දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප රැලියට වෙඩි තැබූ, ප්‍රා. සභා හිටපු සභාපති වසර දහයක් හිරේට
Homeප්‍රවෘත්ති

එජාප රැලියට වෙඩි තැබූ, ප්‍රා. සභා හිටපු සභාපති වසර දහයක් හිරේට

PropellerAds

ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකට වෙඩි තබා එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවකට වැරැදිකරුවන් වූ කුරුණෑගල ප්‍රාදේශීය ...

ශ‍්‍රී ලංකාවේ නව පරිවර්තනයට ජනපති ඔබාමාගෙන් පැසසුම්
ගුවන් හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
තාජූඩින්ගේ අස්ථි කොටස් 'සයිටම්' ගෙනගිය බවට අනාවරණයක් 

ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකට වෙඩි තබා එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවකට වැරැදිකරුවන් වූ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට සහ ඔහුගේ සොහොයුරාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් ඊයේ (17දා ) දස වසරක සිර දඬුවම් නියම කළාය.

මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රැටික් කරුණාසිංහ සහ ඔහුගේ සොයුරු ප්‍රියන්ත කරුණාසිංහ යන අයවලුන්ටය.

1999 දෙසැම්බර් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී මාවතගම මැතිවරණ කොට්ඨාසයට අයත් මතව, කොහිලේගෙදර ප්‍රදේශයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට වෙඩි තබා, එවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකාර කරුණාසිංහ සහෝදරයන් දෙපළට එරෙහිව මිනීමැරීමට තැත්කිරීම ඇතුළු චෝදනා හයක් යටතේ නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබූ අතර එම නඩුව මහාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනකු යටතේ දීර්ඝ කාලයක් තිස්සේ කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග විය. වසර 17කට ආසන්න කාලයක් තිස්සේ පැවැති දීර්ඝ නඩු විභාගය අවසන් කරමින් එහි තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය, විත්තිකරුවන් එරෙහිව නඟා ඇති සියලු චෝදනාවන්ට ඔවුන් වැරැදිකරුවන් බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව ප්‍රකාශ කරමින් ඔවුන් වෙත දඬුවම් නියම කළාය.

සිර දඬුවම්වලට අමතරව විත්තිකරුවන් වෙත නඟා ඇති චෝදනා හය වෙනුවෙන්, එක් චෝදනාවකට රුපියල් දස දහස බැගින් එක් අයකුට රුපියල් හැට දහස බැගින් දඩ මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස තුන බැගින් මාස දහ අටක අමතර සිර දඬුවමක්ද මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් නියම කළාය. රජයේ නීතිඥ ලහිරු ජයමාන්න මහතා විසින් පැමිණිල්ල මෙහෙය වූ අතර මෙම නඩුවේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උපාලි ජයමාන්න මහතා පෙනී සිටියේය.

ඉකුත් ජූනි මස 13 වැනිදා මෙම නඩුවට අදාළ සාක්ෂි විභාගය අවසන් කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඊට අදාළ තීන්දුව ප්‍රකාශය පත්කිරීම සඳහා ඊයේ දිනට දින නියම කරමින්, තීන්දුව පත්කෙරෙන තෙක් එහි විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර කරන ලෙසට එදින නියෝග කළාය. ඒ අනුව මාසයක වැඩි කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රැටික් කරුණාසිංහ මහතා සහ ඔහුගේ සහෝදරයා බන්ධනාගාර නිලධාරිහු විසින් ඊයේ උදෑසන කුරුණෑගල මහාධිකරණය වෙත ඉදිරිපත් කළහ. දඬුවම් නියම කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයට රැගෙනයාම සඳහා බන්ධනාගාර නිලධාරින් විසින් ප්‍රැටික් කරුණාසිංහ මහතා අධිකරණයෙන් ඉවතට රැගෙන ආ අවස්ථාවේ දී එතැනට රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත අත වනමින් සිනා මුහුණින් යුතුව හෙතෙම බස් රථයට ගොඩවිය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප රැලියට වෙඩි තැබූ, ප්‍රා. සභා හිටපු සභාපති වසර දහයක් හිරේට
එජාප රැලියට වෙඩි තැබූ, ප්‍රා. සභා හිටපු සභාපති වසර දහයක් හිරේට
http://ift.tt/2tl8bOX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_125.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_125.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy