හාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී මරණ දණ්ඩනය නියමවූ චමින්ද රවී නොහොත් දෙමටගොඩ චමින්ද නමැත්තා අද (09) පෙරවරු 8.45 පමණ වැලිකඩ බන්ධනාග...
හාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී මරණ දණ්ඩනය නියමවූ චමින්ද රවී නොහොත් දෙමටගොඩ චමින්ද නමැත්තා අද (09) පෙරවරු 8.45 පමණ වැලිකඩ බන්ධනාගාරයේ සිට මහනුවර, පල්ලෙකැලේ පිහිටි බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙන ගොස් තිබේ.
විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගර බස් රථයකින් ඔහු රැගෙන ආ අතර පොලිස් විශේෂ කාර්යය බලකාය හා පොලීසිය විසින් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකසා තිබිණ.
ආරක්‍ෂක පියවරක් ලෙස ඔහු එලෙස බෝගම්බර බන්ධනාගාරයට මාරුකර ඇති බව වාර්තා වේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාද බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කිරීමට කලින් සැලසුම් කර තිබුණු නමුත් එය තවදුරටත් ප‍්‍රමාද කිරීමටයි බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබේ.
මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකු ඊයේ (08) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන එනු ලැබීය.
COMMENTS