දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රිකුණාමලය, කින්නියා උණුදිය ළිං අසළ දෙමළ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් කළහකාරී ලෙස හැසිරිලා, STF එකෙන් ඇවිල්ලා !
Homeප්‍රවෘත්ති

ත්‍රිකුණාමලය, කින්නියා උණුදිය ළිං අසළ දෙමළ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් කළහකාරී ලෙස හැසිරිලා, STF එකෙන් ඇවිල්ලා !

PropellerAds

ත්‍රි කුණාමලය, කින්නියා උණුදිය ළිං පුරාවිද්‍යා ස්ථානයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විරෝධය පා ඊයේ (16දා) කින්නියා මංසන්ධියෙහි පිරිසක් කලහකාර...

“බන්ධනාගාර තුළ ඉද ගෙන මේවා දිගින් දිගටම කරනවා නම් ඉතිරි ටිකත් මාරු කරනවා” - තලතා
බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිසක් හා මන්ත්‍රී සේනාධිරාජා අතර රහසිගත සාකච්ඡාවක්
ගාලු වරායේ කොටසක් හා රූමස්සල වෙරල හොර පාරෙන් ඉන්දියානු සමාගමකට - පිටුපස ප්‍රබල ඇමැතිවරයෙක්
ත්‍රිකුණාමලය, කින්නියා උණුදිය ළිං පුරාවිද්‍යා ස්ථානයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විරෝධය පා ඊයේ (16දා) කින්නියා මංසන්ධියෙහි පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා තත්ත්වය පාලනය කිරීමටත් ඒ අවට ආරක්ෂාවට පොලිසිය විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව යොදවනු ලැබීය.

උණු දිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් දා ගැබෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් ලබාදීමෙන් පසුව එම දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරමින් සිටියදී ඊට විරෝධය පා දෙමළ ජාතික ජනතා පෙරමුණෙහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන්, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි යෝගේෂ්වරන් හා ත්‍රිකුණාමලයේ දෙමළ දේශපාලන පක්ෂ රැසක පළාත් පාලන මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් ඊට විරෝධය පෑමට මෙම ස්ථානයට රැස්ව සිටියහ.

මෙම පිරිස මෙම ස්ථානයට පැමිණ විරෝධය දක්වන බව දැනසිටි උප්පුවේලි පොලිසිය එය වාරණයට ලක්කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි. එමෙන්ම ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් හිමිවරු ප්‍රදේශවාසීන් හා විවිධ පක්ෂවලට අයත් පළාත් පාලන මන්ත්‍රිවරුන් රැසක් උණු දිය ළිං පුරාවිද්‍යා ස්ථානය ආසන්නයට පැමිණ රැඳී සිටීම නිසා දෙපාර්ශ්වය අතර ඇතිවන්නට ගිය නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් මාර්ග බාධක යොදා දෙපාර්ශ්වයෙහි මඟ අහුරා තිබිණි.

මේ හේතුවෙන් කින්නියාව උණු දිය ළිං පරිශ්‍රය නැරැඹීමට පැමිණ සිටි සංචාරකයන් රැගත් වාහන රැසකට ඉන් පිටතට යෑමට නොහැකිව පැය ගණනක් සිරවී සිටියහ. ඇතිවූ හදිසි තත්ත්වය පාලනය කිරීමට සූදානමින් අවට පොලිසි කිහිපයකින් පොලිසිය හා විශේෂ කාර්ය බළකා භට පිරිස් මෙන්ම 221 බළ සේනා මූලස්ථානයට අයත් හමුදා කැඳවා ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.

යෝජිත දාගැබෙහි සංරක්ෂණ කටයුතු නොකරන ලෙසත් එම ස්ථානයෙහි පැරැණි කෝවිලක් තිබූ බවත් විරෝධතාකරුවෝ පැවැසූහ. විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය විසින් ලබාගෙන තිබූ අධිකරණ නියෝගය පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවද ඔවුන් ඉන් පිටව නොගිය අතර අධිකරණ නියෝගය නොතකා උණු දිය ළිං පරිශ්‍රයට කඩා වැදීමට කලහකාරීන් උත්සාහ ගැනීම නිසා පොලිසිය හා කලහකාරීන් අතරද උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

2011 සැප්තැම්බර් 9දා අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් උණුදිය ළිං හා ඒ අවට භූමිය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කර ඇති අතර එහි සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ත්‍රිකුණාමලය දිසාපතිවරයා හා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද ලිඛිතව දන්වා තිබේ. පැය කීපයක් පුරා කලහකාරී අයුරින් කින්නියා මංසන්ධියේ රැඳී සිටි පිරිස් පසුව විසිර ගියහ.

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රිකුණාමලය, කින්නියා උණුදිය ළිං අසළ දෙමළ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් කළහකාරී ලෙස හැසිරිලා, STF එකෙන් ඇවිල්ලා !
ත්‍රිකුණාමලය, කින්නියා උණුදිය ළිං අසළ දෙමළ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් කළහකාරී ලෙස හැසිරිලා, STF එකෙන් ඇවිල්ලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCWIbrLssYN321TJR2jYoSZqexCf4SbpGYm8Dw2ydfbM28YGjFxfC256OOybwW5oinipGLgNnnDvF-tyGkMJCylZRL36smEMukvKHFj_Wli3GHEe0t8-GFZwPxepv7vQRdK-BpxO4rs3CH/s320/5d2e91347a380_177.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCWIbrLssYN321TJR2jYoSZqexCf4SbpGYm8Dw2ydfbM28YGjFxfC256OOybwW5oinipGLgNnnDvF-tyGkMJCylZRL36smEMukvKHFj_Wli3GHEe0t8-GFZwPxepv7vQRdK-BpxO4rs3CH/s72-c/5d2e91347a380_177.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/stf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/stf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy