දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ISIS හා අල්කයිඩාවට නාවුක හමුදා ගිනි අවි දුන්නා.. ඇවන්ගාඩි සභාපතිගෙන් කෙස් කෙලින් කරවන හෙලිදරවුවක්..
Homeප්‍රවෘත්ති

ISIS හා අල්කයිඩාවට නාවුක හමුදා ගිනි අවි දුන්නා.. ඇවන්ගාඩි සභාපතිගෙන් කෙස් කෙලින් කරවන හෙලිදරවුවක්..

PropellerAds

නාවික හමුදාව යටතේ තිබූ අවි ආරක්ෂණ කටයුතු ඔවුන්ගෙන් ඉවත්කර අපගේ ඇවන්ට්ගාර්ඩ් සමාගමට දුන්නේ ඇයි දැයි අසමින් ද්වේශ සහගත ලෙස අවළාද නගනා, මඩ ගසන...

දිවිනසාගත් බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර යළි ගොඩගනී
අනුර සේනානායක යළි රිමාන්ඩ් - තාජුඩින්ගේ අස්ථි ගැන ජාන පරික්ෂණයක්
විධායක බලතල අතට ගන්නැයි ජාතික භික්ෂු පෙරමුණ කියයි (VIDEO)
නාවික හමුදාව යටතේ තිබූ අවි ආරක්ෂණ කටයුතු ඔවුන්ගෙන් ඉවත්කර අපගේ ඇවන්ට්ගාර්ඩ් සමාගමට දුන්නේ ඇයි දැයි අසමින් ද්වේශ සහගත ලෙස අවළාද නගනා, මඩ ගසනා සහ එම ක්‍රියාපටිපාටිය පිළිබඳව දැනගැනීමේ කුතුහලයෙන් පෙළෙනා බොහෝ දෙනෙකු වෙනුවෙන් මා මේ ලිපිය ලිවීමට තීරණය කළෙමි.

සියලු ලිපි ලේඛන අප අතැතිව වසර පහකට ආසන්න කාලයක් අප ඒ පිළිබඳව නිහඬව සිටියේ එයින් නාවික හමුදාවට වෙන අපහසුතාවයත්, අප ආයතනයේ වැඩ කළ විශ්‍රාමික නාවික හමුදා නිළධාරින් එය හෙළිදරවු කරනවාට දැක්වූ අකමැත්තත් නිසා ය. නමුත් අකමැත්තෙන් වුවත් මේ මොහොතේ සත්‍යය ජනතාවට හෙළිදරව් කළයුතුව ඇත.

නාවික හමුදාව යටතේ පැවති ගොඩබිම පවත්වාගෙන ගිය අවි ආරක්ෂණ මෙහෙයුම්, අපගේ සමාගමට අයත් ගාලූ වරායේ නවතා තිබූ ( MV මහනුවර) නෞකාව වෙත ලැබෙන්න්ට ප්‍රධාන හේතු වුයේ නාවික හමුදාවේ පහල ස්ථරයේ අවි ආරක්ෂණ කටයුතු බාරව ක්‍රියා කළ දූෂිත නිළධාරින් නීතී විරෝධී අවි ආයුධ 800 වැඩි ප්‍රමාණයක් (මේ අපට දැනගන්නට ලැබුණු අවි ගණන පමණි. සැබෑ ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් වැඩිවීමට පුළුවන) ඩොලර් 5000 ක මුදලකට විදේශිකයන්ට විකිණීමත්, ඒවාට බලපත්‍ර ලබාදීමත්, ඔවුන්ගෙන් කප්පම් ගැනීමත්, විදේශිකයන් අවි ආයුධත් සමග මෙරටට ඇතුළු වීම රටේ ආරක්ෂාවට තර්ජනයක් වීමත් ආදී කරුණු නිසා ය. මේ නීති විරෝධී අවි ISIS සහ අල්කයිඩා සංවිධාන අතට පත්විය. යම් දිනෙක මෙවා හෙළි වූ විට සිදුවිය හැක්කේ කුමක්දැයි සිතාගත නොහැකිය. අප මේ සියලු කරුණු පවසන්නේ සාක්ෂි සහිතව වන අතර මෙම සාකච්ඡාව සිදුවූයේ අද්මිරාල්වරු පස්දෙනෙකු ඉදිරිපිටදී ය.

එම දූෂිත නිළධාරින් සේවයෙන් පහකිරීමෙන් පසු මෙම මෙහෙයුම් නවතා දමන්නට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා අණ කළත් කරුණු දැක්වීමෙන් පසුව අප ආයතනයට එම මෙහෙයුම් බාර ගැනීමට හැකි බව දන්වා සිටියේ අප සමාගම ඒ වනවිටත් කිසිවකුගේ සහයක් නොමැතිව රතු මුහුදේ අවි ආරක්ෂණ නෞකාවක් පවත්වාගෙන ‍යෑමත්, ඒ වන විට මුහුදේ සිදුකරන අවි ආරක්ෂණය සම්බන්ධයෙන් පළපුරුද්දක් තිබූ එකම ආයතනය ඇවන්ට්ගාර්ඩ් වීමත් නිසා ය. පළමුව මෙම මෙහෙයුම් ලබාදුන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති රක්නා ලංකා පෞද්ගලික සමාගමට වුවත් ඔවුන්ට එය ඉටු කිරීමට නෞකා ආදී ප්‍රමාණවත් තරම් සම්පත් නොතිබූ නිසා ඔවුන් අප සමග හවුල් ව්‍යාපාර ගිවිසුමකට එකඟ විය. මෙම ගිවිසුම නිසා නාවික හමුදාවටත්, රක්නා ලංකා සමාගමටත් පෙර ලැබුණ අදායම මෙන් කීප ගුණයක අදායමක් ලබාගත් හැකිවිය.

අවි ආරක්ෂණ මෙහෙයුම් සම්බන්ධයෙන් මා ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ප්‍රසංශාවට ලක්කළ ආකාරය 2012 වසරේ නාවික හමුදාවේ ඉහළ නිළධාරින් අට දෙනෙකු හා මා අතර පැවති රැස්වීම් වාර්තාවේ ඇත. ” නාවික හමුදාවට අවශ්‍ය වන්නේ මුදල් නොව ජාතිකාරක්ෂාව බව කීමට තරම් හිටපු නාවික හමුදාපතිවරයා නිහතමානී වු බව අප මතක් කළ යුතුය. ” එමෙන්ම රණවිරුවන් ලෙස, ශ්‍රේෂ්ඨ නාවික හමුදාවට අපගේ ගෞරවය සෑමවිටම හිමිවනු ඇත. අප මෙතෙක් කල් මේ කරුණු සඟවාගෙන සිටියේ මෙමගින් නාවික හමුදාවට සිදුවන ලැජ්ජාව ගැන සලකාය. නමුත් මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ජාතික පුවත්පත් වෙත යොමු කිරීමට ද මා තීරණය කර ඇත.

විශේෂ හෙළිදරව්ව :

රක්නා ලංකා මෙහෙයුම් අප වෙත බාරදීමට පෙර විදෙස් ආයතන 24ක් සඳහා විදෙස් රටවලට ගෙනගිය අවි 172 ක් අස්ථානගතව වූ අතර එයින් 158 ක් ලොවවටා ගොස් අප ආයතනයට සොයාගත හැකිවිය. ඉතිරි 14 අදටත් අස්ථානගත ය. එම අවි ISIS, අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ අතට පත්වන්නට ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැරිටයිම් ආයතනය ලිඛිතව දැන්වූ ලිපියක් අප සතුව ඇත. යම්කිසි දිනෙක් ත්‍රස්තවාදීන් මෙම අවි භාවිත කර මනුශ්‍ය ඝාතනයක් සිදුකර හසු වුවහොත් ගිනි අවියේ නොම්මරය බලා එය ලංකාවෙන් නිකුත්කර ඇති බවට අනාවරණය වනු ඇත. මේ ගැන මා වගකිවයුතු ආයතන හා CID ය දැනුවත් කළ නමුත් ඔවුන් ඒ පිළිබඳව ක්‍රියාත්මක වුයේ නැත.

මේජර් නිශ්සංක සේනාධිපති
ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සභාපති

ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සභාපති මේජර් නිශ්සංක සේනාධිපති මහතා විසින් සකස් කරන ලද ලිපියකි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ISIS හා අල්කයිඩාවට නාවුක හමුදා ගිනි අවි දුන්නා.. ඇවන්ගාඩි සභාපතිගෙන් කෙස් කෙලින් කරවන හෙලිදරවුවක්..
ISIS හා අල්කයිඩාවට නාවුක හමුදා ගිනි අවි දුන්නා.. ඇවන්ගාඩි සභාපතිගෙන් කෙස් කෙලින් කරවන හෙලිදරවුවක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpDkU_fr00ofgFGBmW0JqYpljBYRKEYcTo0HN71l8TdZ83ExK_rC60IdhyphenhyphenOpE6cKY1K078gAPHJF4IOhcR7vCUs9Bq0l978qRQNsJU9bhuIjsmd5xTTI_nLsvkJCtYMFCvgmwb1tQzLjkE/s320/nishanka-senadipathi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpDkU_fr00ofgFGBmW0JqYpljBYRKEYcTo0HN71l8TdZ83ExK_rC60IdhyphenhyphenOpE6cKY1K078gAPHJF4IOhcR7vCUs9Bq0l978qRQNsJU9bhuIjsmd5xTTI_nLsvkJCtYMFCvgmwb1tQzLjkE/s72-c/nishanka-senadipathi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/isis.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/isis.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy