එ ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ අරලිගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න...
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ අරලිගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
මෙම හමුව ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ ව ඇති වී තිබෙන අර්බුදය මේ වනතෙක් විසඳී නැත.
රනිල් පාර්ශව පවසන්නේ සන්ධානය බිහි කිරීමෙන් පසුව ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත යුතු බව වුවත් සජිත් පාර්ශවය පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් අපේක්ෂකයා තෝරා ගෙන සන්ධානය පසු බිහි කළ යුතු බවයි.
මීට පෙර පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ද ඉතා උණුසුම් විය.
මේ අතර අරලියගහ මන්දියේ ආරක්‍ෂාව වෙනුවෙන් අමතර ආරක්‍ෂක බල ඇණි සුදානමින් තබන ලෙස උපදෙස් ලැබී තිබේ.
මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී මැති ඇමතිවරුන් සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ සිය හිතවාදීන් කැදවමින් පණිවුඩ තබමින් සිටිති.

COMMENTS