දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ නිල නිවාස දෙන්න බෑ කියා ගෝඨාභයට පන්සලකට යන්න කියයි
Homeප්‍රවෘත්ති

රජයේ නිල නිවාස දෙන්න බෑ කියා ගෝඨාභයට පන්සලකට යන්න කියයි

PropellerAds

‘පාර්ලීමෙන්තු මන්ත්‍රීවරු වහල්ලු කරලා සුපර් මැන් කෙනෙක් හැදුවා.අන්තිමට සුපර් මැන් මොකද කරේ?රටත් විනාශ කරලා රට දාල ගියා.එහෙම කරලා නැවත මොකද...

මැයි මාසයේදී ආණ්ඩුවේ ලොකු වෙනසක්! සාකච්ඡා අවසන් – සුබ නැකැත් හදයි!
IMF ආධාර නැත්නම් තව සති දෙකක් රට දුවන්න බෑ… බන්දුල ගුණවර්ධන
අද රෑට පළාත් පාලන ආයතන 340ම ඉවරයි! ඒත් ඡන්දෙ?
‘පාර්ලීමෙන්තු මන්ත්‍රීවරු වහල්ලු කරලා සුපර් මැන් කෙනෙක් හැදුවා.අන්තිමට සුපර් මැන් මොකද කරේ?රටත් විනාශ කරලා රට දාල ගියා.එහෙම කරලා නැවත මොකද කරේ? රජයේ නිවසක විශ්‍රාම සුවයෙන් ඉන්නවා.ලැජ්ජා නැ.අපේ රටට කරපු දෙයට යන්න පන්සලකට වෙලා ඉන්න .පවු සමා කර ගන්න’ යයි විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 
පාර්ලිමේන්තුවේදි 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදයට සහබාගි වෙමින් ඔහු මෙසේ අදහස් පල කරන ලදී.

‘විජේදාස අමාත්‍යවරයා ව්‍යවස්ථාව හදන හැටි කිව්වා නමුත් 20 හදනකොට මේ ආකාරයෙන් කටයුතු කරේ නැ.ඒකයි මට කණගාටුව.මොකද 20වැනි ව්‍යවස්ථාව ගෙනාවේ හිතුවක්කාර විදියටයි.කවුද 20 හැදුවේ?පාර්ලීමෙන්තුවේ තේරුම් කාරක සභාවක් හරහා ආවේ නැ.ගොඨාභය මහතාගේ නඩු කතා කරපු නීතිඥය මහත්වරු එකතු වෙලා පාර්ලිමෙන්තුවෙන් පිට ව්‍යවස්ථාව හැදුවා.එතකොට කථානායකතුමා ආංශික අධීක්ෂණ කාරක සභා , ස්ථාවර නියොග අත්හිටුවලා අපි දැකපු නැති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලීමෙන්තුවට ගෙනාවා.ඒ ක්‍රමය හරිද ? එදා විජේදාස මැතිතුමා මේවට විරුද්ධ වුනේ නැ.තමන් ඉන්න පක්ශය අනුව ව්‍යවස්ථා හදන්න බැ ව්‍යවස්ථා හදන්න ප්‍රතිපත්තියක් තියෙන්න ඕන කොයි පැත්තක හිටියත්.මෙතුමා 19ට චන්දය දුන්නා.20ටත් චන්දය දුන්නා.අද කියනවා 20ත් එපා කියලා.මොකක්ද මේ විකාර? මෙ වගෙ පාර්ලිමෙන්තුවක ඉන්න අපිට නම් හිරිකිතයි.හැරෙන හැරෙන පැත්තට කතා කරනවා.20 ගෙනාවාම මම සංශෝධන 20ක් ගෙනාවා .මොකද 20 , 19ට කිට්ටු කරන්න.ඒ ඔක්කෝම ප්‍රතික්ශේප කරා.එ ඇමතිවරයත් අතන හැංගිලා ඉන්නවා.

20 වැනි ව්‍යවස්ථාව ගෙනාවම අපේ රටට ලැබෙන ජාත්‍යන්තර සහයොගය නැති වෙනවා කියලා අපි දැන ගත්තා ඒකයි අපි සංශොධන හරහා 19ට ලන් කරන්න හැදුවෙ.විජේදාස මැතිතුමා සහ අලි සබ්‍රී මැතිතුමා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගියා සති දෙකකට කලින්.මොකක්ද කිව්වේ? 2020 ඔක්තොබර් මාසේ 20 වැනි ව්‍යවස්ථා සංශොධනය හරහා නැවතත් හදුන්වාදෙන ලද ප්‍රබල විධායක ජනධිපති ක්‍රමයක් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික,දේශපාලන අර්බුදය හෙලිදරව් විය.එම සංශොධනය මගින් මානව හිමිකම් කොමිසම,ජාතික පොලිස් කොමිසම, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම, අධිකරණය වැනි ප්‍රධාන කොමිසම් සභාවන්හි ස්වාධිනතවය සෝදා පාළුවට පත් වුනා.එක්සත් ජාතින් තමයි මෙහෙම කියන්නේ.

ආන්ඩුව අද වසර 3ක් රට විනාශ කරා,පාර්ලීමෙන්තුවේ , අගමැතිවරයාගේ , කථානායකතුමාගේ බලතල ජනාධිපතිවරයාට දුන්නා.පාර්ලීමෙන්තු මන්ත්‍රීවරු වහල්ලු කරලා සුපර් මැන් කෙනෙක් හැදුවා.අන්තිමට සුපර් මැන් මොකද කරේ?රටත් විනාශ කරලා රට දාල ගියා.එහෙම කරලා නැවත මොකද කරේ? රජයේ නිවසක විශ්‍රාම සුවයෙන් ඉන්නවා.ලැජ්ජා නැ.අපේ රටට කරපු දෙයට යන්න පන්සලකට වෙලා ඉන්න .පවු සමා කර ගන්න.ඉංදියාවේ නායකයෝ එහෙමයි කරන්නේ.මම ඔහොම කරා නම් රජයේ නිවාස එපා කියලා පැල්පතක ඉන්නවා.

අද අපේ රට ඉවරයි.රුපියල් නැ ඩොලර් නැ .අපි ඩොලර් මිලියන 7800 ඉතුරු කරලයි ගියේ.ගිය මාසේ මහා බැංකු අධිපති කිව්වාම තමයි දන්නේ ඩොලර් මිලියන 20ට සංචිත අඩු කරලා කියලා.ඔක්කොම හොරෙන් .

අපි අද 22වැනි සංශෝධනයට සහයොගය දෙන්නේ ආණ්ඩුව බේරා ගන්න නොවෙයි, රට බේරා ගන්නයි.ජනතාව අසරන වෙලා,කන්න නැ.

ඇත්ත වශයෙන්ම මොන ආණ්ඩුවක් හිටියත් අපේ රටට ජත්‍යන්තර සහයොගය අවශ්‍යයි.එම නිසා රට වෙනුවෙන් අපේ සහයොගය අපි ලබා දෙනවා.

මෙ ව්‍යවස්ථා සංශොධනය පාර්ලිමෙන්තුවේ සරල බහුතරයකින් සම්මත කරන්න පුළුවන් කියලා පාර්ලීමෙන්තුවේ නිළධාරි මණ්ඩලය කිව්වා.තාම ලණු දෙන්නේ.අපේ වාසනාවට එදා නිතීපතිතුමා ආවා .මම මේ ගැන නිතීපති තුමාගෙන් අහුවාම එතුමා කිව්වා තුනෙන් දෙකක් අවශ්‍යයි කියලා.

දැන් බස් එක ගිහිල්ලා ඉවරයි.වසර 3ක් රට විනාශ කරා.මේ ව්‍යවස්ථා සංශොධන ගෙන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ආදරයටවත් , මානව හිමිකම් සදහා ආදරයටවත් නෙවෙයි.ජාතයන්තර ආධාර ලබා ගන්නයි මේක කරන්නේ.දැන් රට විනාශ කරලා ඉවරයි, ආණ්ඩුවේ කාලේ ඉවරයි දැන්වත් මේක දාල යන්න.ජානාධිපති,අගමැති,මුදල් ඇමති, කැබිනට් මණ්ඩලය හැමොම දාල ගියා.රට බංකොලොත් කරපු අයට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැ ඒක මතක තියා ගන්න.අනික වසරකට අපිට වියදම ඩොලර් බිලියන 12ක් ඕනේ.ජාතයන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 යි. මේ ප්‍රශ්ණය විසදන්න ලේසි නැ’

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ නිල නිවාස දෙන්න බෑ කියා ගෝඨාභයට පන්සලකට යන්න කියයි
රජයේ නිල නිවාස දෙන්න බෑ කියා ගෝඨාභයට පන්සලකට යන්න කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia9M8W34RPEAv3AKkIJo-Srbzf-YKS4qiDsA3Wgp0_51AmeR8nxXXyVbZy3E_MBAC27quvAAEajicYq1q0wjucsfqY1B9CeRSrGFytSheQppVf1mGmdS517KIBcgC-2c5f5Hc8nIIh86Z9WGPGnDfd97vaRNFzfUa6FCnNsueXLs1jXZoHRHqgOxV3TQ/s320/president-gotabaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia9M8W34RPEAv3AKkIJo-Srbzf-YKS4qiDsA3Wgp0_51AmeR8nxXXyVbZy3E_MBAC27quvAAEajicYq1q0wjucsfqY1B9CeRSrGFytSheQppVf1mGmdS517KIBcgC-2c5f5Hc8nIIh86Z9WGPGnDfd97vaRNFzfUa6FCnNsueXLs1jXZoHRHqgOxV3TQ/s72-c/president-gotabaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy