දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමැතිවරුන් භාවිත කළ කෝටි ගණනක සැප වාහන කිහිපයකට වෙච්ච දෙයක් නෑ !
Homeප්‍රවෘත්ති

ඇමැතිවරුන් භාවිත කළ කෝටි ගණනක සැප වාහන කිහිපයකට වෙච්ච දෙයක් නෑ !

PropellerAds

උ තුරු මැද හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු ඇමැතිවරුන් භාවිත කළ අධි සුඛෝපභෝගී නිල රථවාහන හතක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කා...

“මට හොඳට සැලකුවා.. මං කිව්වා කන්න ඕන නෑ කියලා“ - ප්‍රකාශයක් දෙන්න ගිය අශෝක් අබේසිංහ CIDය ඇතුළේ වුණ දේ කියයි
කීප දෙනෙක් මඩ ගැහුවට බැසිල් තමයි ජනාධිපතිකමට නියම සුදුස්සා : පොහොට්ටුවෙන් නිල ප්‍රකාශයක් - (video)
හිරුණිකාගේ ප්‍රශ්නයෙන් අධිකරණ ඇමැති සසල වෙයි : වහා උත්තර හොයයි
තුරු මැද හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු ඇමැතිවරුන් භාවිත කළ අධි සුඛෝපභෝගී නිල රථවාහන හතක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලය යටතට ගැනීමෙන් පසුව ඉන් කිහිපයක් දක්නට නැති බව පළාත් සභා සේවක පිරිසක් අනාවරණය කළහ.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා භාවිත කළ අධි සුඛෝපභෝගී වී - එයිට් රථයක්, ප්‍රාඩෝ රථයක් බැකප් වර්ගයේ රථයක් හා පළාත් කෘෂිකර්ම වාරිමාර්ග හා සෞඛ්‍ය හා සමුපකාර අමාත්‍යවරුන් භාවිත කළ ප්‍රාඩෝ රථ තුනක් හා ටර්සල් වර්ගයේ රථයක් ඇතුළු රුපියල් කෝටි 15කට අධික රථවාහන හතක් ආණ්ඩු කාර්යාලය යටතට පවරාගෙන තිබේ.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා භාවිත කළ වී - එයිට් වර්ගයේ රථය ආණ්ඩුකාරවරයා භාවිත කරන බව කියන සේවකයන් ඒ මහතාට ඊට අමතරව මර්සඩීස් බෙන්ස් රථයක්, බී.එම්.ඩබ්ලිව්. අධි සුඛෝපභෝගී රථ දෙකක් හා සුඛෝපභෝගී ජීප් රථයක් නිලයට ලැබී ඇති බව ඔවුහු පැවැසූහ. හිටපු ආණ්ඩුකාරවරුන් වන කරුණාරත්න දිවුල්ගනේ, පී.බී. දිසානායක යන මහත්වරුන් මෙම රථ භාවිත කර තිබිණි. පී.බී. දිසානායක මහතා රුපියල් කෝටි ගණනක් වැය කර පසුගිය සමයේ එම ජීප් රථය මෙරටට ආනයනය කර තිබිණි.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි ගණනක් වටිනා තවත් ප්‍රාඩෝ රථයක් පොළොන්නරුව නගර සභාවේ නගරාධිපතිවරයාට ලබාදී තිබෙන බවත්, තවත් ප්‍රාඩෝ රථයක් හිටපු පළාත් සභා අමාත්‍ය හා වර්තමාන ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් සරත් ඉලංගසිංහ මහතා භාවිත කරන බවත් ඔවුහු පැවැසූහ. සෙසු රථ කිහිපය කවුරුන් විසින් භාවිත කරන්නේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැන නැඟී තිබෙන බව පවසන පළාත් සභා සේවකයෝ ඒ පිළිබඳව මෙසේ පැවැසූහ. ආණ්ඩුකාරතුමන් පාවිච්චි කරන, ලේකම්වරයා පාවිච්චි කරන හා නගරාධිපතිවරයාට ලබාදුන් රථවාහනවලට අමතරව තවත් වාහන තුනක් අඩුයි.

ඒවා කොහෙද කවුද භාවිත කරන්නෙ කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ රෝදයකට ගහන හුළං ටිකට පවා මුදල් ගෙවන්නේ පළාතේ රටේ ජනතාව. ඉන්ධන හා නඩත්තු කටයුතු සඳහා මුදල් ගෙවන්නේ පළාතේ ජනතාව. එතකොට මේවා භාවිත කරන්නේ කවුද? කොහෙද කියලා අපිට හොයන්න අයිතියක් තියෙනවා.

මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මෙසේ කීය. ආණ්ඩුකාරතුමා එක  වාහනයක් භාවිත කරනවා. තව රථයක් මම භාවිත කරනවා. එකක් පොළොන්නරුවේ නගරාධිපතිතුමාට දුන්නා.

ආණ්ඩුකාරතුමාට මේ පළාතේ වැඩ සියල්ල තනියම කරන්න බෑ. සංවිධායකවරුන් ඉන්නවා. ඇමැතිවරු කී දෙනෙක්ට පහසුකම් දීලා කරපු වැඩද මේ දැන් සුළු පිරිසකගෙන් කෙරෙන්නේ යනුවෙන් ඒ මහතා පැවැසූ අතර රුපියල් කෝටි ගණනක් වටිනා ඉතිරි රථවාහන කවුරුන් විසින් භාවිත කරන්නේද යන්න පිළිබඳව ඒ මහතා නිශ්චිත නිවැරැදි පිළිතුරක් ලබා නොදුන්නේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමැතිවරුන් භාවිත කළ කෝටි ගණනක සැප වාහන කිහිපයකට වෙච්ච දෙයක් නෑ !
ඇමැතිවරුන් භාවිත කළ කෝටි ගණනක සැප වාහන කිහිපයකට වෙච්ච දෙයක් නෑ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdO9rD1mcQx6COOiRnClHN5kwy1zkIjWfPOzzd9sEOG45ARN97fr52JK-2z6ipcWQuEtiFvvQS2j9cbE8T_E5_TtpQZ-0NGoUZa1cIp6VtWpFFMU9SuJtmOkKKa_yy4nD-Uc7Xeercd1lh/s320/5d4395fe5619b_hf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdO9rD1mcQx6COOiRnClHN5kwy1zkIjWfPOzzd9sEOG45ARN97fr52JK-2z6ipcWQuEtiFvvQS2j9cbE8T_E5_TtpQZ-0NGoUZa1cIp6VtWpFFMU9SuJtmOkKKa_yy4nD-Uc7Xeercd1lh/s72-c/5d4395fe5619b_hf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy