අද (09) උදෑසන හෝමාගම - නගර සීමා මාවතේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටුණු ටිපර් රථයකට අලාභ හානි සිදුවී තිබේ. මරදානේ සිට හෝමාගම බලා උද...
අද (09) උදෑසන හෝමාගම - නගර සීමා මාවතේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටුණු ටිපර් රථයකට අලාභ හානි සිදුවී තිබේ.
මරදානේ සිට හෝමාගම බලා උදෑසන 05.00 ට පිටත් වූ දුම්රියේ මෙම ටිපර් රථය ගැටී ඇති අතර ටිපර් රථයේ රියදුරාට හෝ කිසිවෙකුට ඉන් හානියක් සිදුවී නොමැත.
මෙම දුම්රිය හරස් මාර්ගයේ ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටු යොදා තිබුණ ද අනතුර සිදුවන අවස්ථාවේදී ඒවා ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.
අනතුරු ඇගවීමේ ආලෝක සංඥා පුවරු ද ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් අද උදෑසන කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වලටද බාධා ඇතිවී තිබේ.
COMMENTS