දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෝරා මුස්ලිම් 21000 එන්න පෙර අධ්‍යාත්මික නායක සෙයියදිනා උණුසුම් පිළිගැනීමක් මැද ලංකාවට පැමිණෙයි !
Homeප්‍රවෘත්ති

බෝරා මුස්ලිම් 21000 එන්න පෙර අධ්‍යාත්මික නායක සෙයියදිනා උණුසුම් පිළිගැනීමක් මැද ලංකාවට පැමිණෙයි !

PropellerAds

ඩා වුඩි බෝරා ප්‍රජාවේ නායක සහ 53 වැනි අල්-දායි අල්-මුට්ලක් වන අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් කොළඹදී පැවැත්වීමට නිය...

දිස් ඉස් ද නිවුස් ඇට් ටෙන් - අනුර හෑගොඩ
ශ්‍රී ලංකා ඉනිම 419 කට සීමා වෙයි
දුමින්ද සිල්වාගේ මොළයට දැඩි හානි සිදුවූ බවට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් කියයි.
ඩාවුඩි බෝරා ප්‍රජාවේ නායක සහ 53 වැනි අල්-දායි අල්-මුට්ලක් වන අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් කොළඹදී පැවැත්වීමට නියමිත අෂාරා මුබාරකා දේශනාව සදහා ඊයේ (28දා) දිවයිනට පැමිණියේය. සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රමුඛ රජයේ නිලධාරීන්න සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයන් විසින් එතුමන්ව ගුවන් තොටුපළේදී පිළිගෙන තිබුණි.

පසුව එතුමන් කොළඹ බුර්හානි උද්‍යානයට පැමිණි අතර, ඩාවුඩ බෝරා සාමාජිකයන් විශාල පිරිසක් විසින් එතුමත්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. සභාව අමතමින් එතුමන් කියා සිටියේ, ශ්‍රී ලංකාවට පැමිණින ලෙස තමාට ආරධනා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තමාගේ විශේෂ ස්තුතිය පිරිනමන බවයි.

එසේම අෂාරා මුබාරකා සභාවටද ස්තූති කළ එතුමන්, තමන් ජීවත්වන මවුබිමට පක්ෂපාතව සිටින ලෙස තම බෝරා ප්‍රජාවට උපදෙස් දුන්නේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාමය සමගිය සහ සමෘද්ධිය වෙනුවෙන් යාඥා මෙහෙයක්ද හෙතම සිදුකළේය.

ආධ්‍යාත්මික නායකයා මෙම සංචාරය අතරතුර ප්‍රජාවේ සාමාජීකයන් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ කටයුතු පිළිබඳ සොයා බැලීමට නියමිත අතර, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, අනෙකුත් ආගමික ප්‍රජාවන්හි නායකයන්ද මුණගැසී රටේ අභිවෘද්ධිය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ඇති බව දැනුම් දී තිබේ.

ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 31දා සිට සැප්තැම්බර් මස 09 දක්වා දින 10ක් පුරා අෂාරා මුබාරකා උත්සවය පැවැත්වෙන අතර, සෑම වසරකම එක් එක් රාජ්‍යයන් තෝරාගැනීමේදී දහස් ගණන් වූ ඩාවුඩි බෝරා සාමාජිකයන් එසේ තෝරාගන්නා රටවලට ඒකරාශී වීම අනිවාර්යයෙන් සිදුවන්නක් බව කියැවිනි. ඒ අනුව, මෙවර ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන ඇති බැවින්, ලෝකයේ විවිධ වූ රටවල් 40කට අධික සංඛ්‍යාවකින් 21,000කට අධික ඩාවුඩි බෝරා සාමාජිකයන් පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

මෙහිදී, විශේෂයෙන් හුසේනි මස්ජිද් මධ්‍යස්ථානය පිහිටි බම්බලපිටිය ප්‍රදේශයේ සියලුම හෝටල්, තටිටු නිවාස, යනාදී නවාතැන් බොහෝ ප්‍රමාණයක් මෙන්ම,මෙරට කොළඹ වෙසෙන බෝරා ප්‍රජාවේ සාමාජිකයන්ගේ නිවාසවලද මේසේ පැමිණෙන පිරිස් නවාතැන් ගන්නා බව කියැවෙයි. ඔවුන් වෙනුවෙන්

 විශේෂ බස් රථ සේවා සැපයෙන අතර, මෙම කාලය තුළ ඉමාම් හුසෙයින්ගේ නාමයෙන් ලක්ෂ සංඛ්‍යාත ආහාර වේල්ද පිරිනමනු ලබන බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ මෙහි සමිබන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන මහජන සම්බන්ධීකාරක මුෆද්දල් ආදම්ජී මහතා පවසා සිටියේ, “ලොව පුරා වෙසෙන ඩාවුඩ් බෝරා ප්‍රජාවේ ස්වෙච්ඡා සාමාජීකයන් දහස් ගණනක් මේ වනවිට කොළඹට පැමිණෙමින් සිටිනවා. මෙවැනි විශාල උත්සවයක් සාර්ථකව සංවිධානය කිරීමට සහ කළමනාකරණය කිරීමට ඔවුන් සතුව මනා දැනුමක් සහ පළපුරුද්දක් තිබෙනවා. මෙවැනි උත්සවයකදී පැන නගින සනීපාරක්ෂක කටයුතු සහ රථවාහන තදබදය වැනි ගැටලු අවම කිරීම සදහා අප දේශීය පළාත් පාලන ආයතන සමග කටයුතු කරමින් පවතිනවා" යනුවෙනි.

කොළඹ නගරයේ ඩාවුඩි බෝරා සාමාජිකයන් 2,500ක් පමණ පිරිසක් ජීවත් වන අතර, බෝරා ප්‍රජාවේ බොහෝ සාමාජිකයන් වෙළඳ සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු වූ පුද්ගලයෝ වෙති. එමෙන්ම, මෙරට තුළ බෝරා මස්ජිද් පල්ලි 4ක් තිබෙන අතර, කොළඹ පිහිටා ඇති. හුසෙයිනි මස්ජිද් පල්ලිය ඉන් විශාලතම එක ලෙස සැලකේ. මෙවර අෂාරා මුබාරකා දේශනාව පැවත්වනුයේද මෙම පල්ලිය ආශ්‍රිතවය.

ෂමිල පෙරේරා/ අරුණ අමරසිංහ / ටී.කේ.ජී. කපිල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෝරා මුස්ලිම් 21000 එන්න පෙර අධ්‍යාත්මික නායක සෙයියදිනා උණුසුම් පිළිගැනීමක් මැද ලංකාවට පැමිණෙයි !
බෝරා මුස්ලිම් 21000 එන්න පෙර අධ්‍යාත්මික නායක සෙයියදිනා උණුසුම් පිළිගැනීමක් මැද ලංකාවට පැමිණෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiu9BpRTqsvqW5yN8fXE22bbnGzIsVlRSp5phD3lWF_G615qlJrYalPdggcxu8X_4s6wL8yIpHPeEzlx76R6EE2TsjAqrQzscXX4R_jUYY4L0a_Nx8Xe43UYzz7HY1MKrMP6Dmrt9Xn3cY/s320/bora-muslim.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiu9BpRTqsvqW5yN8fXE22bbnGzIsVlRSp5phD3lWF_G615qlJrYalPdggcxu8X_4s6wL8yIpHPeEzlx76R6EE2TsjAqrQzscXX4R_jUYY4L0a_Nx8Xe43UYzz7HY1MKrMP6Dmrt9Xn3cY/s72-c/bora-muslim.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/21000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/21000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy