දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාභය ඇමරිකා පුරවැසියෙන් නොවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහතික කරයි
Homeප්‍රවෘත්ති

ගෝඨාභය ඇමරිකා පුරවැසියෙන් නොවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහතික කරයි

PropellerAds

පි විතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. ඇමෙරික...

මහජන බැංකුව පුද්ගලික අංශයට විකුණන්න සියල්ල සූදානම් - බිමල් රත්නායක
රනිල් තේරීම් කමිටුව කැඳවීමට පෙර සාක්ෂි දෙන්න යන්න හදයි
ප‍්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි සේනාරත්න අභාවප‍්‍රාප්ත වේ !
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ඇමෙරිකානු පුරවැසිකම අත් හැරිය අයගේ නම් ලැයිස්තුවක් මාස තුනකට සැරයක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුව ප්‍රසිද්ධ කරනවා. ඒ අනුව 2019 ජූනි 30 දිනෙන් අවසන් වුණු කාරතුවේ
ඇමෙරිකානු පුරවැසිකම අත්හල පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඊයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාරතමේන්තුව විසින් වෙබ් අඩවියකට මුදා හැරියා. එහි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම නොමැති බවට ආණ්ඩුවේ මාධ්‍ය ලොකු ආන්දෝලනයක් ඇති කරනවා.

එම වෙබ් අඩවියේ සදහන් කරන්නේ කාර්තු පදනම යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරියට එවන ලද තොරතුරු මත සකසන ලද ලැයිස්තුවක් තමයි අප ප්‍රසිද්ධ කරන්නේ කියලයි. පුරවැසි කම අත් හැරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ ඒ ඒ රට වල ඇමෙරිකානු තානාපති කාර්යාල වලයි. ලොව පුරා පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලවලින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට තොරතුරු යැවූ අයගේ නාමලේඛණය තමයි අපට ලැබුණු විදිහට අප ප්‍රසිද්ධ කලා කියලා සදහන් කරලා තියෙන්නේ. එයින්ම අදහස් වෙනවා මෙය අවසානාත්මක දෙයක් නෙමෙයි කියලා.

පුරවැසිකම අත්හැරීම පිළිබඳ ඇමෙරිකාවේ බල පවත්වන නීතිය වන්නේ Immigration and Nationality Act of 1952. 1952 සංක්‍රමණ සහ ජාතිකත්ව පනතයි. මේ පනත අනුව යම් කිසි අයෙකු පුරවැසිකම අත්හැරීම පිළිබඳ අවසානාත්මක සාක්ෂිය වන්නේ පුරවැසිකම අත්හැරීම පිළිබඳ රාජ්‍ය දෙපාරතමේන්තුව නිකුත් කරන සහතිකය මිස ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරන ලැයිස්තුව නොවේ. විශේෂයෙන්ම පුරවැසි කම අත්හල අයගේ නම් ලැයිස්තුව මහජනතාවට දැන ගැනිම සදහා ප්‍රසිද්ධ කරණ ලේඛණය කිසි සේත්ම අවසානාත්මක සාක්ෂියක් ලෙස සලකන්නේ නෑ. 2019 මැයි 3 දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම ඉවත් කරගත් බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සහතික කර තිබෙනවා. 2019 අප්‍රියෙල් මස 17 වනදා සිට එතුමන් ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බව සහතික කර තිබෙනවා. ඒ නිකුත් කළ සහතිකය ගෝඨාභය රාජපක්ෂ මහතා සතුයි. ඒ නිසා ඒ ලැයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම නොමැතිවීම කාට ප්‍රශ්නයක් වුවත් අපට නම් ප්‍රශ්නයක් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවමත් ද්විත්ව පුරවැසියෙකු බව කවුරු හරි හිතනවා නම් ඒ නිසා එතුමන්ට ජනපති වරනයට තරග කරන්නට බෑ කියලා බෙරිහන් දෙන අයට කරන්න තිබෙන්නේ එතුමා ජනාධිපති වුණාට පස්සේ ඡන්ද පෙත්සමක් දාලා ඔහු ද්විත්ව පුරවැසියෙකු බව ඔප්පු කිරීමයි. අඩුම තරමින් නාමයෝජනා බාරදෙන අවස්ථාවේ දී වත් ද්විත්ව පුරවැසියෙක් කියන පදනම මත විරෝධය පලකරන්නට හැකියාවක් නෑ ලංකාවේ ජනාධිපති මැතිවරණ නීතිය අනුව. ඒ හැර වෙනත් විකල්පයක් නෑනෙ. ඡන්දය ඉල්ලීම නතර කරන්න බෑනෙ. ඒ නිසා බොරුවට කෑ ගැසීමෙන් පලක් නෑ.

ඇතැමුන් ප්‍රශ්ණ කරනවා පුරවැසි භාවය අත හැරීමේ ක්‍රියාවලිය තවමත් පරිපූර්ණ නැහැ. ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අයදුම් කළා නම් වජිර අබේවර්ධන අමාත්‍යවරයාට එම ලිපි ගොනුව පැමිණිය යුතුයි.මගේ මේසෙට එහෙම ලිපිගොනුවක් ඇවිල්ලා නෑ. වජිර ඇමැතිතුමා මෙහෙම කිව්වා යනාදී වශයෙන් එජාපයේ මන්ත්‍රීවරුන් කියනවා.

එතුමා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරලා ලංකාවේ පුරවැසියෙක් වෙන්න උත්සාහ කළා නෙවෙයි. 1992 වර්ෂයේ එතුමන් ඇමරිකානු පුරවැසියෙක් බවට පත්වනවිට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වුණා. 2005 දී ශ්‍රී ලංකා පුරවැසිභාවය යළි ලබා ගත්තා. එදා සිට එතුමා ද්විත්ව පුරවැසියෙක්. ද්විත්ව පුරවැසියෙක් එක් පුරවැසිකමක් අත්හැරියත් අනෙක් පුරවැසිකම ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒක යළි අයදුම් කිරීමේ ක්‍රියාවලියක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත්තාම ඇමෙරිකානු ගමන් බලපත්‍රයත් අහෝසි කළා. එය ද මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළා ඔබ දකින්නට ඇති.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාභය ඇමරිකා පුරවැසියෙන් නොවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහතික කරයි
ගෝඨාභය ඇමරිකා පුරවැසියෙන් නොවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහතික කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8QivMRVLPMokjQkFNghTSu88LysPkOwdVk7W-4fya1Yz3ap86BAEGRoMv-PThgKnqSRYr3qXVeeYqenlH-WqgjzaEB_n-xymB_MRGsCDiNWHvQo1yAI1Xr7xzsVGn4ujnbjA0Ik4AZnva/s320/gotabya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8QivMRVLPMokjQkFNghTSu88LysPkOwdVk7W-4fya1Yz3ap86BAEGRoMv-PThgKnqSRYr3qXVeeYqenlH-WqgjzaEB_n-xymB_MRGsCDiNWHvQo1yAI1Xr7xzsVGn4ujnbjA0Ik4AZnva/s72-c/gotabya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_193.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_193.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy