- මොළය ඉදිරිපස බිඳී ගිය හිස් කබලේ කොටස් සහ උණ්ඩ කොටස්. - උණ්ඩ කොටස් මොළය අභ්‍යන්තරයටත් කිඳා බැහැලා. - ආතතිය සහ සංකීර්ණතා මත රෝගී තත්...
- මොළය ඉදිරිපස බිඳී ගිය හිස් කබලේ කොටස් සහ උණ්ඩ කොටස්.
- උණ්ඩ කොටස් මොළය අභ්‍යන්තරයටත් කිඳා බැහැලා.
- ආතතිය සහ සංකීර්ණතා මත රෝගී තත්ත්වය වැඩිවීමේ අවදානමක්.
- පරීක්ෂණය අතරතුර ආසනයෙන් නැගිට යාමේ අපහසුතාවක්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා, පදනම් විරහිත හා අසත්‍ය බව අධිකරණ නිර්දේශ මත විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් සිදුකළ පරීක්ෂණයකින් පසු නිකුත් කළ වාර්තාවකින් යළි තහවුරු වී තිබෙනවා.
අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දුමින්ද සිල්වා, නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු රෝගී තත්ත්වයක පසුවන බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් සපයන ලෙසට, කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
එය කොළඹ මහාධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරිය වන ජී.ඒ.ආර්. ආටිගල වෙත යොමු කර ඇත්තේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් යුතුවයි.
මෙම වාර්තාවට අනුව වෛද්‍ය මණ්ඩලය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, ඒ අනුව දැක්වෙන්නේ ඔහුගේ හිස්කබලට සහ මොලයට දැඩි හානි සිදුව ඇති බවයි.
ඔහුගේ මොලයෙහි ඉදිරිපස කොටසෙහි, හිස් කබලේ බිඳී ගිය කොටස් සහ උණ්ඩ කොටස් තැන්පත්ව ඇති බවත්, ඇතැම් උණ්ඩ කොටස් මොලය අභ්‍යන්තරයට කිඳා බැස ඇති බවත්, එහි සඳහන් වනවා.
ඔහුගේ මොලයේ කොටස් කිහිපයක ඉදිමීමක් සිදුව ඇති බවද වෛද්‍ය මණ්ඩලය සිය වාර්තාවෙන් ප්‍රකාශ කරනවා.
වෙඩි වැදීමෙන් පසුව සිංගප්පූරුවේදී සිදුකළ සී.ටී. පරීක්ෂණය හා සැසඳීමේදී සිය වෛද්‍ය මණ්ඩලය මගින් සිදුකළ සී.ටී. ස්කෑන් පරීක්ෂණයේ වෙනස්කම් කිසිවක් නොමැති බවද මෙම වාර්තාවේ සඳහන්.
මොලයේ සහ හිස්කබලේ සිදුව ඇති අදාළ ආබාධ සහ සංකූලතා හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට විවිධ රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බවද වෛද්‍ය මණ්ඩලය පෙන්වා දෙනවා.
එසේම ආතතිය සහ සංකීර්ණතා මත එම රෝගී තත්ත්වයන් වැඩිවීමේ අවදානමක් පවතින බවද එහි සඳහන්.
දුමින්ද සිල්වා සිය පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය දැක්වූ බවත්, පරීක්ෂණයේදී ඔහුට ආසනයෙන් නැගිට ඇවිදීමේ අපහසුවක් පැවති බවත්, වෛද්‍ය මණ්ඩලය සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා.
මෙම වෛද්‍ය වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දිගුකාලීන සහ නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර හා පරීක්ෂණවලට භාජනය විය යුතු රෝගී තත්ත්වයක පසුවන බවයි.
ඊට අමතරව සිංගප්පූරුවේදී නිර්දේශ කළ පරිදි ඔහුට ශ්වසන උපකරණ භාවිත කිරීමට අවශ්‍ය බව මෙම වෛද්‍ය මණ්ඩලය මගින් තවදුරටත් තහවුරු කර තිබෙනවා.
උසාවි කටයුතු සඳහා දුමින්ද සිල්වාට සහභාගිවීමේ ගැටලුවක් නොපවතින බව මෙම වාර්තාවෙන් දක්වා ඇති අතර, පීඩාකාරී තත්ත්වයන් තුළ රෝගී තත්ත්වයන් උත්සන්නවීමේ අවදානමක් පවතින බවද එහි සඳහන්.
හිසට මාරාන්තික වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා ප්‍රථමයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ඔහුගේ හිස්කබලෙන් අඩක් ඉවත් කෙරුණා. අනතුරුව සිංගප්පූරුවේදී සංකීර්ණ සැත්කම් දෙකක්ද සිදුකළා.
පෙර වෛද්‍ය වාර්තා සහ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලය මගින් ලබාදුන් වාර්තාව අනුව ඔහු තවදුරටත් අවදානම් තත්ත්වයක පසුවන බව යළි යළිත් සනාථ වන අතර, එවැනි කෙනෙකුට රෝගයක් නොමැති බවට චෝදනා කරන්නේ නම් එය, හුදෙක් ද්වේශ සහගතව සහ වෛරී චේතනාවෙන් එල්ල කරන චෝදනාවක්.
රෝගයක් සඳහා ප්‍රතිකාර ලැබීම ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු සතු මානව අයිතිවාසිකමක් වන අතර, එයට බලපෑම් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ.
ඒ සම්බන්ධයෙන් වන පසුබිම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මෙලෙස පැහැදිලි කළා.
‘‘ රෝගියාට මූලික වශයෙන්ම අයිතිවාසිකම් හිමි වෙන්න ඕන. ඒ, හිමිවෙන්න ඕන ප්‍රධාන අයිතිවාසිකම තමයි සෞඛ්‍ය අයිතිවාසිකම. මේ රෝගියාට මූලික වශයෙන්ම වැදගත් වනවා ජීවත් වීමේ අයිතිය. සෞඛ්‍ය අයිතිය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය පිළිගන්න ප්‍රධාන අයිතියක්. මේ, සෞඛ්‍ය අයිතිය ශ්‍රී ලංකාව පිළිඅරගෙන තිබෙනවා. සෞඛ්‍ය අයිතිය කියන්නේ අනිවාර්යෙන්ම එයාගේ ජීවිතය හා රැඳී පවතින අයිතියක්. එය ලබාදෙන්න රජයක් හැටියට ශ්‍රී ලංකා රජය බැදිලා ඉන්නවා. විවිධ පුද්ගලයන්, විවිධ චෝදනා කළත්, සෞඛ්‍ය අයිතිය තමයි වැදගත් වන්නේ. චෝදනාවන් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් ඒ රෝගියාගේ ජීවිතය රැක ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වෛද්‍ය මණ්ඩලයක් මගින් අනුමත කරලා එහෙම සෞඛ්‍ය සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න දීලා තියෙනවා නම් සෞඛ්‍ය අයිතිවාසිකම් වැදගත්.’’
(Hiru News)
COMMENTS