දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුම්රිය වර්ජකයින්ට තව ඇත්තේ සුළු කාලයයි - නැත්නම් රැකියාවෙන් දොට්‌ට
Homeප්‍රවෘත්ති

දුම්රිය වර්ජකයින්ට තව ඇත්තේ සුළු කාලයයි - නැත්නම් රැකියාවෙන් දොට්‌ට

PropellerAds

අද (11) දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය ...

සජිත් නායකත්වයට ගේන්න සරත් ෆොන්සේකාත් අභ්‍යන්තර මෙහෙයුමක?
දෙමළ ජාතික සන්ධානයත් සටනට සැරසෙයි!
Chitral Somapala News
දුම්රිය වර්ජකයින්ට තව ඇත්තේ සුළු කාලයයි - නැත්නම් රැකියාවෙන් දොට්‌ට

අද (11) දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන පසුගිය 07 වැනිදා සිට ලොකොමොටිව් දුම්රිය රියෑදුරු වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනයට සහාය දක්‌වමින් දුම්රිය නියාමකවරු, දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්‌ථානාධිපතිවරු ද වර්ජනයට එක්‌ව සිටිති.

අදාළ ඉල්ලීම සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති 12 ක්‌ සමඟ ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා පසුගිය 08 වැනිදා සාකච්ඡා පැවැත්වුවද එය ද අසාර්ථක විය.

එම සාකච්ඡා අසාර්ථකවීමෙන් පසු දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක්‌ බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ අතිවිශේෂ ගැසට්‌ නියෝගයක්‌ නිකුත් කළේය.

ඒ අනුව අද දහවල් 12 දක්‌වා සේවයට වාර්තා කිරීම සඳහා වැඩවර්ජිත දුම්රිය සේවකයන්ට කාලය ලබා දී ඇත.

දුම්රිය රියදුරෝ දිගටම වැඩ වරති

දුම්රිය රියෑදුරන්, නියාමකවරුන්, පාලකයන් සහ ස්‌ථානාධිපතිවරුන් ඇතුළු 2600 ක්‌ පමණ වර්ජනයේ නිරතව සිටිති.

කෙසේවෙතත් මෙම සාකච්ඡා වලදී තම ඉල්ලීම් වලට නිසි විසඳුම් නොලැබුණු බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේය.

ඒ අනුව ඊයේ රාත්‍රී 7.00ට පමණ දුම්රිය වෘත්තීය සමිති රැස්වී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණය වී ඇත්තේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමටයි.

සේවයට නාවොත් රැකියාව නැහැ

මේ අතර ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරන්නේ දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බවයි.
දුම්රිය සේවක නිවාඩු අවලංගු කර ඇති බවත් එබැවින් අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ වහාම සේවයට වාර්තා කරන ලෙස තමා සියලුම දුම්රිය සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේය.

"දුම්රිය සේවක ඉල්ලීම් පිළිබඳව ජනාධිපති ලේකම්තුමා පැය 5කට අධික කාලයක් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා. අමාත්‍යාංශ ලේකම්වරයාත් ඔවුන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබුණා. එහිදී මේ වෘත්තීය සමිතිවලට සාධාරණ විසඳුම් දී තිබියදී ඔවුන් මස් රාත්තලම ඉල්ලා සිටින ක්‍ර‍මවේදයකට ගොස් තිබෙනවා. පාසල් දරුවන් විභාගවලට යන්න ඕන. කාර්යාල සේවකයින් රාජකාරිවලට යන්න ඕන. මේ නිසා ඔවුන්ගේත් මහජනතාවගේ යහපත සඳහා තකා රජයක් වශයෙන් පියවර ගන්නට අප සිදු වී තිබෙනවා. ඒ නිසා 1979 අංක 01 දරන අත්‍යවශ්‍ය සේවා පනත යටතේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍ර‍කාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදු වුණා." යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා මෙහිදී පැවසුවේ දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් සති 2ක් ඇතුළත විසඳන බවට පොරොන්දු දී තිබියදීත් දුම්රිය සේවකයින් වැඩවර්ජනය තවදුරටත් කරගෙන යාම බලවත් අසාධාරණයක් බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුම්රිය වර්ජකයින්ට තව ඇත්තේ සුළු කාලයයි - නැත්නම් රැකියාවෙන් දොට්‌ට
දුම්රිය වර්ජකයින්ට තව ඇත්තේ සුළු කාලයයි - නැත්නම් රැකියාවෙන් දොට්‌ට
http://ift.tt/2Asczzk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_419.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_419.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy