දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණය කැදවීමට දින 69යි.. ශ‍්‍රීලනිපය නැවතත් එජාප තුරුළට ගෙන යාමේ දීන මෙහෙයුමක් - ඩලස් අලහප්පෙරුම
Homeප්‍රවෘත්ති

ජනාධිපතිවරණය කැදවීමට දින 69යි.. ශ‍්‍රීලනිපය නැවතත් එජාප තුරුළට ගෙන යාමේ දීන මෙහෙයුමක් - ඩලස් අලහප්පෙරුම

PropellerAds

වි පක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය. අද මේ රටේ ප්‍රධාන මාතෘ...

පාඨලී කැබිනට් ඇමති වී දසවසක් 
බන්ධනාගාර රෝහලේ දූෂණ ගැන සෙවීමට විමර්ශන කණ්ඩායමක් 
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ඇරඹේ
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය.

අද මේ රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ ජනාධිපතිවරණය කියන මාතෘකාවයි. ජනාධිපතිවරණයට තව දින 113 යි ඉතිරි වෙලා තිබෙන්නේ. දවස් 83 කින් මෙපිට නාමයෝජනා භාරගත යුතුව තිබෙනවා.
දින 69 කින් නිසැක වශයෙන්ම ජනාධිපතිවරණය නිවේදනය කළ යුතුව තිබෙනවා. පළාත් සභා ඡන්දයක් ගැන සිහිනෙන්වත් නොසිතපු ඇතැමුන් දැන් පළාත් සභා ඡන්දයක් ගැන කතා කරනවා. නින්දෙන් ඇහැරිලා වගේ පළාත් සභා ඡන්දයක් පැවැත්වීමට සූදානම් වෙලා ජනාධිපතිවරණය කල්දාන්නයි හදන්නේ. නමුත් කිසි ලෙසකින්වත් ජනාධිපතිවරණය කල්දාන්න කාටවත් බැහැ.

මේ් රටට අද අවශ්‍ය වෙලා තිබෙන්නේ අපේක්‍ෂකයෙක්, ජනාධිපතිවරයෙක් නෙමෙයි. මේ රටට අවශ්‍ය නායකයෙක්. හොඳ කශේරුකාවක්, එක පොදු නීතියක්, නව මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය වෙලා තිබෙන්නෙ. වත්මන් රජය විසින් විදේශීයකරණය කළ රාජ්‍ය සම්පත් නැවත ජාතිය සතු කර ගැනීම සඳහා අවශ්‍ය දැක්මක් සහිත නායකයෙක් අවශ්‍යයි. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයට  ලක් විය යුතුයි. ඒ සඳහා දැක්මක්, නිසි නායකත්වයක් අවශ්‍යයි. තව නොබෝ දිනකින් රටට ආදරය කරන සියලු බලවේග එකට එකතු වෙලා අවශ්‍ය සුදුසුම නායකයා රටට තෑගි කරනවා. දැන් සමහර අපේක්‍ෂකයෝ පාසල් ළමුන්ට සපත්තු කුට්ටම් දෙන්නත් සූදානම්. නමුත් අපේ අපේක්‍ෂකයා රට සියලුම අංශවලින් ශක්තිමත් කරන නායකයෙක්. එම අපේක්‍ෂකයා ඉතා ගෞරවයෙන් 11 වැනිදා රටට ඉදිරිපත් කරනවා.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකත්වය තිබුණා. එහිදී වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගත්තා. ගත වූ වසර හතරහමාර තුළ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ සහ පිරිස් මේ රටේ දැඩි පීඩන කොන්දේසි මැද අරගලයක් කළා. රට වෙනුවෙන් නොයෙක් අපහාස වින්ඳා. නමුත් මේ අරගලය කිසි කෙනෙක් අත්හැරියේ නැහැ. වරප්‍රසාදවලට යට වුණේ නැහැ. මහින්ද රාජපක්‍ෂ නායකත්වයෙන් යුත් සන්ධානය ගොඩනැගීමේ අවසාන අදිරය එදා අවතීර්ණ වුණා. ඉදිරි දින කිහිපය ඇතුළත නව සන්ධානය එළිදක්වනවා. සියලුම පක්‍ෂ අනුමත කළ නව ව්‍යවස්ථාව හදා අවසන්. පොදුජන ඒකාබද්ධ පෙරමුණේ නව සන්ධානය ඉතිහාසයේ පුළුල්ම සන්ධානයයි. සියලුම නායකයන් ප්‍රතිපත්තිමය වශයෙන් සන්ධානය ගොඩනැඟීම සඳහා එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ සන්ධානය නිර්මාණය කර ගැනීමේදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් විශාල කැපකිරීමක් අපි හැමෝම සිදුකළා. එම අස්වන්න නෙළන්න අපට පුළුවන්කම ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග වූ සන්ධානය, එකඟතාව බිඳ වැටී නැහැ. ඒ සාකච්ඡා පැවැත්වෙනවා. ජනාධිපතිවරුන් දෙපළ පෞද්ගලිකව මුණ ගැසී අවසාන කෙටුම්පත පිළිබඳව එකඟත්වය ලබා ගැනීමෙන් පසුව ඊළඟ පියවරට යනවා. ඒ සාකච්ඡාව නුදුරේදීම පැවැත්වෙයි කියා විශ්වාස කරනවා. ශ්‍රීලනිපය ඇතුළේ සුළු පිරිසක් යළිත් එජාපය තුරුළට යෑමට උත්සාහ දරනවා. ඒ දීන දේශපාලන උත්සාහය පරාජය කිරීමට ශ්‍රීලනිප බහුතරයට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

අපේ කුමන ප්‍රතිවිරෝධතා කොපමණ තිබුණත් 05 වැනිදාට ගොඩනංවන බව කියන එජාපය ප්‍රමුඛ සන්ධානයට සුබපතනවා. මේ සන්ධානය ගැන පැහැදිලි කරගත යුතුයි. මේ සන්ධානය තමයි දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩුව තුළ සිටින පක්‍ෂම, ජනවාරි 08 වැනිදා හංසයා ලාංඡනයකින් ආ අය නිල සන්ධානයකින් පැමිණීම. මේක අලුත් දෙයක් නෙමෙයි. සමහර ගම්වල ප්‍රාදේශීය ලේකම්වරුන් කරනවා ගමේ විවාහ නොවූ පැරණි ජෝඩු නීත්‍යානුකූලව විවාහ කරවනවා. මේ සන්ධානෙත් අපට පේන්නේ එහෙමයි. එම නිසා කිසිම අලුත් දෙයක් ලැබෙන්නෙ නැහැ.

මේ සන්ධානයේ ඉන්නේ රනිල්, සජිත්, කරූ, රාවුෆ්, රිෂාඞ්, මනෝ ගනේෂන්, දිගම්බරම්, පාඨලී. මේ සියල්ලම එකට ඉඳගෙන පසුගිය පෙබරවාරි 10 වැනිදා එකට තරග කරලා ඡන්ද කීයද ගත්තෙ? ආණ්ඩුවේ මුළු බර යොදලා ගත්තේ ඡන්ද ලක්‍ෂ 36 යි. මීට වඩා මේ කණ්ඩායම ජනප්‍රිය වුණේ ජනවාරි 08 වැනිදා පමණයි. එජාපයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියන එක අපට ප්‍රශ්නයක් නෙමෙයි. මේ රට අර්බුදයෙන් ගොඩනඟන්න නම් ඕනෑම පක්‍ෂයකින් ශක්තිමත් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් විය යුතුයි. දැන් සිරිකොත යුද්ධයක් පටන් අරන්. අපි ඉතාම සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා අපේක්‍ෂකයා වෙනුවෙන් රණ්ඩු වෙන්න එපා. අපිව ආදර්ශයට ගන්න. එනිසා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා සියලුම දෙනාට එකට ඉඳගෙන හොඳම අපේක්‍ෂකයෙක් දෙන්න. අපට දේශපාලන පරඬැල් අවශ්‍ය නැහැ.

මාධ්‍ය ඒකකය
ඩලස් අලහප්පෙරුම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණය කැදවීමට දින 69යි.. ශ‍්‍රීලනිපය නැවතත් එජාප තුරුළට ගෙන යාමේ දීන මෙහෙයුමක් - ඩලස් අලහප්පෙරුම
ජනාධිපතිවරණය කැදවීමට දින 69යි.. ශ‍්‍රීලනිපය නැවතත් එජාප තුරුළට ගෙන යාමේ දීන මෙහෙයුමක් - ඩලස් අලහප්පෙරුම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6C4zGc9YWG_0JOP89ywgJdfeShsHYW0tdy89pGbi_swb6YqsMMDzoC1gI8Q-u_M2oYd1rM47iWsOb81laUI9rVwcdt-nOzqLJp8KRgiD1R9lk77RaPS2sU4wQN-cnpbBVNf2HQAwVvJd9/s320/Dalas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6C4zGc9YWG_0JOP89ywgJdfeShsHYW0tdy89pGbi_swb6YqsMMDzoC1gI8Q-u_M2oYd1rM47iWsOb81laUI9rVwcdt-nOzqLJp8KRgiD1R9lk77RaPS2sU4wQN-cnpbBVNf2HQAwVvJd9/s72-c/Dalas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy