVUkzpJZTJ9B0TcCZnVNjN5dDVTauYN8zghfTLMPXonwzQG6UMT5nX6qbV/s72-c/5410e47468b60bb9ee594a1a13bce7b5_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_401.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_401.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy