දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහේන්ද්‍රන් ගෙන්වන්න පිටු 21,000 ක ලිපිගොනුවක් සිංගප්පූරුවට
Homeප්‍රවෘත්ති

මහේන්ද්‍රන් ගෙන්වන්න පිටු 21,000 ක ලිපිගොනුවක් සිංගප්පූරුවට

PropellerAds

ම හ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කර (උ...

දෙමටගොඩ චමින්ද වෙනත් තැනකට
ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්
හෝමාගමදී ටිපර් රථයක් දුම්රියේ ගැටෙයි
හ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කර (උදර්පනය කර) ශී‍්‍ර ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා සිංගප්පූරු රාජ්‍යය වෙත යැවීමට අවශ්‍ය පිටු 21,000 කට අධික ලේඛන සහිත උදර්පන ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය වෙත නීතිපතිවරයා විසින් ඊයේ (02 දා) පස්වරුවේ භාරදී ඇත.

එකී උදර්පන ඉල්ලීම් ගොනුවකට ඇතුළත් පිටු 21,000 කට සෑම ලේඛනයක්ම එකින් එක ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය විසින් සහතික කිරීමෙන් පසු වෙන් වෙන්ව ඉල්ලීම් ගොනු එලෙස එකී අමාත්‍යාංශය වෙත භාරදීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ට කීවාය.

උදර්පන නීතිය අනුව යම් රටක රැුඳී සිටින හෝ පදිංචිව සිටින සැකකරුවකු හෝ විත්තිකරුවකු ගෙන්වා ගැනීමට පෙර කොන්දේසි කිහිපයක් සපුරාලීම අත්‍යවශ්‍ය කරුණක් බවත් එකී කොන්දේසි සපුරාලීමෙන් පසුව එම ඉල්ලීම එම රටින් කළ යුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය මගින් බවත් රජයේ අධිනීතිඥවරිය ප‍්‍රකාශ කළාය.

නීතිපතිවරයා විසින් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පසුගිය ජුනි 28 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමෙන් පසුව නීතිපතිවරයාගේ ඉල්ලීම අනුව එකී අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීම අනුව එකී උදර්පන ඉල්ලීම කිරීමට අවශ්‍ය කොන්දේසි සපුරා ඇතැයි ද රජයේ අධිනීතිඥවරිය එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

එම විත්තිකරු අත්අඩංගුවට ගැනීමට ඊට පෙර කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තු නියෝගය හා ශී‍්‍ර ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය මගින් ලබාගත් රතු නිවේදනය ද එකී ලේඛන අතර ඇතැයි පෙන්වා දුන් රජයේ අධිනීතිඥවරිය එකී සෑම ලේඛනයක්ම නිසි අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවට යැවීමට භාරදී ඇති බව පැවසුවාය. ඒවා එරටට භාරදීමෙන් පසුව වසර ගණනාවක් නීතියෙන් වසන් වී සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා කඩිනමින් ශී‍්‍ර ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට පැමිණවීමට අපේක්ෂා කරන බව ද ඇය ප‍්‍රකාශ කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහේන්ද්‍රන් ගෙන්වන්න පිටු 21,000 ක ලිපිගොනුවක් සිංගප්පූරුවට
මහේන්ද්‍රන් ගෙන්වන්න පිටු 21,000 ක ලිපිගොනුවක් සිංගප්පූරුවට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPVzdGQtoxZ6pvgU9TtOPJOsqPmmzKEUBsvGOyNlpcVgXwbyaGLN_mUDNSPtfz4tBnvJf6LVE1L4vj-GOChj7x7E2L2Glxqa4J1De6VUmckBjUo1xwntUVtmI2QITJtDhyphenhyphennM5MYNsK_XNA/s320/arjuna-mahendran.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPVzdGQtoxZ6pvgU9TtOPJOsqPmmzKEUBsvGOyNlpcVgXwbyaGLN_mUDNSPtfz4tBnvJf6LVE1L4vj-GOChj7x7E2L2Glxqa4J1De6VUmckBjUo1xwntUVtmI2QITJtDhyphenhyphennM5MYNsK_XNA/s72-c/arjuna-mahendran.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/21000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/21000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy