මේ එකෙක්වත් කාලකන්ණි ආණ්ඩුවෙන් අස් වෙන්නේ නැති බවත් දැන් මේ ප්‍රතිඵලත් එක්කලා එයාලට එන්න වෙයි කියන එක තමන්ගේ විශ්වාසය බව හිටපු ජනපති මහින්...
මේ එකෙක්වත් කාලකන්ණි ආණ්ඩුවෙන් අස් වෙන්නේ නැති බවත් දැන් මේ ප්‍රතිඵලත් එක්කලා එයාලට එන්න වෙයි කියන එක තමන්ගේ විශ්වාසය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ ඊයේ (29) මතුගම පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ජනාධිපතිතුමා අගමැතිට හොරා, අගමැතිගේ ගෝලයෝ ටික ජනාධිපතිට පික්පොකට් කාරයා කියනවා. මම දන්නේ නැහැ මොකක්ද මේ කියලා. ජනාධිපතිවරයා කියනවා මේ ආණ්ඩුව මේ අවුරුදු 03 ඇතුළත ට්‍රිලියන ගණනක් හොරකම් කරලා තියෙනවා කියලා. ලංකාවට ආපු සල්ලි මහ භාණ්ඩාගාරයේ දාන්නේ නැතුව පුද්ගලික ගිණුම් වලට දාලා තියෙනවා කියලා චෝදනා කරන්නේ ජනාධිපතිතුමා චෝදනා කරන්නේ තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු හා අගමැතිවරයා ගැන. මේ එකෙක්වත් කාලකන්ණි ආණ්ඩුවෙන් අස් වෙන්නේ නැහැනේ ඒකනෙ වැඩේ. දැන් අපි කියලා තියෙන්නේ එන්න කියලා මේ පැත්තට වහාම.”
“දැන් මේ ප්‍රතිඵලත් එක්කලා එයාලට එන්න වෙයි කියන එක තමයි මගේ විශ්වාසය. අද බලන්න තමුන්නාන්සේලාගේ ගම්මිරිස් ටික කොහොමද දැන්? විකුණ ගන්න පුළුවන්ද? මිලක් තියේද? ආ රබර් එහෙම කොහොමද? දැන් හුගක් ගණන් ඇති නේද? අපේ කාලෙට වඩා. හැබැයි මන් දන්නවා ගණන් ගිහිල්ලා තියෙනවා පොල් ගෙඩිය නම් නේද? ලුණු පොල්කට්ටේ ඉදලම ගණන් ගිහිල්ලා. සීනි ටික කොහොමද? සීයට අඩුද? පරිප්පු ටික 100ට අඩුද? මේවා දෙනවා කිව්වනේ අඩුවෙන්. අඩුවෙන් කන්න ජන්දේ දුන්නනේ. මෙයාල හැබැයි අඩු කරා මොකක්ද එකක්. බියර් එක නම් අඩු කළා. හොදයිනේ නේද හැන්දෑවට? ඒක වෙන්න ඇති. ජනතාව වැරදි මාර්ගයකට අරන් ගිහිල්ලා ජන ගහනය අඩු කරන, අපේ ජාතියේ විනාශය ඇති කරන වැඩපිළිවෙලකට යන්න මේ අය ලෑස්ති වෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS