ආ ණ්ඩුවට මොන තරම් ප‍්‍රශ්න ආවත් ඒවාට සාර්ථකව මුහුණ දී රට ගොඩනගා ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කර ඇතැයි ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජසවිබල ගැන්ව...
ආණ්ඩුවට මොන තරම් ප‍්‍රශ්න ආවත් ඒවාට සාර්ථකව මුහුණ දී රට ගොඩනගා ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කර ඇතැයි ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජසවිබල ගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා පැවසීය.
ලංකා තෙල් සැපයුම්කරුවන්ගේ සංගමයේ 47 වන වාර්ෂික මහා සභා වාරය නිමිත්තෙන් කොළඹ කිංග්ස්බර් හෝටලයේදී පැවති සමුළුව අමතමින් ඇමැතිවරයා එසේ කීය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
සිපෙට්කෝ ආයතනයත් ලංකා තෙල් සැපයුම්කරුවන් අතරත් සිදුවන ගනුදෙනු ‘ඔන්ලයින්’ ක‍්‍රමයට සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි තාක්‍ෂණය සමග ඉදිරියට යා යුතුයි. එවිට කාලයත් මුදලත් ඉතිරි කරගැනීමට පුළුවන්.
රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ අද සේවක අතිරික්තයක් තිබෙනවා. ලක්‍ෂ තුනහමාරක සේවක පිරිසකගෙන් සමස්ත රාජ්‍ය සේවයම කි‍්‍රයාත්මක කළ හැකියි. 2005 දී මහින්ද රාජපක්‍ෂ රට භාර ගන්නා විට තිබුණේ ලක්‍ෂ 5 ක රාජ්‍ය සේවයක්. ලක්‍ෂ පහකට තිබුණු රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 2015 දී ඔහු ලක්‍ෂ 16 දක්වා වැඩිකර තිබුණා. ඒත් රාජ්‍ය සේවකයෝ ප‍්‍රමාණය අඩු කළ යුතුයි. රාජ්‍ය සේවකයන් සඳහා අපේ ආණ්ඩුවෙන් වැටුපට එකතු කළ රුපියල් 2500 වැටුප් වැඩිවීම සඳහා බිලියන 49 ක් වසරකට වැඩිපුර වැය වෙනවා. ඒත් ඔවුන්ගේ නිෂ්පාදනයේ ධාරිතාව ඉන් වැඩි වෙන්නේ නැහැ. ඔවුන්ට දැන් ලැබෙන වැටුපත් ප‍්‍රමාණවත් නැහැ. ඒ වගේම සමෘද්ධි දීමනාව සඳහා ද වසරකට වැය වෙන්නේ රුපියල් බිලියන 50 යි. ඒත් එම මුදලින් සමෘද්ධිලාභීන් දෙපයින් නැගී සිටිය හැකි ජනතාවක් බවට පත් කරනවා.
පසුගිය මාස කිහිපය තුළ ලක්‍ෂ 6 කට මම සමෘද්ධිය ලබා දුන්නා. ඒත් ඊට පෙර වසර 15 ක් තිස්සේ එකම පිරිසක් පමණක් සමෘද්ධිය ලබමින් සිටියා. සමෘද්ධිලාභීන්ගෙන් සියයට 83 ක් ම හිටියේ ඒ පිරිසයි. සමෘද්ධිය ලැබිය යුතු පිරිසට වසර 21 ක් පුරා එය ලැබුණේ නැහැ. සමෘද්ධිය සඳහා මේ වසරේ ද මම රුපියල් බිලියන 10 ක් වැඩිපුර වෙන් කර ගත්තා. වාඩිවෙන්න මේසයක් පුටුවක් නැතිව භාරගත් අමාත්‍යාංශයක් මගින් සමාජ සවිබල ගැන්වීමෙන් මෙන්ම හැම අංශයකින්ම අපි ඉදිරියට ඇවිත් තිබෙනවා. ප‍්‍රාථමික කර්මාන්ත ද අපි ඉහළ නංවා තිබෙනවා. කුළුබඩු අංශයේ සියයට 39 ක ප‍්‍රගතියක් අපි අත්පත් කර ගත්තා. ඒත් ගම්මිරිස් මිල අඩු වුණා. සමහරු අපට ඒ ගැන චෝදනා කරනවා. වසරක් පාසා ගම්මිරිස් පරිභෝජනය සියයට 10 කින් වැඩි වෙනවා. ඊට සරිලන නිෂ්පාදනයක් ලබා දෙන්න ලෝකයේ කාටවත් පුළුවන්වෙලා නැහැ.
අපේ රටට අමතරව තායිලන්තය, ඉන්දියාව ඉන්දුනීසියාව, මැලේසියාව, යේමනය, බ‍්‍රසීලය සහ කාම්බෝජය ගම්මිරිස් වගා කරනවා. ඉන්දියාව සහ තායිලන්තය ඒවා අපනයනය කරන්නේ නැහැ. වියට්නාමය ලෝක වෙළෙඳපොළේ ගම්මිරිස් අපනයනයෙන් සියයට 60 ක් අත්කරගෙන තිබෙනවා. අපට තිබෙන්නේ සියයට 5 ක පමණ ප‍්‍රමාණයක්. ඒ සියයට 60 තව දුරටත් තියාගන්න ඔවුන්ගේ ආණ්ඩුවෙන් ගම්මිරිස් වගාවට ආධාරයක් ලබා දුන්නා. ඉන් පසුව ගම්මිරිස් මිල වැඩි වී ටොන් එකක මිල ඩොලර් 12500 දක්වා ඉහළ ගියා. ගොවීන් විශාල වශයෙන් ගම්මිරිස් වගාවට එකතු වුණා. ඒත් අද ගම්මිරස් ටොන් එකක මිල ඩොලර් 2000 යි. ඩොලර් 12500 ඩොලර් 2000 ට අඩුවෙලා. ඒ විතරක් නොවෙයි අද වියට්නාමයේ ගම්මිරිස් යුරෝපීය රටවල් පරිභෝජනය නොකරන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා ගම්මිරිස් මිල පහළ යෑම අපට විතරක් බලපෑ කරුණක් නොවන බව කිව යුතුයි.
අද රටේ බැංකු පොලී අනුපාතය ඉහළයි. එය පහළ මට්ටමට ගෙන ආ යුතුයි. එජාප ආණ්ඩු කාලයන්හිදී බැංකු පොලී අනුපාතය අඩු බවට රටේ මතයක් තිබෙනවා. ඒ නිසා සියයට 10 ට වඩා අඩු මට්ටමට බැංකු පොලී අනුපාතය ගෙන ආ යුතුයි. එය නුදුරු අනාගතයේදී අනිවාර්යයෙන් සිදු කර ව්‍යාපාරිකයන්ට හොඳ කල දවසක් උදාකර දීම අපේ අරමුණයි. ඒ වගේම මේ රට ඉදිරියට ගෙන යාමට නම් කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රය ඉහළ නැංවිය යුතුයි. කෘෂිකර්මයේ අගයදායම වැඩි කළ යුතුයි. ඒ සඳහා මම ලෝක බැංකුවෙන් ව්‍යාපෘතියක් ලබා ගත්තා. ඒ ව්‍යාපෘතියෙන් ලැබෙන මුදලින් කෘෂිකර්මාන්ත ක්‍ෂේත‍්‍රයට අදාළ අගයදාමය ඉහළ නැංවීමේ ආයෝජන සඳහා රුපියල් ලක්‍ෂ 7 1/2 සිට ලක්‍ෂ 750 දක්වා සහනාධාර මුදලක් ලබා දෙනවා.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති අනෝමා ගමගේ මහත්මිය ද මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියාය.
– මාධ්‍ය අංශය

COMMENTS