දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“මට හොඳට සැලකුවා.. මං කිව්වා කන්න ඕන නෑ කියලා“ - ප්‍රකාශයක් දෙන්න ගිය අශෝක් අබේසිංහ CIDය ඇතුළේ වුණ දේ කියයි
Homeප්‍රවෘත්ති

“මට හොඳට සැලකුවා.. මං කිව්වා කන්න ඕන නෑ කියලා“ - ප්‍රකාශයක් දෙන්න ගිය අශෝක් අබේසිංහ CIDය ඇතුළේ වුණ දේ කියයි

PropellerAds

අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති නිසා දීර්ඝව පැහැදිලි කිරීමක් සිදුකළ නොහැකි බවත් ඉදිරියේදී මාධ්‍යයට යම්කිසි දෙයක් ප්‍ර...

එකඟත්වයෙන් සැකසූ කෝප් වාර්තාව සිකුරාදා මැතිසබේට
විමල් වීරවංශගේ නිවසින් මළ සිරුරක් සොයාගනී
වැට් සංශෝධිත පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති නිසා දීර්ඝව පැහැදිලි කිරීමක් සිදුකළ නොහැකි බවත් ඉදිරියේදී මාධ්‍යයට යම්කිසි දෙයක් ප්‍රකාශ කිරිමට බලාපොරොත්තු වන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අශෝක් අබේසිංහ මහතා ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

තමාට පසුගිය 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබූ බවත් නමුත් තමන්ට පුද්ගලික කරුණක් සහ 09 සහ 10 පාර්ලිමේන්තු සැසිවාරය නිසා පැමිණීමට නොහැකි බව දන්වා සිටි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඔබතුමන්ලාගේ විපක්ෂය චෝදනා කරන්නේ මන්ත්‍රීවරු දඩුවම් කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා කියා යැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.

“එහෙම කියන්න බෑ. මාව ඉතින් දඩයමක් වුණේ නෑනේ. මං ප්‍රකාශය කරලා යනවනේ. මට හොඳට සැලකුවා. තේ දුන්නා කන්නත් දෙන්න ඇහුවා. මං කිව්වා කන්න ඕන නෑ කියලා. හොඳට සැලකුවා ප්‍රශ්නයක් වුණේ නෑ.“ යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

එම ප්‍රකාශය කරන අවස්ථාවේ මන්ත්‍රීවරයා ඔහුගේ නීතිඥවරයා ලෙස බලමින් කතා කළේය.

පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. 

පසුව අදාළ ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.

ඊට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදි අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාට දන්වා තිබුණ ද එම අවස්ථා දෙකේදීම මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නැත.

නමුත් එම ප්‍රකාශය පිළිබදව කරුණු පැහැදිලි කිරීමට අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා ඊයේ පෙරවරු 9.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඒ මහතා සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණ සිටිනු ලක්නට ලැබිණි.

පැය 05 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අබේසිංහ මහතා ප්‍රකාශයක් දී තිබුණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “මට හොඳට සැලකුවා.. මං කිව්වා කන්න ඕන නෑ කියලා“ - ප්‍රකාශයක් දෙන්න ගිය අශෝක් අබේසිංහ CIDය ඇතුළේ වුණ දේ කියයි
“මට හොඳට සැලකුවා.. මං කිව්වා කන්න ඕන නෑ කියලා“ - ප්‍රකාශයක් දෙන්න ගිය අශෝක් අබේසිංහ CIDය ඇතුළේ වුණ දේ කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgi-Jtbar-Sdkdumi1LsIsdI6If3jPNGbSRcV4CybhhqQJPdiWFY0i8Vm9qtsZKYIVxNgZX_jFaOVp8uIqSeuIHnqXXMWHMu9w_0qFZtaPbwHOb4mDg9dfPipNoAxGIN0ekRv2iEY3bFIs/s320/cbace443cf6e3aa22de583cdaa9a5039_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgi-Jtbar-Sdkdumi1LsIsdI6If3jPNGbSRcV4CybhhqQJPdiWFY0i8Vm9qtsZKYIVxNgZX_jFaOVp8uIqSeuIHnqXXMWHMu9w_0qFZtaPbwHOb4mDg9dfPipNoAxGIN0ekRv2iEY3bFIs/s72-c/cbace443cf6e3aa22de583cdaa9a5039_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/cid_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/cid_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy