අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සභා සීමා නිර්ණය සම්බන්ධයෙන් අදාළ කමිටු වාර්තාව වසරකට වැඩි කාලයක් තිස්සේ ජනාධිපතිවරයාට ඉදිරිපත් කර නොමැත...
අගමැතිවරයාගේ මෙම කටයුත්ත නිසා ව්‍යවස්ථාවේ 48 වැනි වගන්තිය උල්ලංඝනය වන බවත් එනිසා ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයෙකු පත් කළ හැකි බව ද ඔහු කියා සිටි.
ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ සීමා නිර්ණය ගැන අධිකරණයේ මතය විමසීමට නොව අගමැතිවරයාගේ කමිටු වාර්තාව වසරක කාලයක් ලබා නොදීම ගැන ඔහුගෙන් නිදහසට කරුණු විමසීමක් කර අගමැතිවරයා දුරයෙන් ඉවත් කිරීම බවද හිටපු අගවිනිසුරුවරයා පෙන්වාදෙයි.
පළාත් සභා සීමා නිර්ණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන සරත් එන් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.
COMMENTS