දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්දය හත්ගව්වක් දුරයි - කලබල වෙන්න එපා
Homeප්‍රවෘත්ති

ඡන්දය හත්ගව්වක් දුරයි - කලබල වෙන්න එපා

PropellerAds

ඡන්දයට හත්ගව්වක් දුර තියාගෙන ඡන්දය ගැන ආණ්ඩු පෙරලන එක ගැන  ජනතාව එක්ක කථා කරමින් සිටිම මහජන නියෝජිතයකුගේ වගකිමක් නොවන බව ඛනිජ තෙල් සම්පත් ...

කටුපොල් වගාකරුවන් ජනපතිටත් කොකා පෙන්නයි!
දිවුලපිටිය කාන්තාවගේ දියණිය හැර පවුලේ සෙසු සාමාජිකයින්ට කොරෝනා වැළඳී නෑ - හමුදාපති
රක්ෂිතයක් එලිපෙහෙලි කල 12 ක් අත්අඩංගුවට.. මුදා හරින්නැයි TNA මන්ත‍්‍රගෙන් පොලිසියට බලපෑම්..
ඡන්දය හත්ගව්වක් දුරයි - කලබල වෙන්න එපා

ඡන්දයට හත්ගව්වක් දුර තියාගෙන ඡන්දය ගැන ආණ්ඩු පෙරලන එක ගැන  ජනතාව එක්ක කථා කරමින් සිටිම මහජන නියෝජිතයකුගේ වගකිමක් නොවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසයි.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි ඇමතිවරයා මේ බව සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"2020  ජනාධිපති ඡන්දයක් නැහැ. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් විතරයි 2020  ඡන්දයක් තියන්න පුළුවන්. නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2021 ඡනාධිපති ඡන්දය තියන්නේ. කලබල වෙන්න හේතුවක් නැහැ. පාර්ලිමේන්තු ඡන්දය තියෙන්නේ 2020 ජනාධිපති ඡන්දය තියෙන්නේ 2021 මෙයට කලබලවෙලා කෑගන එක  නෙවෙයි රටේ සිදුවිය යුත්තේ  රටක් හැටියට උපරිම උත්සාහයෙන් රට ඉදිරියට ගෙනියන්න රජය කටයුතු කරනවා.

මෙන්න මේ වැඩපිළිවෙළට විපක්ෂයත් උදව් කළයුතුයි. ජනතාවගේ ප්‍රශ්නය විසදන්න.. එහෙම නැතිව ආණ්ඩු පෙරලන එකද? තව අවුරුදු  හතරකින් එන ඡන්දය ගැන කථා කරන එකද මේ රට සංවර්ධනය කරන එකද වැදගත්.  ජනතාවට අවශ්‍ය මොනවාද  ජනතා බලාපොරොත්තු මොනවාද කියලා අපි දැනගෙන ඉන්න ඕන. ශ්‍රි.ල.නි.පක්ෂයේ අරමුණු වෙනුවෙන් කැපවෙලා තමයි අපි මේ රජයේ ඉන්නේ. දේශියත්වයට  අපේ සම්පත් විකුණාගන්නා කාරණාවලට  අපි එකගවන්නේ නැහැ. ඔය කථා කරණ අය ඔක නොදන්නවා නෙවෙයි. අධිකරණයේ ස්වාධිනත්වය ගැන අපි සෑහිමකට පත්වෙනවා. විමල් විරවංශ මහත්තයා නෙවෙයි. අපි හෝ අපට වඩා ඉහල කෙනෙක් හෝ පහල කෙනෙක් නිතියට පටහැනිව දෙයක් කරලා තියෙනවානම් නිතිය ක්‍රියාත්මක විය යුතුයි කියන මතයේ රටේ පොදු ජනතාව ඉන්නවා. රටේ බහුතර ජනතාව ඉන්නවා. 

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රි.ල.නි.පක්ෂයේ නායකයා. ශ්‍රි.ල.නි.පක්ෂයේ අපේක්ෂකයා හැටියට සුදුසුම පුද්ගලයා  රටේ ජනප්‍රියම පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපතිතුමා .ඒ නිසා ශ්‍රි.ල.නි.පක්ෂය හැටියට  අපි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් සුදුසුම පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බවට කිසිදු වාදයක් නෑ" යැයි පැවසීය.

(ගාල්ල  ලලිත්චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්දය හත්ගව්වක් දුරයි - කලබල වෙන්න එපා
ඡන්දය හත්ගව්වක් දුරයි - කලබල වෙන්න එපා
http://ift.tt/2jiwWTQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_619.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_619.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy