ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහ මැතිවරණය ජයග්‍රහණය කළහොත් නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අමාත්‍ය තනතුරු තුනක් හිස්ව තැබීමට සැලැසුම්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහ මැතිවරණය ජයග්‍රහණය කළහොත් නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අමාත්‍ය තනතුරු තුනක් හිස්ව තැබීමට සැලැසුම්කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ ඉදිරියේදී එම ආණ්ඩුවට සහාය දීමට එක්වන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සඳහා පිරිනැමීමට බව පැවසේ.
කෙසේ වෙතත් පත් කෙරෙන කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුවම පත් කිරීමට නියමිත බවද පැවසේ.
රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය කාර්යය පැවරමින් ඔවුන් ශක්තිමත් කිරීමට ද සැලැසුමක් ඇතැයි වාර්තා වේ.
එසේම එකම විෂයකට අදාළ එහෙත් දැනට අමාත්‍යංශ ගණනාවක විසිර ගොස් ඇති කැබිනට් විෂයන් සංයුක්ත කොට නව අමාත්‍යංශ කිහිපයක් නිර්මාණය කිරීමට ද නියමිත බව පැවසේ.
ප්‍රාදේශීය සංවර්ධන, කෘෂි අංශය දියුණු කිරීම, ජල සම්පාදනය, අපනයන කෘෂිකර්මය දියුණු කිරීම වැනි කටයුතු සඳහා ඉදිරි රජයේ ප්‍රමුඛතාව ලබාදීමට ජනපති වෙනම සැලැසුමක් ඉදිරිපත් කිරීමට නියමිත බවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි වාර්තා කරයි.
-srilankamirror

COMMENTS