ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත මේවන විට අවසන්ව ඇති කිසිදු අයකුගේ කොන්ත්‍රාත් කාලය දික් නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්ද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත මේවන විට අවසන්ව ඇති කිසිදු අයකුගේ කොන්ත්‍රාත් කාලය දික් නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපති ශම්මි සිල්වා මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. එසේම කොන්ත්‍රාත් කාලය අවසන් ස්ථාන සඳහා බඳවා ගැනීමේදී ඒ සඳහා දැන්වීම් යොදා විධිමත් ක්‍රමවේදයකට අනුව පුද්ගලයන් බඳවා ගන්නා ලෙසද උපදෙස් ලබාදී ඇත.
ඇමතිවරයා මෙසේ ලිපියක් යොමු කිරීමට හේතුවී ඇත්තේ හිටපු ක්‍රිකට් සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා විසින් කොන්ත්‍රාත් කාලය අවසන් වූ හිටපු ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ හා අසංක ගුරුසිංහ යන දෙදෙනාගේ කොන්ත්‍රාත් කාලය දික් කිරීම සඳහා බලපෑම් කරමින් සිටීම නිසාය.
පසුගිය විධායක කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් විශාල ගැටුමක් මතුවූ අතර හිටපු සභාපතිවරයා හා වත්මන් සභාපතිවරයා එහිදී බහින් බස්වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඉන් පසුව ක්‍රිකට් ලේකම්වරයා හරහා යෝජනාවක් යොමුකරමින් මේ තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විධායක කමිටුවේ සිටින ශම්මි සිල්වා හැරෙන්නට අනෙක් සියලුදෙනා ඒ සඳහා නම්මාගෙන ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
ඒ අනුව ශම්මි සිල්වාට අදාළ කාරණාව විධායක කමිටුවේ සියලුදෙනා අනුමත කර ඇති බැවින් අනුමත කරන ලෙසට බලපෑම් සහගත ඊමේල් පනිවුඩයක් ලැබී ඇති බවද පැවසේ.
ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව හිටපු සභාපතිවරයාට විධායක සභාවේ අසුන් ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති අතර ඒ අනුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විධායක කමිටුවට ඇතුළත්ව සිටී.

COMMENTS