ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුර වන ජාතික...
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන විකල්ප අපේක්ෂකයා මෙලෙස එළිදැක්වීමට නියමිතව ඇත්තේ ගෝල්ෆේස් පිටියේදී පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මංගල මහා රැලියේදී ය.
රැළිය අද පස්වරු 3.00ට ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත අතර එහිදී අපේක්ෂාවේ අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නම් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම “ජාතික ජන බලවේගය” ගොඩනැගී තිබෙන්නේ විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, වමේ කේන්ද්‍රය, ජනතා විමුක්ති පෙරමුණ, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විකල්ප කණ්ඩායම, සමසමාජ විකල්ප කණ්ඩායම, සුළු ජන මහ සභාව, ජන නියමු කලාකාරැවෝ, ජාතික විද්වත් සංවිධානය, සලාමා සංවිධානය, එතෙර අපි සංවිධානය, අලුත් පියාපත්, 71 සහෝදරත්ව සංසදය, අලුත් පරපුර, ප්‍රගතිශීලි සම සංක්‍රාන්ති සාමූහිකය, Center for Dialogue, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, දුම්රිය සේවක සංගමය, සමාජ සාධාරණය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ, ජනවබෝධ කේන්ද්‍රය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ජාතික භික්ෂු පෙරමුණ, ඩාබිඳු සාමූහිකය, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය, ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ සංවිධානය SLAPA, සවිස්ත්‍රි ජාතික ව්‍යාපාරය, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ වෘත්තිකයන්, කලාකරුවන්, විවිධ සමාජ ක්‍රියාකාරීන් රැසකගේ ඒකරාශී වීමෙනි.
මෙම රැලිය අද (08) පස්වරු 5.30 සිට රාත්‍රී 07 දක්වා සිරස රූපවාහිනිය ඕසසේ විකාශය කිරීමටද නියමිතය.
COMMENTS