ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට නියමිතව ඇත්තේ කවුරුන්වදැයි තමන්වත් නොදන්නා බව එම පක්ෂයේ නිර්මාතෘ බැසි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමට නියමිතව ඇත්තේ කවුරුන්වදැයි තමන්වත් නොදන්නා බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අපේක්ෂකයා නම් කිරීම සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයක් වන අතර අගෝස්තු 11 වනදා පක්ෂයේ ජාතික සම්මේලනයේදී එම තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේය.
එසේම එදින තම පක්ෂයේ නායකත්වය නිල වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට පැවරීම ද සිදු කෙරෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව තහවුරු කළ බැසිල් රාජපක්ෂ මහතා තමන් තවමත් ඇමරිකානු පුරවැසියෙකු බවත් සඳහන් කළේය.

COMMENTS