ර ට මුහුන දී ඇති ප‍්‍රධානම ගැටලූව ජාතික සමගිය බිඳ වැටීම බවත් ජාතික සමගිය ගොඩනැගීම මතින් රට සංවර්ධනය කරා ගෙන යාමට හැකි බවත් ශ‍්‍රී ලංකා පාර්...
රට මුහුන දී ඇති ප‍්‍රධානම ගැටලූව ජාතික සමගිය බිඳ වැටීම බවත් ජාතික සමගිය ගොඩනැගීම මතින් රට සංවර්ධනය කරා ගෙන යාමට හැකි බවත් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු සභා නායක කන්ද උඩරට උරුමයන් සංවර්ධන මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ශමන් කිරිඇල්ල මහතා පැවසීය. ඔහු ඒ පිලිබඳව සඳහන් කලේ උපාධිදාරීන් 750කට රජයේ රැුකියා පත්වීම් ලබාදීම සඳහා වූ මහනුවර දිස්ත‍්‍රීක් ලේඛම් කාර්‍යාලයේ පැවති උත්සවයක් ආමන්ත‍්‍රණය කරමිනි.
රටේ ජාතීන් අතර සමගිය ඇති කිරීම වෙනුවන් රාජ්‍ය සේවකයාට වැඩි වගකීමක් ඇති බවත් එම කර්තාව්‍ය සිදුකිරීමට පහසුම පුද්ගලයින් වනුයේ රාජ්‍ය සේවකයා වන බවත් ජාතින් අතර ඇති ගැටලූව විසඳීමට සෑම ජාතියකටම සමානව සැලකීම මගින් සිදු කල හැකි බවත් පත්වීම් ලබාගන්නා සියලූ උපාධිදාරීන් තම මවුබිම වෙනුවෙන් ඒ කර්තාව්‍යට දායක වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසු මෙරට අධ්‍යාපනයේ සිදුවූ විශේෂම පෙරලිය වූයේ එක්සත් ජාතික පක්ෂ අධ්‍යාපන අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත් මුදලි මහතා ඇතිකළ මහපොල ශිශ්‍යත්ව ක‍්‍රමය බවත් ඒ හරහා අඩු ආදායම් ලාභී පවුල් වල විශ්වවිද්‍යාල ශිෂ්‍යන් හට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කරන පසුබිම සකසා දීමට හැකියාව ලැබුනු බවත් සඳහන් කලේය.
වත්මන් එක්සත් ජාතික පක්ශ රජය යටතේ උසස් අධ්‍යාපන දූරය දරණ සමයේ විශ්වවිද්‍යාල වල නේවාසික පහසුකම් පිලිබඳව පැවති ගැටලූව සම්පූරණයෙන්ම තුරන් කිරීමටත් විද්‍යාපීඨ හයක් බිහි කිරීම මගින් රටේ දුවා දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලගා කරවීම උදෙසා කටයුතු කිරීමට තමාට හැකියාව ලැබුන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය. තවද රටට විශාල අඩුවක්ව පැවති වෛද්‍ය පීඨ දෙකක් කුරුනෑගල සහ සබරගමුව ඉදි කිරීම තමාගේ දූර කාලයේ සිදු කල බවත් සඳහන් කර සිටියේය.
පවතින එක්සත් ජාතික පක්ෂ රජය යටතේ රටේ සෑම ප‍්‍රදේශයකටම විහිදී ගිය සංවර්ධනයක් සිදු කිරීමට හැකියාව ලැබුන බවත් එම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන බවත් ඔහු සඳහන් කලේය.
එක්සත් ජාතික පක්ශයේ ජනාදිපති අපේක්ශකයා කවුද යන්න පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා සඳහන් කර සිටියේ තම පක්ශයේ අපේක්ෂකයා තේරීමේ වගකීම සම්පූරණයෙන්ම පැවරී ඇත්ත කෘත්‍යාධිකාරී මණ්ඩලයට බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අවසන් තීරණය බවත්ය.
පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ශකයා තෝරන්නේ රාජපක්ෂ පවුලෙන් වූවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ කිසියම් වූ පවුලකට අවශ්‍ය විදියට නොවන බවත් රටට ගැලපෙන අවශ්‍යම අපේක්ෂකයා තෝරා ගැනීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සිදු කරනු ඇති බවත් ඔහු පැවසීය.
තවද සජිත් පේ‍්‍රමදාස මහතාගේ අධ්‍යාපන සුදුසු කම් පිලිබඳව මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සඳහන් කලේ එංගලන්තයේ ප‍්‍රධාන පෙලේ විශ්ව විද්‍යාලයක් සහ ආර්ථික විද්‍යාව පිලිබඳව ඇති හොඳම විශ්ව විද්‍යාලයක උපාදියක් සජිත් පේ‍්‍රමදාස ඇමතිතුමා සතු බවත් සහ පාර්ලිමේන්තුව තුල මන්ත‍්‍රී වරයකු වශයෙන් වසර ගනනාවක් තිස්සේ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යතුමා ලබාගත් දැනුම සම්භාරය අති විශාල බවත් එම දැනුම උපාධි කිහිපකින් ලබාගත නොහැකි බවත්ය
– මාධ්‍ය එ්කකය

COMMENTS