දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අජිත් පෙරේරා තඹ සතයක්වත් නොවටින කෙනෙක්.. ඔහු වැනි අය එජාපයට විලිලැජ්ජාවක් - රවී කරුණානායක
Homeප්‍රවෘත්ති

අජිත් පෙරේරා තඹ සතයක්වත් නොවටින කෙනෙක්.. ඔහු වැනි අය එජාපයට විලිලැජ්ජාවක් - රවී කරුණානායක

PropellerAds

පා ස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතැම් වෙළදාම් වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශයත් සමඟ සාකච්ඡා කරනවා බව විදුලිබ...

ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරන්න උතුරේ උත්සව සතියක්!
පාර්ලිමේන්තුවේ ඉන්නේ හරක් කියූ ඩිව්ට ජනපතිගෙන් රෑ කෑමක්!
සිරිල් ගාමිණි පියතුමන් ගේ ප්‍රකාශය සටහන් කරගැනීම ඇරඹේ… සී.අයි.ඩී. ය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්!
පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතැම් වෙළදාම් වලට පැනවූ තාවකාලික තහනම ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශයත් සමඟ සාකච්ඡා කරනවා බව විදුලිබල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.


ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ, කොළඹ‍ පැවති උත්සවයකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

” පාසලක් කියන්නේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් තැනක්. එහෙම ස්ථාන වැඩි දියුණූ කිරීමෙන් අපේ රටේ දරු පරපුර, තරුණ පරපුර බුද්ධිමත් භාවයෙන්, හැදියාවෙන් වැඩිදියුණූ වෙනවා. ඒ තුළින් ඔවුන් නොමග යාමේ ප්‍රවණතාව අවම වෙනවා. ඒ නිසා පාසලක් අරිනවා කියන්නේ බන්ධනාගාර වැසෙනවා කියන හේතුසාධක සහිත කතාවක්. නමුත් ගෙවල් හදනවා කියන එක ඒ වගේ කටයුත්තක් නොවෙයි. රටක් සංවර්ධනය කළ යුතුයි. හැබැයි ජනතාවට ඔරොත්තු දෙන ආකාරයෙන් තමයි ඒ දේවල් සිදුකළ යුත්තේ. එහෙම නැතිව සංවර්ධනය කරනවා කියලා ජනතාවට ලක්ෂයක් දෙකක් ණයට දීලා ඔවුන්ව ණය බරට තල්ලු කරන එක නෙමෙයි කළයුත්තේ

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වයන් හමුවේ, ඕල්කට් මාවතේ සිදුවෙමින් පැවති වෙළදාම් වලට තාවකාලික තහනමක් ක්‍රියාත්මක කිරීමට පොලීසියට සිදුවිය. මේ වනවිට එම අස්ථාවර තත්ත්වයන් පහව ගොස් ඇති බැවින්, එසේ ක්‍රියාත්මක කිරීමට යෙදුන තාවකාලික තහනම ඉවත් කර, වෙළඳ සංගමයට ඇතිවී තිබෙන අපහසුතාවන් ඉවත් කිරීමට පොලීසිය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව, මෙහිදී අමාත්‍ය කරුණානායක මහතා එකඟත්වය පළ කළේය.

එළඹෙන ජනාධිපතිවරණය පිළිබදව මාධ්‍යයට කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ,

අපි බොහොම සෘජුයි. දවසින් දවස අපි වෙන වෙන තාල තියන්නේ නැහැ. එක එක්කෙනා එහෙ මෙහෙ කෑගැහුවට අපේ තීරණ වෙනස් වෙන්නේ නැහැ. ජයග්‍රහණය කරන්න පුළුවන් සුදුසු පුද්ගලයෙක් අපි නියම වෙලාවට ඉදිරිපත් කරනවා. නමුත් තවමත් අපි පක්ෂයෙන් කිසිදු කෙනෙක් සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ.

මුහුණුපොතේ එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා මම එතුමාට මඩගසන්න ලක්ෂ 03 ක් වියදම් කරලා කියලා. තඹ සතයක් නොවටින කෙනෙක්ට මඩගහන්න ඇයි මම වියදම් කරන්නේ. ඒ කියන අය තමයි එහෙම දේවල් කරන්නේ. එයාලා ඒ දේවල් කරලා හිර වුණාම, අනිත් අයට පද හදනවා. මේ වගේ විලිලැජ්ජා නැති කතා කියන අය එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා කියන එක වසර 25 ක් තිස්සේ පක්ෂය රැකගත්ත අපිටත් ලැජ්ජාවක්” යැයි පැවසීය.

කෂිනි හපුආරච්චි
– ada


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අජිත් පෙරේරා තඹ සතයක්වත් නොවටින කෙනෙක්.. ඔහු වැනි අය එජාපයට විලිලැජ්ජාවක් - රවී කරුණානායක
අජිත් පෙරේරා තඹ සතයක්වත් නොවටින කෙනෙක්.. ඔහු වැනි අය එජාපයට විලිලැජ්ජාවක් - රවී කරුණානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqbZZ7Lr24mCIqWaqGJspKYOXDpm4CZ9_65IbxPqBZRHWVkxPWQ39dNy43R2tcosPIkYnP9yx9XKS4XxHqgNddfDgXZsCQlToTgqOyDkW_kGWq9nfsNRYIDNG6J-JpnFkRW93YobGANUdW/s320/ravi-ajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqbZZ7Lr24mCIqWaqGJspKYOXDpm4CZ9_65IbxPqBZRHWVkxPWQ39dNy43R2tcosPIkYnP9yx9XKS4XxHqgNddfDgXZsCQlToTgqOyDkW_kGWq9nfsNRYIDNG6J-JpnFkRW93YobGANUdW/s72-c/ravi-ajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy