ප්‍ර වීණ ගායිකා ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය ඊයේ (23දා) ජීවිතයෙන් සමුගත්තාය. හදිසියේ අසනීප වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී සේනාරත්න ම...
ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය ඊයේ (23දා) ජීවිතයෙන් සමුගත්තාය. හදිසියේ අසනීප වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී සේනාරත්න මහත්මිය මෙසේ අභාවප්‍රාප්ත වූවාය.
1940 ජූලි 14 දා උපන් ඇයගේ හැත්තෑ නවවැනි උපන් දිනය ලබන මසට යෙදී තිබිණි.
කිරුළපන උපන් ඉන්ද්‍රාණි ප්‍රවීණ ගායක සිසිර සේනාරත්නයන් සමග විවාහ වීමට පෙර ඉන්ද්‍රාණි විජේබණ්ඩාර නමින් ප්‍රසිද්ධ වූවාය. ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඉගෙනුම ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේය. පාසල් වියෙහි සිටම කවි ගායනයට හපන්කම් දැක්වූ ඇය වඩාත් ප්‍රියකර ඇත්තේ පුවත්පත් කලාවේදිනියක වීමටය.
‘කෝකිල හටන’ තර`ගයෙන් පළමු ස්ථානය දිනාගත් ඉන්ද්‍රාණි පසුව ගුවන් විදුලියේ ළමා පිටියට සම්බන්ධ වූවාය. අනතුරුව ඇයගේ දස්කම් දුටු ගායක සුසිල් පේ‍්‍රමරත්න ‘සොම්නස හෝ සන්තාපය හමුවේ’ යන මවුගුණ ගීතය ඉන්ද්‍රාණි සමග ගැයුවේය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ගුවන් විදුලි ගීත නාටකවලටද ඇය ගායනයෙන් එක්වූවාය.
මර්සලීනු ජයකොඩි පියතුමන් සහ සංගීතඥ බී. එස්. පෙරේරා දෙපළ හඳුනා ගැනීම ඇගේ ගායන ජීවිතයට මහත් පිටිවහලක් විය. ඒ ඔස්සේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයේ ගී ගැයීමට ඉන්ද්‍රාණි විජේබණ්ඩාරට අවස්ථාව උදාවිය. රේඛාවට ගැයූ ‘සුදු සඳ එළියේ නළ මත’ ගීය වඩාත් ජනප්‍රිය විය.
‘රේඛාවට’ ගී ගයන්න ඉන්දියාවට යද්දී හඳුනාගත් සිසිර සේනාරත්න සමග ඉන්ද්‍රාණි විජේබණ්ඩාර 1962 වසරේදී විවාහ වූවාය. ඉන්පසු සිසිර ඉන්ද්‍රාණි යුවළ එක්ව ඉතා ජනප්‍රිය ගීත රැුසක් ගායනා කළහ. ‘නුහුරු නුපුරුදු රහස පිළිබඳ’ ‘ඈත අහසේ නැගී දිනිª පායා’ ‘ගයා ගීතයන් ගමේ වෙල් එළියේ’ ‘රතුපාට මල් ’ වැනි ජනප්‍රිය ගීත විශාල සංඛ්‍යාවක් ඇය ගයා ඇත.
ඉන්ද්‍රාණි සේනාරත්න පුතුන් දෙදෙනකු සහ දියණියකගේ මවකි. සංජය සේනාරත්න, සුභානි සේනාරත්න සහ සමීර සේනාරත්න එම දරු තිදෙනාය.
ඉන්ද්‍රාණිගේ සෙවනැල්ල බඳුවූ සිසිර සේනාරත්නයන් 2015 වසරේ පෙබරවාරි 04 දා ජීවිතයෙන් සමුගත්තේය. ඉන්පසු ඇය දරුවන් සහ මුණුබුරු මිණිබිරියන් සමග කාලය ගත කළාය.
ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය පසුව දැනුම් දෙන බව ඇගේ පුත් සමීර සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
අජිත් අලහකෝන්

COMMENTS