දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් එන සතියේ.. පාස්කු බෝම්බයෙන් ආණ්ඩුව නිදහස් ! - පල්ලි-හෝටල්වලට ගොස් මියගිය ජනතාව වරදකරුවන් වෙයි
Homeප්‍රවෘත්ති

ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් එන සතියේ.. පාස්කු බෝම්බයෙන් ආණ්ඩුව නිදහස් ! - පල්ලි-හෝටල්වලට ගොස් මියගිය ජනතාව වරදකරුවන් වෙයි

PropellerAds

ජේ්‍ යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයක් දරන, මෙතෙක් කිසිවකු නොහඳුනන, මෙරට ජාතික ආරක්ෂාවේ වැදගත්ම භූමිකාවක් ඉටුකරන රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ...

ඉන්ධන මිල යළිත් ඉහළට
තෙල් මිල යළි ඉහළ නඟී
ආශු සහ ඉම්රාන් අධ්‍යාපන අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රීධුරවලට
ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයක් දරන, මෙතෙක් කිසිවකු නොහඳුනන, මෙරට ජාතික ආරක්ෂාවේ වැදගත්ම භූමිකාවක් ඉටුකරන රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලබන සතියේ දී ‘රියැලිටි ෂෝ’ පෙන්වන ‘කෝලං කාරක සභාවට’ කැඳවා මෙරට ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ පාලනය සූදානම් වන බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (14) මුලතිව්, වැලිඔය, සම්පත්නුවර දී පැවති ‘උතුර දකුණ යා කරන සහෝදරත්වයේ ජන හමුව’ අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“රිෂාඞ් බදියුදීන් විල්පත්තුව, කල්ලාරු ප්‍රදේශයේ සිදු කර ඇති විනාශයන් නිරීක්ෂණය පිණිස මා පැමිණි දිනයේදී වැලිඔය සිට බසයක් පුරවා ගෙන එතැනට පැමිණි පිරිස මගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි මෙම ජන හමුව පැවැත්වෙන්නේ. ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු, මඟ පෙන්වීම් සිදු කළ අප පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සංවිධායක දමිත් රත්නවීර සහ දේශපාලන මණ්ඩල සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත වන්නිආරච්චි යන සොයුරන්ට මගේ කෘතවේදීත්වය පළ කළ යුතුයි.

‘නල්ලමලේ නඩුකාර කට්ටලය’

තිස්වසරක යුද්ධයක් නිමා කළ රටක ජනතාව, නිදහසේ හුස්ම ගනිමින් සිටියදී තමයි පාස්කු ඉරිදා දින ප්‍රහාරය සිදු වුණේ. එය සුළුවෙන් සැලකිය හැක්කක් නොවේ. ඒ පිළිබඳව සොයා බලන්න ආණ්ඩුව ‘නල්ලමලේ නඩුකාර කට්ටලයක්’ පත්කර තිබෙනවා. ඒ කෝලං කාරක සභාවේ මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ පියා වූ ඊබ්‍රාහිම්ගේ පක්ෂයේ නලින්ද ජයතිස්ස ඉන්නවා. නැගෙනහිර පළාතේ ඉන්න සුෆී මුස්ලිම්වරුන් සහරාන්ගේ අන්තවාදී ක්‍රියා පැමිණිලි කරද්දී ඒවා යට ගසා ඔහු සමග ගිවිසුම් ගහපු රවුෆ් හකීම් ඉන්නවා. කල් ඉකුත් වූ, ප්‍රමිතියෙන් තොර ඖෂධ මේ රටේ ජනතාවට පොවපු ‘සුවපති’ ඉන්නවා. සරත් ෆොන්සේකා මහත්තයා ගැන මම මොකුත් කියන්නේ නැහැ. මේ අය අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය ඉදිරියට දමාගෙන ‘රියැලිටි ෂෝ’ පෙන්වමින් ජනතාවගේ අවධානය වෙනතකට හරවන්න හදනවා.

‘ඊළඟ බුද්ධි අංශ මහා පාවාදීම’

‘මිලේනියම් සිටි’ මහා පාවාදීම සිදු කරපු, බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමා, බුද්ධි මෙහෙයුම් බිඳ දැමූ මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය දැන් සැරසෙන්නේ එවැනිම මහා පාවාදීමක් සිදු කරන්නයි. දැන් මේ රටේ ‘කෝලං කාරක සභාව’ ඉදිරියට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවන්නයි සූදානම් වෙන්නේ. මෙතෙක් කිසිවකු හඳුනානොගත්, එක්තරා ආකාරයක අර්ධ රහසිගත ජීවිතයක් ගත කිරීමට සිදුව ඇති, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශාල වගකීමක් පැවරී ඇති, මෙරට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙලෙස මේ ‘රියැලටි ෂෝ’ එකට ගෙනැවිත් ප්‍රශ්න කළාම මොකද වෙන්නේ? ඔහු රට හමුවේ පමණක් නොවෙයි ලෝකය පුරාම අනාවරණය කෙරෙනවා. ඔහු සතුව ඇති සංවේදී බුද්ධි තොරතුරු රැසක් විමසා මෙරට බුද්ධි මෙහෙයුම් ජාලය සම්පූර්ණයෙන්ම වනසා දමන්නයි මේ දේශද්‍රෝහීන් සැරසෙන්නේ. සහරාන්ලා මරාගෙන මැරෙන ප්‍රහාරවලට සූදානම් බව දැනුම් දුන්නේ රාජ්‍ය බුද්ධි අංශය බව අමතක කරන්න එපා. මේ දේශද්‍රෝහී ආණ්ඩුව මෙමගින් තවත් වහබි ත්‍රස්ත ප්‍රහාරයකට පාර කපා දෙන බව ඔබ වටහාගත යුතුයි. ඒ නිසා සහරාන් එල්ල කළ ප්‍රහාරයට වඩා වැඩි ප්‍රහාරයක් මේ රටේ ‘කෝලං කාරක සභාව’ විසින් ජාතික ආරක්ෂාවට එල්ල කරනවා. මේ දේශද්‍රෝහී ආණ්ඩුව, නිලන්ත ජයවර්ධන මහතාගේ ඡායාරූපයක් ඔහු මේ ‘කෝලං කාරක සභාවට’ කැඳවන්න පෙර දිනයේ තමන්ට හිතවත් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කරන්න සූදානම් වෙනවා. මේක එහෙව් දේශද්‍රෝහීි ආණ්ඩුවක්.

මිනීමැරීමට අනුබල දුන් ආණ්ඩුවක්

ජනාධිපති සහ අගමැති හොඳටම ගැලපෙන ජෝඩුවක්. වහින කාලයට කුඹුරකට දැම්මා නම් හොඳට හාගන්න තිබුණා. මේ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ‘එයා මෙයාට දමනවා, මෙයා එයාට දමනවා’ බලමින් ඉන්නයි ජනතාවට සිදුව ඇත්තේ. අවසානයේ දී මේ මරාගෙන මැරෙන ප්‍රහාරයට වගකියන්න සිදුව ඇත්තේ කාට ද? පාස්කු ඉරිදා පල්ලියට ගිය අහිංසක මිනිස්සුන්ට. එදින උදේට කන්න හෝටලවලට ගිය පිරිස්වලට. එයාලාට හරීන්ගේ තාත්තා වගේ තාත්තා කෙනෙක් හිටියා නම් එදා ගෙදරට වෙලා ඉන්න තිබුණා. ඒ නිසා අප වටහා ගත යුතුයි, ‘මේක මිනීමැරීමට අනුබල දුන් ආණ්ඩුවක්’ කියා.

‘උතුරු – නැගෙනහිරට කරපු අපරාධය’

නැගෙනහිර පළාතේ ජාතිවාදී කල්ලිවලට උවමනා පරිදි සියල්ල සිදුවීමට ඉඩ හැරපු නිසයි සහරාන්ලා සයින්දමරුදුවල අවි ගබඩා පවත්වාගෙන ගියේ, පුහුණුව ලැබුවේ. ආණ්ඩුව පවත්වාගෙන යෑමට උදව් දුන් නැගෙනහිර ජාතිවාදී කල්ලිවලට රිසි සේ වැඩෙන්න දුන් මේ පාලකයන් ඒ අස්සේ සහජීවනයේ කොඩියත් වනනවා. උතුරු පළාත තුළ ඉන්න ජාතිවාදී අන්තවාදී නායකයන්ටත් කප්පම් දීලා ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා ගන්නවා. අද උතුර පාලනය වන්නේත් ඒ ජාතිවාදී අන්තවාදීන්ට උවමනා ආකාරයටයි. සම්බන්ධන්ට විපක්ෂ නායක ධුරය අහිමි වුණාට විපක්ෂ නායක නිල නිවස, සුඛෝපභෝගී වාහන 02, තෙල් කෝටාව තවමත් ලැබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මිලියන 500ක් සහ රැකියා 150ක් බැගින් ලැබෙනවා. නමුත් උතුරු පළාතේ දෙමළ ජනතාවට මොනවාද ලැබුණේ? මහින්ද මහත්තයාගේ කාලේ ඇදපු කරන්ට් වයර් එක, තවදුරටත් ඇදුණේ නැහැ, කාපට් පාර තව එක් අඟලක්වත් හැදුණේ නැහැ. අපේ පාලන කාලයේ මේ ජාතිවාදී නායකයන්ට කප්පම් දුන්නේ නැහැ. නමුත් අපි උතුරේ සාමාන්‍ය ජනතාවට වැඩ කළා. නැගෙනහිරටත් එහෙමයි. උතුර සහ නැගෙනහිර ජාතිවාදී කල්ලිවලට බෙදලා දීලා, ආණ්ඩුව පවත්වාගෙන යන්න මේ පාලකයන් ඔවුන්ගේ උදව් ගත්තා. අපි කළේ යුද්ධයෙන් පසු උතුරු – නැගෙනහිර මිනිස්සුන්ට දෙපයින් නැගී සිටින්න උදව් කිරීම.

‘රතු අලි පැටියා අන්දරේ වෙලා’

අනුර දිසානායක විශ්වාසභංගයක් ගෙනත් පරාද වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ අපට බනිමින් යනවා. මෙයා හරියට අන්දරේ වගේ. එක වතාවක් ගමකට ගිහින් විශාල ගල් පර්වතයක් අයින් කරන්න පොරොන්දු වෙලා ගම්මුන්ගෙන් කකා බිබී හිටපු අන්දරේගේ කතාව මතකයිනේ. එතැනදී අන්දරේ කීවානේ, ‘මේ ගල උස්සලා මගේ කරෙන් තියන්න, ඊට පස්සේ මම අරන් යන්නම්’ කියලා. මෙතන අනුරත් එහෙම තමයි. අපි ‘ගල’ ඔසවලා කරෙන් තියෙනකම් බලන් ඉඳලා. මෙයාලා රනිල් වික්‍රමසිංහ යවන්න විශ්වාසභංග ගෙනෙන අය නොවෙයි, තිරිහන් කරන්න විශ්වාසභංග ගෙනෙන අය. නමුත් රනිල් තිරිහන් වන්නේ නැහැ. ජන්දයක් ආපු ගමන් ‘සෙත්ත පෝච්චි’ වෙනවා. එයාට ‘අනිච්චාවත සංඛාරා’ කියන්න වෙනවා. දැන් බලන්න සම්බන්ධන් මහත්තයා කියනවානේ ‘විශ්වාසභංගයට අනුර මගෙන් උදව් ඉල්ලුව් නැහැ’ කියා. ඒක තමයි, තමන්ගේ හිතවත් සම්බන්ධන්ගෙන්, සුමන්තිරන්ගෙන් ඇයි අනුර සහාය ඉල්ලුවේ නැත්තේ? මේ අය කරන්නේ තනිකරම ප්‍රෝඩාවක්.

‘පන්නා ගන්න බැරි ගෙම්බා’

රනිල් වික්‍රමසිංහ බලන්නේ තත්වය හොඳ නම් තමන්ම ජනාධිපති අපේක්ෂකයා වෙන්න. නැත්නම් කරු ජයසූරිය නම් කරන්න. සජිත් අපේක්ෂකත්වය සමඟ පක්ෂ නායකත්වයත් ඉල්ලුවාට කරු ජයසූරිය පක්ෂ නායකත්වය ඉල්ලන්නේ නැහැ. ඒ වගේම කරු ජයසූරිය පැරදිලා ගෙදර ගියාම රනිල් විපක්ෂ නායක පුටුවට පනිනවා. මෙයා කොතරම් පයින් ගැහුවත් පන්නා ගන්න බැරි ගෙම්බෙක් වගේ. විපක්ෂ නායක පුටුවට රනිල් පැනගත්තාම, සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තු මන්ත්‍රී පුටුවක ආයෙත් වාඩි වෙන්න වෙනවා. ඒකයි රනිල්ගේ සැලැස්ම. ඒ නිසා සජිත්ගේ නෝනාට ‘ආර්යාව’ වෙන්න රනිල් වික්‍රමසිංහ නම් ඉඩ තියන්නේ නැහැ. (සභාවේ සිනා)

‘ජනාධිපතිවරණය එනකම්…’

ජාතික සමගියට කැමති නැගෙනහිර මුස්ලිම් ජනතාව, උතුරේ දෙමළ ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය සේවකයන්, 2015 දී වෙනසකට රැවටුණු බොහෝ ජනතාව බලන් ඉන්නේ ජනාධිපතිවරණය එනකම්. අපේ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුද, කියා 2019 අගෝස්තු මස 11 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනවා. ඉඟියක් දෙන්න දෙයක් නැහැ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මේ මුළු රටම ඉල්ලන අපේ ජනාධිපති අපේක්ෂකයා. (අත්පොළසන්)

‘ගෝඨාභය ඕනෙ ඇයි?’

ගෝඨාභය රාජපක්ෂ මහතා, සේනාධිනායක මහින්ද රාජපක්ෂයන්ට විජයග්‍රහණය කරා ජාතිය රැගෙන යන්න ඉමහත් ශක්තියක් වුණා. තමුන්නාන්සේලාට මතක ඇති කොටි ත්‍රස්තවාදීන්ගෙන් මායිම් ගම්මාන රකින්න හදපු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා නොහැර යුද්ධයෙන් පසුවත් මේ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා යෙදවූයේ එතුමායි. එසේම නාගරික සංවර්ධනය පැත්තෙන් ගත්තත් එතුමා විශාල මෙහෙවරක් ඉටු කළා. කොළඹ නගරය සුන්දරතම ස්ථානයක් බවට පත් කළා. කළ යුතු දේ නිවැරදිව කළා. සෘජු තීරණ ගත්තා. අද රටට වුවමනා වන්නේ සෘජු තීරණ ගත හැකි එඩිතර නායකත්වයක්. දැන් ඉන්න නායකයා බලන්නකෝ උදේට එක තීරණයක්, හවසට තවත් එකක්. එහෙම කරන්න බැහැ.

ඇමෙරිකාව කොටියා රැක්කේ ඇයි?

මේ පොළොවට තවදුරටත් ලේ හලන්න ඉඩ දෙන්න බැහැ. වසර තිහක් පුරා සිංහල, දෙමළ තරුණයන්ගේ ලෙයින් මේ පොළොව සේදී ගියා. ඒ නිසා යළි ත්‍රස්තවාදයකට ඉඩ තියන්න බැහැ. සාමයට ලැදි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට යළි මරාගැනිල්ලක් අවශ්‍ය නැහැ. නමුත් මේ රටට රිංගන්න බලාගෙන ඉන්න බලවේගවලට ඕනෙ මරාගැනිල්ලක්. කොටි සංවිධානය පැරදුනාට පසුවයි 2010දී තව්හිද් ජමාත් කල්ලිය හැදුවේ. කොටි සංවිධානය යුද්ධය දිනුවා නම් ත්‍රිකුණාමලයට ඇමරිකාවේ 07 වැනි ඉන්දු – පැසිපික් නාවික බලඇණිය ගොඩබස්සනවා. ඒ අය අලුත හැදුණු ඊළමට එනවා. ඒකයි ඇමරිකාව කොටි සංවිධානය රැක්කේ. කොටි සංවිධානය පැරදුනාට පසුව ඒ ඇමරිකාවේ ‘ප්ලෑන් A’ වැඩකට නැති වුණා. ඉන් පසුවයි ඇමරිකාව ආයෙත් ත්‍රිකුණාමලයට රිංගන්න ‘ප්ලෑන් B’ හැදුවේ. ඒ අනුව තව්හිද් ජමාත් සංවිධානය ත්‍රස්ත කල්ලියක් විදිහට මෙහි බිහි කරනවා. මේ තව්හිද් ජමාත්ලාගේ දෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු වුණා නම් මේ රට ‘සිංහල – මුස්ලිම්’ මරාගැනිල්ලකට තල්ලු වෙනවා. මගතොට මරාගන්න, ගම්පිටින් කඩු ගාන තත්ත්වයක් එනවා.

‘ඇමෙරිකාවට අවශ්‍ය හදිසි තත්ත්වය’

මේ ප්ලෑන් එකේම කොටසක් හැටියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමෙරිකාව සමඟ ACSA ගිවිසුම අලුතෙන් අත්සන් කරනවා. පිටු 09ක ගිවිසුම පිටු 83ක් වෙලා ඇමුණුම් 50ක් එකතු වෙනවා. ඒත් දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ ‘ඒකේ පිටු 05යි’ කියලා. ඒ ACSA ගිවිසුමේ තිබෙනවා, ‘ශ්‍රී ලංකාව තුළ හදිසි තත්වයක් පැන නැගුනහොත් රජයේ කැමැත්ත ඇතිව හෝ නැතිව හෝ ඇමරිකා එක්සත් ජනපද හමුදාවන්ට මේ රටට ඇතුළුවීමට පුළුවන්’ කියා. ඇමරිකාවට අවශ්‍ය හදිසි තත්ත්වය තමයි එදා සහරාන්ලා හරහා හදන්න හැදුවේ. සහරාන්ලාගේ දෙවන ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඒ ‘හදිසි තත්ත්වය : මරාගැනිල්ල’ ඇති වීමට ඉඩකඩ තිබුණා. එහෙම නම් මේ වන විටත් උතුරට නැඟෙනහිරට ඇමරිකානු හමුදාව ගොඩබැහැලා.

SOFA කුමකටද?’

SOFA නමින් තවත් ගිවිසුමක් ගහන්න හදන්නේ හදිසි තත්වයක් යටතේ එන ඇමරිකන් හමුදාවලට අවශ්‍ය පහසුකම් සපයන්නයි. ඔවුනට තානාපති මුක්තිය ලබා දෙන, ලංකාවේ නීතියට යටත් නොකරන, සන්නද්ධව අධිආරක්ෂිත කලාප ඇතුළු ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට ඇතුළුවීමට ඉඩකඩ සලසා දෙන ප්‍රතිපාදන එහි ඇතුළත්. දැන් මේවාට විරෝධය එල්ල වන කොට සෝෆා ගිවිසුමේ නමත් වෙනස් කරන්න ඇමරිකන් තානාපතිනිය සූදානම් වෙනවා. මේ සියලු දේ ඇමෙරිකාවට වුවමනා පරිදි ඉටු කරලා දෙන ජේ.ආර්. ජයවර්ධනටත් එහා ගිය ඇමරිකන් ගැත්තෙක් විදිහටයි රනිල් වික්‍රමසිංහ හඳුනාගත යුත්තේ. ඊළඟට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමත් ඇමරිකාව සමග අත්සන් කරලා ඉවරයි. ACSA හා SOFA ගිවිසුම් අනුව මේ රට ඇමරිකානු කොලනියක් වුණාම ආර්ථිකයත් ඇමරිකානුවන්ට ඕනෑ විදිහට මෙහෙයවා ගන්නයි ඒ ගිවිසුම ගහන්නේ. ලංකාවේ ඉඩම් ටික ඇමරිකානුවන්ට අවශ්‍ය විදියට යොදා ගන්නයි දැන් මේ සින්නක්කර ඔප්පු දීලා, කෘෂිකර්මාන්තය බින්දුවටම බස්සන්න යන්නේ. එවිට තමුන්නාන්සේලාගේ ඉඩම් ටික ඇමරිකානුවන්ට කුණුකොල්ලයට ගන්න පුළුවන් වෙනවා. මේ සියල්ල එකිනෙක සමඟ සම්බන්ධයි. ඒ නිසා අපට රටක් අහිමි කරවන මේ පරගැති ආණ්ඩුවේ ගමන දෙස විමසිලිමත්ව බලන්න. ඊට එරෙහිව පෙරට එන්න.

’ජනාධිපතිවරණය කල් දමන්න ලෑස්ති වෙන්න එපා!’

‘එක නීතියක් – එක රටක් – සිංහල, දෙමළ, මුස්ලිම් එක ජාතියක්’ කියා හිතන තැනකට සියලුදෙනා රැගෙන යන්න ඕනෙ. මේ රට මහින්ද රාජපක්ෂයන්ගේ මඟපෙන්වීම යටතේ ගෝඨාභය රාජපක්ෂයන්ගේ දෑතට භාර කරන්න ඕන. තව මාස 04කින් මේ සටන අපට ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකියි. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ‘ඡන්දය කල් දමන්න නම් පොටවල් හදාගෙන එන්න එපා!’ කියා. ඡන්දය නොවැම්බරයෙන් එහාට ගෙනගියොත් මෙම ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන බව මතක තබා ගන්න. එහෙම වුණොත් දෙන්නාටම ඉන්න වෙන්නේ නිවාස අඩස්සියේ. ඒ නිසා ‘ජනතාවගේ වේදනාව සමඟ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා!’ කියා අපි අවධාරණය කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් එන සතියේ.. පාස්කු බෝම්බයෙන් ආණ්ඩුව නිදහස් ! - පල්ලි-හෝටල්වලට ගොස් මියගිය ජනතාව වරදකරුවන් වෙයි
ඉතිහාසයේ දරුණුතම පාවාදීමක් එන සතියේ.. පාස්කු බෝම්බයෙන් ආණ්ඩුව නිදහස් ! - පල්ලි-හෝටල්වලට ගොස් මියගිය ජනතාව වරදකරුවන් වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCiTUPd2gzCkD9OQkdzeCv0CF02ZTjrqb8P94kZgd3aGem41zM4cGQegn9EKC4YSbl9KfcebD2IVgQ_h-W3CtWjvFYgQ4vZIs86RssFWgG-S9veOGS09OO2VYXEKQqYOrZ-zsl0F9PNn91/s320/78878.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCiTUPd2gzCkD9OQkdzeCv0CF02ZTjrqb8P94kZgd3aGem41zM4cGQegn9EKC4YSbl9KfcebD2IVgQ_h-W3CtWjvFYgQ4vZIs86RssFWgG-S9veOGS09OO2VYXEKQqYOrZ-zsl0F9PNn91/s72-c/78878.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_754.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_754.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy