ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළත් අනිවාර්යයෙන්ම ඔහුව පරාජයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත ...
රාජපක්ෂලා දෙවැනි වටයේත් පරාජය කරන ආකාරය පෙන්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
"අපේ පක්ෂයේ ප්‍රශ්න නෑ. ඒවා අපි ඇතුළෙ විසඳාගන්නම්. අපි දිනන අපේක්ෂකයාව තමුන්නාන්සෙලාට දෙනවා. මතක තියාගන්න. ගෝඨාභය නැත්තං ගෝඨාභයගෙ අප්පොච්චිව දාන්න කියන්න. අපි පෙන්නන්නම් නැවත රාජපක්ෂලාව දෙවැනි වටයේ පරද්දන හැටි" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති ජනහමුවක් අමතමිනි.
COMMENTS