2009 වසරේදී යුද්දය අවසන් වූ පසු ආරක්ෂක අංශ විසින් උතුරේ ජනතාවගේ යුද මානසිකත්වය තුරන් කිරීමේ එක් පියවරක් වහයෙන් උතුරේ ඉදිකර තිබූ එල්.ටී.ටී....
2009 වසරේදී යුද්දය අවසන් වූ පසු ආරක්ෂක අංශ විසින් උතුරේ ජනතාවගේ යුද මානසිකත්වය තුරන් කිරීමේ එක් පියවරක් වහයෙන් උතුරේ ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ මහවිරු සොහොන් ඉවත් කළද එසේ ඉවත් කරන ලද සොහොන් කොත් එකතු කොට කිලිනොච්චිය කනක පුරම් ප්‍රදේශයේ ස්මාර්කයක් ඉදිකොට ඇත.
මිය ගිය මහවිරුවන් වෙනුවෙන් නොවැම්බර් මස 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයේ උතුරු පලාත් ප්‍රධානතම මහවිරු සැමරුම සිදු කෙරෙන කිලිනොච්චිය කනක පුරම් ප්‍රදේශයේ මෙම ස්මාර්කය නිර්මාණය කොට ඇත.
මෙහි එක් සංවිධායකවරයෙකු වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාද කටයුතු කරන අතර මිය ගිය මහවිරුවන් වෙනුවෙන් සිහිකිරීමට දැන ඉදිරිව ඇති එකම සිහිවටන ලෙසත් ඉවත් කරන ලද මහවිරු සොහොන් කෑලි හෙයින් එම සොහොනේ කොටස් යොදා මෙම ස්මාර්කය සෑදීමට මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විසින් පියවර ගෙන ඇත.
ආරක්ෂක අංශ විසින් ඉවත් කරන ලද කොටි සංවිධානයේ සොහොන් කොත් නැවත එකතු කොට මෙසේ ස්මාර්ක සැදීමෙන් තුරන් වූ කොටි සංවිධානයට නැවත පණ දෙන්නට දරන වෑයමක්ද එසේත් නැතිනම් යුද මානසිකත්වය ටිකෙන් ටික අඩු වූ උතුරේ වැසියන්ට නැවත අඳුරු අතීතය සහි ගන්වා යුද මානසිකත්වය ඇති කරවීමට ගන්නා උත්සායහයක්ද යන්න හෙයින් මෙවර මහවිරු සැමරුම දෙස අවධානය යොමු කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවටද උතුරේ ඇතම් සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙති.
දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින් රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබාදී ඇත.මන්ත්‍රීවරයාට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මෙම මුදල ලබා දී ඇති අතර ඒ සදහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඊට අනුමැතියද ලබාගෙන තිබේ.
මෙවැනි තත්ත්වයක් යටතේ ලබන 27 වෙනිදා මෙම ස්ථානයේදී මහවිරු සැමරුම් උළෙලක් පැවැත්වුවද ආරක්ෂක අංශවලට නිහඩව සිටීමට සිදුවන තත්ත්වයක් කිලිනොච්චියේ උදා වී ඇතැයිද ඔවුහු කියා සිටිති.
(දිනසේන රතුගමගේ / වන්නි රොමේෂ් මධුසංක)
COMMENTS