ජ නාධිපතිවරණ අපේක්‍ෂකත්ව ගැටලුව හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ බෙදීම කිසිවෙකුටත් වැළක්විය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන...
ජනාධිපතිවරණ අපේක්‍ෂකත්ව ගැටලුව හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ බෙදීම කිසිවෙකුටත් වැළක්විය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පිටබැද්දර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිටබැද්දර ක්‍රියාකාරීන් සඳහා ඇගයීම් පත්‍ර ප්‍රධානොත්සවයකට සහභාගී වෙමිනි.
වැඩි දුරටත් මෙසේ පැවසීය.
ආණ්ඩුවට දැන් අපේක්ෂකයෙක් හොයාගන්න බැරිව ඉන්නේ.රනිල් වික්‍රමසිංහ මහත්තයා එක පැත්තකින් කියනවා එයා තරඟ කරන්න ඕන කියලා කියනවා.එතුමාගේ අවසාන අවස්තාව වගේ කියලා අපිට පේනවා.සමහරු කියනවා අපිට ඕන සජිත් ප්‍රේමදාස කියලා.ආරංචියක් තියෙනවා හෙට අනිද්දා කරූ ජයසුරිය මහත්තයා කතානායක තනතුරෙන් ඉවත්වෙලා ජනාධිපතිවරණයට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා කියලා.සරත් ෆොන්සේකා මහත්තයා එහා පැත්තෙන් ඉල්ලනවා තරඟ කරන්න ඕන කියලා.රාජිත,චම්පික මේ අයත් කියනවා සුදුසුකම් තියෙනවා කියලා.අද ආණ්ඩු පක්ෂය ඇතුලේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිසා බෙදීමක් ඇතිවෙලා තියෙනවා.
ජනාධිපතිවරණය නම් කරලා,අපේක්ෂකයෙකු තේරුවත් ඒ බෙදීම කාටවත් වලක්වන්න බැහැ. පසුගිය දවසේ අපි දැක්කා මාතර රැස්වීමක් තියෙනවා.මාතර කැබිනට් ඇමතිවරු තුන්දෙනෙක් ඉන්නවා.එත් ඒකට සාගල රත්නායක මහත්තයා සහභාගී වුනේ නෑ.හැම දිස්ත්‍රික්කයකම තත්වය ඕකයි.සජිත් ප්‍රේමදාස මහත්තයා එනවා කිව්වම බදුල්ල දිස්ත්‍රික්කයේත් මන්ත්‍රීවරු වර්ජනය කළා.කළුතර දිස්ත්‍රික්කයට ගියාම රාජිත සේනාරත්නලා,තෙවරප්පෙරුමලා වර්ජනය කරනවා.කොළඹට ගියාම රවී කරුණානායක වර්ජනය කරනවා.නුවරට ගියාම කිරිඇල්ලලා වර්ජනය කරනවා.බෙදීමක් තියෙනවා.රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවා කිව්වොත් අන්න සජිත්ගේ වේදිකාවේ නගපු උදවිය ඉවත්වෙලා යනවා.
ජනතා විමුක්ති පෙරමුණ තව පැත්තකින් අපේක්ෂකයෙක් දාලා තියෙනවා.අනුර කුමාර දිසානායක මහත්තයා.ඒ දාලා තියෙන්නේ රටට ආදරේට නෙමෙයි.ඒක දාලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සහයෝගයට.සමහර වෙලාවට අපි හිතනවා මැතිවරණය අවසන් වෙන්න ඉස්සෙල්ලා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෝ අන්තිම සතියේ ඉවත්වෙලා කියනවා අපි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට උදව් කරනවා කියලා.බලාගෙන ඉන්නවා අනුර කුමාර දිසානායක මේ මැතිවරණය අවසානය වෙනකම් ඉන්නවද කියලා.
– දෙනියාය ප්‍රියංක ගමගේ

COMMENTS