ප සුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුනු ඡන්ද ලක්ෂ 15 ක ප්‍රමාණය ඩාර්ලි පාරේ පිහිටි ශ්...
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුනු ඡන්ද ලක්ෂ 15 ක ප්‍රමාණය ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ගෝනිවල දමා ගබඩා කර ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප‍්‍රශ්න කරයි.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම ඡන්ද පදනම නැති බවත් ගම්වල ශ‍්‍රීලනිප පාක්ෂිකයන් තොග වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වී සිටින බවත් ඔහු සඳහන් කළේය.
තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ 15ක පදනමක් ඇතැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කරන ප්‍රකාශයන් ගැන ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පල කලේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වන බවද ඔහු පැවසුවේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS