දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාඨලී කැබිනට් ඇමති වී දසවසක් 
Homeප්‍රවෘත්ති

පාඨලී කැබිනට් ඇමති වී දසවසක් 

PropellerAds

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්ව අදට (01) දස වසරක් සපිරේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුවිසල් මෙහෙවරෙන්...

ඩයනා මන්ත‍්‍රීධූරය අහෝසි වීමේ අවදානමක..!
ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා - රෝහිත රාජපක්‍ෂ
රන්ජන්ගේ මන්ත‍්‍රීකම ගැන කතානායකගෙන් නිවේදනයක් !
පාඨලී කැබිනට් ඇමති වී දසවසක් 

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්ව අදට (01) දස වසරක් සපිරේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුවිසල් මෙහෙවරෙන් බිඳක් කැටිකර ‘තිරසර පෙරමග‘ සුහුරු සුඛිත සුපහන් දේශයක් කරා විද්වත් ලිපි සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය අද පස්වරු 2.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

වර්තමානයේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධූරය හොබවන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දිවියේ පිය සටහන්

ඉංගිරිය සුමනජෝති විදුහලෙන් මූලික අධ්‍යාපනය ඇරඹීම  - 1971

ශිෂ්‍යත්ව විහාගයෙන් දිස්ත‍්‍රික්කයේ පළමුවැනියා වෙමින් ද්වීතික අධ්‍යාපනය සඳහා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වීම - 1976

කළුතර දිස්ත‍්‍රික්කයේ පළමු වැනියා ලෙස අ.පො.ස. (උ. පෙ) සමත් ව සරසවි ප‍්‍රවේශයට වරම් ලැබීම - 1984

ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වීම - 1985

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයේ සක‍්‍රිය දේශපාලන ක‍්‍රියාධරයෙක් ලෙස කටයුතු කිරීම (1985-92)

මවුබිම සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් කැපවීම (1986)

පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම සඳහා වූ අරගලය මෙහෙයවීම (1988)

තහනම් කොට තිබූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සභා යළි දිනා ගැනීම සඳහා වූ අරගලය ජයග‍්‍රහණය කරා මෙහෙයවීම (1990)

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හරිත දේශපාලන සංවීධානය වූ ජනතා මිතුරෝ පිහිටුවීම (1992)

ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය (NMAT) ආරම්භ කිරීම (1998)

එස්. එල්. ගුණසේකර හා තිලක් කරුණාරත්න මහතුන් සමග ජාතික මතවාදය ඉදිරියට ගෙන යාම සඳහා සිහළ උරුමය පක්ෂය පිහිටුවීම (2000)

ශ‍්‍රී ලංකාවේ 12වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුරයට සිහළ උරුමයෙන් තේරී පත්වෙමින් ජාතික දේශපාලනයට අවතීර්ණ වීම (2001)

ජාතික හෙළ උරුමය පක්ෂය පිහිටුවීම (2004)

ශ‍්‍රී ලංකාවේ 13වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුරයට ජාතික හෙළ උරුමයෙන් තේරී පත් වීම (2007)

පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට පත් වීම (2007)

2010 මහ මැතිවරණයට තරඟ කොට මනාප ඡන්ද 120,333 ලබා ගනිමින් කොළඹ දිස්ත‍්‍රික්කයේ තෙවැනි ස්ථානය ලබා ශ‍්‍රී ලංකාවේ 14 වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුරයට තේරී පත් වීම (2010)

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට පත් වීම (2010)

තාක්ෂණ, පර්යේෂණ හා පරමාණු බලශක්ති අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට පත් වීම (2013)

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට පත් වීම (2015)

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය (2016)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාඨලී කැබිනට් ඇමති වී දසවසක් 
පාඨලී කැබිනට් ඇමති වී දසවසක් 
http://ift.tt/2kooKE0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy