දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොවෙන් අඩක ධනය බලවතුන් 08ක් අතේ
Homeප්‍රවෘත්ති

ලොවෙන් අඩක ධනය බලවතුන් 08ක් අතේ

PropellerAds

මීට පෙර දැන සිටියාට වඩා ලොව ඇති නැති පරතරය වඩාත් ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය ක්‍රියාධරයෝ පෙන්වා දෙති. ඒ අනුව ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය පවසන ප...

නාමල්, පොලිස්පතිත් එක්ක අධිකරණයට යන්න ලෑස්තියි.
විශේෂ අධිකරණ හරහා රාජපක්‌ෂ පවුල දඩයම් කරන්න හදනවා…
රටේ තියන ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩ එනකම් ජනතාවට සුගතියක් නෑ
ලොවෙන් අඩක ධනය බලවතුන් 08ක් අතේ

මීට පෙර දැන සිටියාට වඩා ලොව ඇති නැති පරතරය වඩාත් ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

ඒ අනුව ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය පවසන පරිදි ලොව ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය, කෝටි තුන්දහස් පනසීයක්වන ලොව ජනගහනයෙන් අඩක් වූ වඩාත් දුගී ජනතාව සතු ධනයට සමාන අගයක් ගනු ලබයි.

ලොව ධනවත්ම ප්‍රකෝටිපතියන් අට දෙනා අතර මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් සහ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද සිටිති. 

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂක මැතිව් ස්පෙන්සර් කියා සිටියේ වත්මන් ලෝක ආර්ථිකය තුළ ගැට‍ළු පවතින බවය.

එම ගැට‍ළුවට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කළ ඔහු "පවතින ආර්ථික ක්‍රමවේදයෙන් වාසි ලැබෙන්නේ ලෝක ජනගහනයෙන් සියයට එකකට විතරයි. සියයට අනූ නවයක පිරිසකට වාසි ලැබෙනවාට වඩා ඒක සකස්වෙලා තියෙන්නේ අර සියයට එකක පිරිසට වාසි ලැබෙන විදියට. ලෝකයේ ප්‍රකෝටිපතියන් අට දෙනෙක් සතු වත්කම ලොවින් අඩක්වන සෙසු ජනතාව සතු වත්කමට සමාන වෙන්නේ ඒ නිසයි," යනුවෙන් පැවසීය.

ෆෝබ්ස් සඟරාව සහ 2000 වසරේ සිට ලොව ධනය බෙදී ගොස් ඇති ආකාරය දැක්වෙන දත්ත වාර්තා මත පදනම්ව ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය සිය වාර්තාව සකසා තිබේ.

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ මැතිව් ස්පෙන්සර් විසින් ඇති නැති පරතරය ඉහළ යෑම හඳුන්වනු ලැබුවේ ලොව බෙදීමකට මුල් විය හැකි දේශපාලන ගැට‍ළුවක් ලෙසය.

"ඉහළ යමින් තිබෙන ඇති නැති පරතරය සහ අපේ දේශපාලන ක්‍රමවේදය තුළ පවතින බෙදීම් අතර සම්බන්ධයක් ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙනව කියල මම හිතනවා. රටක සාර්ථකත්වයට සහ සමාජයට තමන්ගේ දායකත්වය ඉතා අඩුවෙන් ලැබෙන බවක් මිනිසුන්ට හැඟෙනවා. පවතින දේශපාලන තත්වය පිළිබඳ මිනිස්සු නොසතුටින් පසු වෙනවා," ඔහු කියා සිටියේය.

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය විසින් ලොව ඉහළ යමින් පවතින ඇති නැති පරතරය හා සම්බන්ධ නවතම දත්ත එළි දක්වනු ලැබුවේ ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක ආර්ථික සමුළුව ආරම්භ වීමට දින කීපයක් තිබියදී.

ඇති නැති පරතරය අවම කිරීම සඳහා විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන ලෝක නායකයන්ගෙන් මැතිව් ස්පෙන්සර් ඉල්ලා සිටියි.

කෙසේ නමුත් ඇති නැති පරතරය ඉහළ යෑම සම්බන්ධයෙන් ඔක්ස්ෆෑම් ආයතනය නිකුත් කළ වාර්තාව ඇතැම් පිරිස්වල විවේචනයට ලක්වේ.

විද්වත් මණ්ඩලයක්වන ඇඩම්ස් ස්මිත් ආයතනයේ සමීක්ෂණ ප්‍රධානී බෙන් සවුත්වුඩ් කියා සිටියේ ලොව ප්‍රකෝටිපතියන් සතු ධනය පිළිබඳ අවධානය යොමු කිරීමට වඩා ලොව දුගී ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන සුබ සාධන කටයුතු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්වන බවය.

දුගී ජනතාව වෙනුවෙන් පවතින සුබ සාධන කටයුතුවල වර්ධනයක් සෑම වසරක් පාසා දැකිය හැකි බවත් ඔහු පැවසීය.

ලොව ඉහලින්ම පසුවන ප්‍රකෝටිපතියන් අට දෙනාගෙන් ඇතැම් පුද්ගලයෝ තම ධනයෙන් ප්‍රකෝටි ගණනක් සුබ සාධන කටයුතු සඳහා පරිත්‍යාග කරති.

2000 වසරේ දී මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ විසින් අමෙරිකානු ඩොලර් කෝටි 4,400 ක පෞද්ගලික අරමුදලක් ආරම්භ කරනු ලැබීය.

මේ අතර තම ආයතනයේ ශුද්ධ ආදායමෙන් සියයට අනූවක් පරිත්‍යාග කරන බවට ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ 2015 වසරේදී ප්‍රතිඥා දුන්හ.

එවකට ෆේස්බුක් ආයතනයේ කොටස් මිල හා සැසඳීමේදී එම අරමුදල්වල වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි 4,500කි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොවෙන් අඩක ධනය බලවතුන් 08ක් අතේ
ලොවෙන් අඩක ධනය බලවතුන් 08ක් අතේ
http://ift.tt/2jtTiDO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/08.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/08.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy