දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
88-89 යුගයේදී මහින්ද රාජපක්‍ෂ මහතා තරුණයන් විශාල පිරිසක් මරණෙන් බේරා ගත්තා - කුමාරසිරි හෙට්ටිගේ
Homeප්‍රවෘත්ති

88-89 යුගයේදී මහින්ද රාජපක්‍ෂ මහතා තරුණයන් විශාල පිරිසක් මරණෙන් බේරා ගත්තා - කුමාරසිරි හෙට්ටිගේ

PropellerAds

ය හපත් සමාජයක් ගොඩ නැගීමට නම් මානව දයාවෙන් පිරි යහපත් පිරිසක් රට පාලනය කළ යුතු බවත් ,එවැනි අය තෝරා පත් කර ගැනීමට ජනතාව බුද්ධිමත් ව ක්‍රියාත...

'මට දේශපාලනඥයන් හිරිහැර කළා' - උපේක්ෂා රහස් හෙළි කරයි     
මට්ටක්කුලිය ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
සුළු ප්‍රචණ්ඩකාරී තත්ත්වයට රජයත් ජනතාවත් කළ යුතු දේ ගැන උතුරේ ඇමති කියයි
හපත් සමාජයක් ගොඩ නැගීමට නම් මානව දයාවෙන් පිරි යහපත් පිරිසක් රට පාලනය කළ යුතු බවත් ,එවැනි අය තෝරා පත් කර ගැනීමට ජනතාව බුද්ධිමත් ව ක්‍රියාත්මක විය යුතු බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.

දරුවන් ගැන සංවේදී නොවන අය රට පාලනය කිරීමෙන් රටේ අනාගතය ද අඳුරු වන බව කී ඒ මහතා ,පාලකයන්ට දැක්මක් ඇත්නම් පෙර පාසල් විෂයට රජයේ ප්‍රමුඛතා ලේඛනයේ විශේෂ තැනක් හිමි විය යුතු යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ” සිසු නැණ පදනම ” මඟින් කළුතර දිස්ත්‍රික්
පෙර පාසල් ගුරුවරියන් වෙනුවෙන් සංවිධානය කළ අධ්‍යාපන චාරිකාවට සමගාමිව පැවැති වැඩමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි .

ඉකුත් 30 වැනිදා මහනුවර දී පැවැති එම වැඩමුළුවේදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

” මහජනයා රට පාලනය කරන්න තෝරා පත් කර ගන්නා නියෝජිතයන් විවිධාකාරයි .සමහරුන් ට කිසිදු දැක්මක් නෑ .සමහර අය තුළ මානව ගුණ ධර්ම පිහිටා ඇත්තෙත් නෑ .එවැනි අය එක්ක කොහොමද යහපත් රටක් හදන්නෙ කියා ප්‍රශ්නයක් ඇති වෙනවා .පරාර්ථ චර්යාවෙන් යුත් මහ ජන නියෝජිතයන්ගේ හිඟයක් අද අප රට තුළ පවතිනවා . පියල් නිශාන්ත මන්ත්‍රී වරයා මානව හිතවාදියෙක් වගේම දැක්මක් ඇති ජනතා නියෝජිතයෙක් .දේශපාලනයට අවශ්‍ය වන්නේ එවැනි අය .

පෙර පාසල් දියුණු කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය විශේෂ වැඩ සටහනක් එදා ක්‍රියාත්මක කළා .දරුවන් ගැන අප සියලු දෙනා අවධානය යොමු කරන්න ඕනෑ .ඔවුන් නියම පුරවැසියන් කිරීමට නම් අධ්‍යාපනය දියුණු කළ යුතුයි .පෙර පාසල යනු දරුවන්ගේ අනාගතය හැදෙන මුල් තැන .ඒ ගැන විශේෂ සොයා බැලීමකින් කටයුතු කිරීම රජයේ පරම වගකීමක් .එය අද සිදුවෙන බවක් පෙනෙන්නෙ නෑ .

දශක කීපයක් අප ජීවත් වුනේ බියකරු සමාජයක .ජීවිත ගැන විශ්වාසයක් තිබුනේ නෑ .බොහෝ දෙනෙක් මේ ගත කරන්නෙ අතිරේක ජීවිත .1989 -90 භීෂණ යුගයේ දී තරුණ තරුණියන් මරා දමා තිබෙන හැටි අපි දැක්කා .මානව හිමි කම් වෙනුවෙන් පෙනී සිටි එවකට මන්ත්‍රී වරයෙක් වූ වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විශාල තරුණ පිරිසක් මරණෙන් බේරා ගත්තා . එවැනි ඛේදනීය යුග යළි ඇති වෙන්න ඉඩ දිය යුතු නෑ .මිනිස්සු මනසින් දියුණු කරන්න ඕනෑ .එහෙම වෙන්න නම් ළමා කාලය නිසි පරිදි සකස් විය යුතුයි .ඒ සඳහා පෙර පාසල ඉතා වැදගත් .බොහෝ දුෂ්කරතා මැද පෙර පාසල් ගුරුවරියන් සිදු කරන්නේ සුවිශේෂී සේවයක් .එය කාගේත් අගැයීමට ලක් විය යුතුයි .” යැයි ද හෙට්ටිගේ මහතා කීය .

– Khmeedia


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 88-89 යුගයේදී මහින්ද රාජපක්‍ෂ මහතා තරුණයන් විශාල පිරිසක් මරණෙන් බේරා ගත්තා - කුමාරසිරි හෙට්ටිගේ
88-89 යුගයේදී මහින්ද රාජපක්‍ෂ මහතා තරුණයන් විශාල පිරිසක් මරණෙන් බේරා ගත්තා - කුමාරසිරි හෙට්ටිගේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidc5DoFglPaD5um8qa3j9Rweb5rNo1c7Q9Emk1fMvyEj8JiavOMnnx5ydiVNVj3fMUikGVaRT0NWsj9TpZJtMcyihc0GMfvV4ITF2tkUMKS_MDp8zm8dZcHQPRdy6Tk43twdgX-I06RMdS/s320/kumarasiri-hettige.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidc5DoFglPaD5um8qa3j9Rweb5rNo1c7Q9Emk1fMvyEj8JiavOMnnx5ydiVNVj3fMUikGVaRT0NWsj9TpZJtMcyihc0GMfvV4ITF2tkUMKS_MDp8zm8dZcHQPRdy6Tk43twdgX-I06RMdS/s72-c/kumarasiri-hettige.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/88-89.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/88-89.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy