ශ්‍රේ ෂ්ඨාධිකරණය විසින් වහා පවත්වන ලෙස නියෝග කර ඇති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. ම...
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වහා පවත්වන ලෙස නියෝග කර ඇති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඔක්තෝම්බර් 11 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙම මැතිවරණය එහි කොට්ඨාස 17 ම ජය ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
ස්ථිර වශයෙන්ම තම පක්ෂය එම මැතිවරණයේදී 60% ඉක්මවූ ප්‍රතිශතයක් ජය ගන්නා බවද ඔහු පැවසීය.
මීලග ජනාධිපතිවරණයට එන බව කියන සජිත් පේ‍්‍රමදාස මහතාට හැකිනම් පැමිණ ඇල්පිටිවේ මැතිවරණය මෙහෙයවා 40%ක් ලබා ගෙන පෙන්වන ලෙසද ඔහු අභියෝග කලේය.
මේ අතර එම මැතිවරණය මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කමිටුවක් පත් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනාම සහ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඇතුළත් වන පරිදි මෙම කමිටුව පත් කර ඇත.
මැතිවරණ මෙහෙයුම සිදු කරනු ලබන්නේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

COMMENTS