දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටින්ට යලි පණ දෙන්න හදන ස්විට්සර්ලන්තයේ "බානු"
Homeප්‍රවෘත්ති

කොටින්ට යලි පණ දෙන්න හදන ස්විට්සර්ලන්තයේ "බානු"

PropellerAds

වවුනියාවෙන් යළි හිස එසවීමට සූදානම් වන කොටි රැළ මෙහෙයවනු ලබන්නේ ස්විස්ටර්ලන්තයේ සිටින ''බානු'' නැමති ප්‍රබල  කොටි සාමාජිකයා...

දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය සිට එන මගීන්ට කටුනායක ගුවන් තොටුපල වසා දැමේ.. ඇතුලුවීම තහනම් කෙරේ !
ලංකාවට එන චීනුන් නිරෝධායනය කරන්න ඕනෙ නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි
හමුදාපති කොරෝනා නිරෝධායනය ගැන ප‍්‍රකාශ නිකුත් කරන්නේ කෙසේද.. මේක හමුදා රාජ්‍යයක්ද?- JVP
කොටින්ට යලි පණ දෙන්න හදන ස්විට්සර්ලන්තයේ

වවුනියාවෙන් යළි හිස එසවීමට සූදානම් වන කොටි රැළ මෙහෙයවනු ලබන්නේ ස්විස්ටර්ලන්තයේ සිටින ''බානු'' නැමති ප්‍රබල  කොටි සාමාජිකයා බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබේ.

එම කොටි සාමාජිකයා ඉන්දියාවේ පුහුණුව ලැබ කාලයක් කොටි සංවිධානයට සේවය කොට  කොටි හා රජය අතර ස්විස්ටර්ලන්තයේදී සාම සාකච්ඡා පැවැත්වූ කාල වකවානුවේදී ඔහු ස්විස්ටර්ලන්තයට පැන එහි සිට කොටි සංවිධානයට සහය දැක්වූ අයෙකු බවද අනාවරණය වී තිබේ.

යුරෝපා රටවල සිටින දෙමළ ඩයස්පෝරාවේ පිරිසට එහි රැදී සිටීමට්ටහ් කොටි වෙණුවෙන් යැයි කියමින් ආධාර රැස් කිරීමටත් පරිසරය සකසා ගත හැකි වන්නේ උතුරු පළාත තුළ කොටි ක්‍රියාකාරකම් පැවතියහොත් පමනක් බව ආරක්ෂක අංශ කියා සිටියි.

මේ නිසා කෙසේ හෝ කොටි යළි හිස එසවීමට සූදානම් වන බවත් උතුරු ප්‍රදේශය තුළින් මේ වන විට අවස්ථා හයකදී ඔවුන් නැගී සිටීමට උත්සහ කළත් ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් පිළිබදව තොරතුරු ආරක්ෂක අංශ අතට පත් වීම නිසා ඔවුන්ට එසේ කිරීමට නොහැකි වූ බවද යළි නැගිටීමට උත්සහ දරණ කොටි රැල පිළිබදව පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ කියා සිටියි.

ඔවුන්ට යළි නැගිටීම සදහා කාලයක් කොටි සංවිධානයේ  සේවය කොට විවිධ රටවලට පළාගොස් සිටින ප්‍රබල සාමාජිකයින් උදව් කරණ බවත් ඔවුන් ඉන්දියාවට පැමිණ එහි සිට වරින් වර බෝට්ටු ඔස්සේ උතුරට ළගා වන බවටත් ආරක්ෂක අංශ තොරතුරු සොයා ගෙන තිබේ.

මුලතිව් ඔඩ්ඩිසුඩාන් පළාතේදී විශාල ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග හමුවූ කොටි නායකයා පැමිණ ඇත්තේද ඒ ආකාරයට බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී ඇත.

වවුනියාවේදී තැනින් තැන විවිධ දේ සිදු කරමින් යළි නැගී සිටීමට උත්සහ දරණ කොටි රැල ස්ථාන කීපයක සිට කටයුතු කරණු ලැබුවත් ඔවුන් අතර ජාලාත්මක සංවිධාන ව්‍යුහයක් හා සැලැස්මක් ඇති බව ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

වවුනියාවේ පුලියන්කුලම පුතූර් ප්‍රදේශයේදී බෝම්බ මල්ලක් දමා පළාගිය කොටි ප්‍රබලයා හා ඔහුගේ සගයා අත් අඩංගුවට ගැනීමට හැකිවුවහොත් මේ සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රාශියක්ම අනාවරණය කරගැනීමට හැකි වන  බවද පරීක්ෂණ මෙහෙයවන ආරක්ෂක අංශ නිලධාරීහු කියා සිටිති.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටින්ට යලි පණ දෙන්න හදන ස්විට්සර්ලන්තයේ "බානු"
කොටින්ට යලි පණ දෙන්න හදන ස්විට්සර්ලන්තයේ "බානු"
http://am.lk/media/k2/items/cache/9a126c135a2670f4d10cd0dd64b924b8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_164.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_164.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy