ශ‍්‍රී ලංකාවේ නව යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරි...
ශ‍්‍රී ලංකාවේ නව යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන වි රෝධයන් සිවිල් සංවිධාන කිහිපයක වි වේචනයට ලක්වනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඊයේ (19) කියා සිටියේ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කණස්සලු වන බවයි.
මූලික අයිතිවාසිකම් උ ල්ලංඝණය කළ බවට බරපතල හා විශ්වසනීය චෝ දනා ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇතැයි ද ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙම නිවේදනයෙන් කියා සිටියා.
මීට ප‍්‍රතිචාර දක්වමින් අපි ජාතික බල වේගය පවසන්නේ රටක නිලධාරීන් පත් කිරීම එරටේ නායකයන් සතු අභිමතයක් බවයි. ඊට බලපෑම් කිරීමට වෙනත් රටකට බලයක් තිබිය නොහැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.
ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන අපි ජාතික බ ලවේගයේ විධායක සභාපති, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දුන්නේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිවේදනය පිළිබඳ සිය සංවිධානයද කණස්සල්ලට පත් වන බවයි.
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ද ඊයේ වි රෝධය පළ කළා. ඔවුන් පැවසුවේ මෙම පත්කිරීම දෙමළ ජනතාවගේ අභිලාෂයන්ට පයින් ගැසීමක් බවයි.
ඊට ප‍්‍රතිචාර දක්වන සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් කියා සිටියේ දෙමළ ජාතික සංවිධානයේ සුමන්තිරන් කළ ප්‍රකාශය හරහා තවමත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අඳුරු සෙවනැලි රට තුළ ක්‍රියාත්මක වෙමින් ඇති බව පෙනෙන්නට ඇති බවයි.
ශ‍්‍රී ලංකාවේ නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පි ළිකුලෙන් හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ ද පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසන්නේ මෙම නිවේදනය නිකුත් කිරීමේදී ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය කටයුතු කර ඇත්තේ රාජ්‍ය තාන්ත‍්‍රික සීමාව නොසලකා හරිමින් වියානා සම්මුතිය ද උ ල්ලංඝණය කරමින් බවයි.

COMMENTS