කු රුණෑගල මහ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර නිසි අයුරින් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍ර...
කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර නිසි අයුරින් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව දන්වා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ඇතුළු නීතිඥයින් පිරිසක් මෙන්ම එලෙස අගතියට පත් පිරිස් ජාතික පොලිස් කොමිසමට කරන ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම කොමිසම වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යොමුකරන ලද ලිපියක් අනුව විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාට ඒ බව දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඕ.පී ලක්ෂ්මන් මහතා වැඩ බලන පොලිස්පතිවරයාට යෙමු කරන ලද එම ලිපියේ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය යටතේ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර එම විමර්ශන කටයුතු සිදුකරන ලෙසද දන්වා ඇතැයි පැවාසේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සිදු කෙරුණ සැත්කම් වලදී මව්වරුන් වද භාවයට පත් කළැයි කියන සිද්ධියකට වෛද්‍ය සාෆි 1978 අංක 49 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉකුත් මැයි මස 27 අත් අඩංගුවට ගත් අතර ඉකුත් 11 වැනිදින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුය මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
– lankadeepa

COMMENTS