දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති කොමිසමට සාක්ෂිදුන් කොමසාරිස්ට අකිල මාරුවක් දීලා
Homeප්‍රවෘත්ති

ජනපති කොමිසමට සාක්ෂිදුන් කොමසාරිස්ට අකිල මාරුවක් දීලා

PropellerAds

පා සල් පෙළපොත්වල අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය පළ කිරීම සම්බ්න්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් හිටපු ග්‍රන්ථ ප්‍රකාශන කොමසාර...

පෙට්‍රල් ඩීසල් මිල පහළට
හමුදා හෙලිකොප්ටරයක් අනතුරක
ලොවම කතාබහට ලක් වු ජෙනිෆර්ගේ නවතම විලාසිතාව - PHOTOS / VEDIO
පාසල් පෙළපොත්වල අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය පළ කිරීම සම්බ්න්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් හිටපු ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් අයි.බී.සී.කේ. ඉලංගසිංහ මහතාව අධ්‍යාපන අමාත්‍යාංශ සංචිතයට මාරුකර ඇතැයි වාර්තා වේ.

මේ මාරුවීම කර ඇත්තේ පාසල් පෙළ පොත්වල අමතර වියදමක් දරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ රුව සහිත වර්ණ ඡයාරූපයක් පළ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ ‘2015-2018 යහපාලන රජයේ වංචා දූෂණ විමර්ශනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම’ විසින් පරීක්ෂණයක් පවත්වමින් තිබියදීය.

එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් අයි.බී.සී.කේ. ඉලංගසිංහ මහතාට එරෙහිව කටයුතු කිරීමේ ක්‍රියාවලියක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ දියත්ව තිබූ බවත්, ඒ අනුව මේ ස්ථාන මාරුව සිදුව ඇති බවත්, නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ මහතාගේ අත්සනින් යුතු 2019.07.24 දිනැති ED/4/58/6/285(iii) අංකයෙන් යුතු ලිපියක් මගින් අයි.බී.සී.කේ. ඉලංගසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන සේවා ආයතනයේ සංචිතයට අනුයුක්ත කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයීම් ශාඛාවේ අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි කටයුතු කළ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු වූ අයි.බී.සී.කේ. ඉලංගසිංහ මහතාට මෙම අනුයුක්තය ලබා දී ඇත්තේ ඔහුට විමර්ශනයකට අදාළ කිසිදු චෝදනා පත්‍රයක් හෝ ලබාදීමකින් තොරවය.

අධ්‍යාපන අමාත්‍යවරයා තම නිවැරදි භාවය ඔප්පු කිරීමට කටයුතු නොකර ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙන නිලධාරීන් දඩයම් කිරීමේ පිළිවෙතක පමණක් නිරත වන බව මින් පැහැදිලි වේ.

සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් වූ දූෂණ පිළිබඳ 2015-2018 යහපාලන රජයේ වංචා දූෂණ විමර්ශනය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයේ නිරත වූ උපාධිධාරී සේවා නියුක්තිකයන්ගේ වෘත්තීය එකතුවේ ජාතික සංවිධායක ප්‍රසාද් මාලින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය මේ ආකාරයෙන්ම කටයුතු කළ අතර, 2019.05.29 දින සිට ස්ථාන මාරු කරන ලද එම නිලධාරියා මේ වන විට සේවයෙන් ද පහකර ඇත.

වෘත්තීය සමිති නිලධාරියෙකු ලෙස මාධ්‍යයට අදහස් ප‍්‍රකාශ කිරීමට හිමිකම තිබියදී ඉහත පැමිණිල්ලට අදාළ සාක්ෂි ලබාදීම පදනම් කරගෙන මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළා යයි මෙම සේවයෙන් පහකිරීම සිදුකර ඇති බව පැහැදිලිය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදුවූවා යයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙන නිලධාරීන් මේ ආකාරයට දඩයම් කිරීම හරහා අදාළ විමර්ශන සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙන නිලධාරීන් බියැගැන්වීම සිදු වේ. සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී විමර්ශන සිදු කිරීමට සහාය ලබාදෙනවා වෙනුවට මේ ආකාරයෙන් නිලධාරීන් දඩයම් කිරීම දැඩි ලෙස හෙළා දකින ලංකා ගුරු සංගමය එම නිලධාරීන් දඩයම් කිරීමේ ක්‍රියාවලිය වහා නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති කොමිසමට සාක්ෂිදුන් කොමසාරිස්ට අකිල මාරුවක් දීලා
ජනපති කොමිසමට සාක්ෂිදුන් කොමසාරිස්ට අකිල මාරුවක් දීලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVsa3ZR3b5le39lZph0I8MzId-HWfrrrnuniMZUPYsDbSvIXVs_QodPAAQ_pbEc0NLaOyuKg6etHKV2c7M2xwk5vVnENevI9PPYPYc3NRK9RtOzBrdny09ANVrnsiUJari8FRecrZoBLwb/s320/de6bc2060c6ad04837b5b250dfe498bf_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVsa3ZR3b5le39lZph0I8MzId-HWfrrrnuniMZUPYsDbSvIXVs_QodPAAQ_pbEc0NLaOyuKg6etHKV2c7M2xwk5vVnENevI9PPYPYc3NRK9RtOzBrdny09ANVrnsiUJari8FRecrZoBLwb/s72-c/de6bc2060c6ad04837b5b250dfe498bf_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_753.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_753.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy