දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන්ජන්ගේ කුමන්ත්‍රණයක්.. අහුවෙන්න එපා !
Homeප්‍රවෘත්ති

රන්ජන්ගේ කුමන්ත්‍රණයක්.. අහුවෙන්න එපා !

PropellerAds

පි විතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී මධුමාධව අරවින්ද මහතා සහ ...

නැවත රට වසා දැමීමක් ගැන සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක දැඩිව අනතුරු අගවයි
නයිට්‍රික් ඇසිඩ් නැවක් ලංකා මුහුදු සීමාවේ අනතුරක - (VIDEO)
රක්වානෙන් තවත් නිල් මැණික් පොකුරක් හමුවේ.. වටිනාකම කෝටි දහස පනී
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී මධුමාධව අරවින්ද මහතා සහ පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ මහතා මෙම අදහස් පල කලේය.
පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මදු මාදව අරවින්ද මහතා

අපි දකිනවා ඇතැම් රටවල් තමන්ගේ ජාතියට ආගමට විරුද්ධව කතා කළොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනවා. එය හරි හෝ වැරදි එවැනි රටවල දී අප පවා අපේ කටවල් පරිස්සම් කරගන්නවා ඒ නීති වලට හිස නමලා. නමුත් මේ ලංකාවේ දී රන්ජන් රාමනායක නැත්නම් වන්ශොට් කොන්ත්‍රාත්කරුවෙකු වශයෙන් මෙන්න ආයෙත් වැඩ පටන් අරගෙන තියෙනවා. සමනල කාණ්ඩයේ මංගල සමරවීර පටන් ගත්තා මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි කියන්නට. මොකෙක්වත් මේක ගනන් ගත්තෙ නෑ. මොකද සතා මොකාද කියා කවුරුත් අඳුරනවා. රංජන් රාමනායක භික්ෂූන් වහන්සේලාට අපහාස කරමින් මේ කරන්නෙත් කොන්ත්‍රාත්තුවක්. මේකට හසුවෙන්න එපා.

කතාවක් තියෙනවා මෝඩයා තනි කරන්න කියලා. කාදිනල් උතුමාණන් පාස්කු ප්‍රහාරයෙන් පසුව රටට ආදරේ ප්‍රකාශ පණිවුඩ නිකුත් කරද්දී කතෝලික බලවේගයන් අන්තවාදී වහබ්වාදය දිහා විමසිල්ලෙන් බලන්නට ගත්තා. මෙය නවත්වන්නට ගෙනා කොන්ත්‍රාත්කරුවා වන රන්ජන් රාමනායක හිතනවා ඔහු ස්වාමීන්වහන්සේලාට කැත විදිහට කතා කලහම අප ජේසුස් වහන්සේට උත්තර දෙයි කියලා. අප කතෝලිකයන්ට උත්තර දෙයි කියලා. මේ කොන්ත්‍රාත්තුවට ඔබ අසුවන්නට එපා. මේ බාලයාට මෝඩයාට නූගතාට තනිවෙන්නට ඉඩ දුන්නාම ඔහු අපොස උසස් පෙළ විභාගය ලියන්න නොවෙයි ශිෂ්‍යත්ව විභාගය ලියන්න පවා පොළඹවන්නට පුළුවන්. මොකද මොළය වර්ධනය වෙලා නොමැති බව තේරෙන්නේ තනිවුණාට පස්සේ. ඒ නිසා අප ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔහුට උත්තර බඳින්නට ලෑස්ති වන්නට එපා. මොකද ඔහුට අවශ්‍ය අප කුපිත කරවා ගන්න. කුපිත වන්නට එපා. මොකද ඔහු තවත් එක් මිනිසෙක් මිසක් ඔහු තවත් එක් ප්‍රජාවක් නියෝජනය කරන්නෙක් නොවන බව ඉතා පැහැදිලිව මතක් කරන්නට අවශ්‍යයි.

අපි හැමදාමත් කිව්වේ සියලු දෙනා එක ලෙස හැමෝටම සම ලෙස නීතියක් රීතියක් ධර්මයක් තියෙන්නට ඕනේ මේ රටේ කියන එකයි. දැන් මුස්ලිම් මන්ත්‍රිවරුන් අමාත්‍යවරුන් කල්පනා කරනවා 13න් විවාහ වියයුතු නැහැ මුස්ලිම් දැරිවියන් එය 18 දක්වා වෙනස් විය යුතුයි කියලා. ඒ වගේම කාති උසාවි වල කාන්තා නියෝජනය ද තිබිය යුතුයි යනාදී වශයෙන් කිසියම් වෙනස්වීමේ හැඩයක් අප දැන් දකිනවා. සියලු දෙනා සම ලෙස සලකන්න කියන පේලි කුරාණයේ තියෙනවා. අපි ඔවුන්ට කියනවා වෙනස් කළ නොහැකි සාධක නොමැති බව පිළිගත්තාට ඔබට ස්තූතියි කියලා. අරාබියෙන් එන පනිවුඩය වෙනස් විය යුතු බව ඔවුන් පිළිගැනීම සුබ ලකුණක්.

අප එදා කිවුවහම පිස්සු බල්ලෙක් ඉන්නවා කියලා මුස්ලිම් මන්ත්‍රිවරු සියලුදෙනාම ගිහින් ඒ පිස්සු බල්ලා වටේ හිටගත්තා. අප පැවසුවා එහෙම කරන්නට එපා කියලා. ‍ත්‍රස්තවාදියෙක් නැතහොත් ත්‍රස්තවාදයට අනුබල දෙන්නෙක් වශයෙන් කිසිවෙකු සැක කළහම සියලු දෙනාම ඔහු වෙනුවෙන් අස්වීම වරදක් කියලා අප එදා කිව්වා. එදා ඔවුන් කිව්වේ අපේ සමගිය කියලයි. නමුත් අද අපි දකිනවා ඒ සමගියේ තරම. ඒවා සෝඩා බෝතල් සමගිය. නමුත් අද අපේ සමගිය විසින් පොළඹවා තිබෙනවා ඔව්න්ට වෙනස් වෙන්නට. මොකද අපි සමගි වන්නේ පෙනෙන්නට නොවේ. අප සමගි වන්නේ ඇමතිධූර මන්ත්‍රිධූර ගන්නත් නොවෙයි. අපි එකතු වුණේ ජාතියක් විදිහටයි. ඒ නිසා අපි හිතනවා මේ පෙළඹවීම අප එකතුවෙලයි කළේ. ඔවුන්ගේ වෙනස්වීමට ස්තූති කරන ගමන්ම අප කියනවා අප ඇමතිධූර වෙනුවෙන් එකතු නොවුනට පක්ෂ වෙනුවෙන් එකතු නොවුනට අප ජාතියක් වශයෙන් එකතු වන්නේ උත්තර සොයාගෙන එන ගමනකට බව. ඒ නිසා මුස්ලිම් විවාහ නීතිය පිළිබඳව මේ ඇතිවෙලා තියෙන්නේ හොඳ ප්‍රවණතාවයක් බව අප අප ප්‍රකාශ කරනවා. ඒවගේම එහෙම වෙනස් කරන්නට පේලි විතරක් නොවෙයි තව පිටු කිහිපයක් තිබෙනවා. ඒ පිටු කිහිපයත් වෙනස් කළොත් මම හිතනවා අනාගත සහරාන්ලා බිහිවෙන එකක් නැහැ. මොකද ප්‍රශ්නෙ තිබ්බේ සහරාන් ලග නොවන බව අයි එස් අයි එස් ලග නොවන බව අප දන්නවා. ඒ සියලු දෙනා කියවන පොතක පිටු කිහිපයක් ගැන අප ප්‍රශ්න කරනවා අරාබියෙන් ආපු.

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ මහතා

අද ළඟම පාසල හොඳම පාසල ලෙසින් නම් කර ගෙන මෙරට පාලකයෝ මහ උජාරුවට කතා කරනවා ඔවුන් පාසල් පද්ධතිය දියුණු කිරීමට සිදු කළ කටයුතු සම්බන්ධයෙන්. නමුත් මේ මාධ්‍ය තුළින්ම අප දැක්කා රත්නපුරේ රාහුල විද්‍යාලය අද තියෙන තත්වය. පාසල්වල අධ්‍යාපනයට නුසුදුසු තත්වයේ පන්ති කාමර පසුගිය කාලය පුරාවටම සැරින් සැරේ අපි මාධ්‍ය හරහා දැක්කා. අද බොහෝ පාසල් වල තත්වය මේකයි. අපි මාධ්‍යයෙන් දුටුව රාහුල විද්‍යාලය වගේ අඩු පහසුකම් ඇති පාසැල් වල දරුවොත් කොළඹ ප්‍රධාන පාසැල් වල දරුවොත් එකම ප්‍රශ්න පත්තරයට තමයි ශිෂ්‍යත්ව විභාගයේ දී, අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී, උසස් පෙළ විභාගයේදී, පිළිතුරු සැපයිය යුත්තේ. මේ රටේ පාසල් පන්ති කාමරයක සිටිය ළමයි සංඛ්‍යාව 45ක් වෙනවා. එය ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙලා මේ පාර වන විට තිස් හයක් බවට පත්වෙලා. 1 වසර පන්ති 5ක් තිබ්බ ඉස්කෝලයක නම් ළමයි පනහකට ආසන්න පිරිසක් අඩුවෙනවා. පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව අඩු කරනවා නම් අනිත් පැත්තෙන් පන්ති සංඛ්‍යාව වැඩි කරන්නට ඕනෑ. ඕන පොඩි දරුවෙකුට මේක තේරුණත් අකිල විරාජ් ඇමතිතුමාට නම් මේක තේරෙන්නේ නෑ. මෙයින් සිදුවන්නේ දරුවන්ට පාසැල් නොමැති වීමයි. ඇතැමුන් ඉඩකඩම් පවා විකුණා පෞද්ගලික පාසල් වලට දරුවන් ඇතුළු කරනවා.

අද පාලකයෝ පාසැල්වල නාන තටාක හදන්න තමයි උත්සහ කරන්නේ. නමුත් ගමේ ළමයට ඉගෙනගන්නට ගුරුවරයෙක් නැහැ. පන්ති කාමරයේ ඉන්න විදිහක් නෑ.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්ජන්ගේ කුමන්ත්‍රණයක්.. අහුවෙන්න එපා !
රන්ජන්ගේ කුමන්ත්‍රණයක්.. අහුවෙන්න එපා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfIpeUMBIL2JnUxdO-yX8EBDyqrlB7Zuc1ZGfPpm3k6D5eJNvb_sA7Nf5rfvKALawlxYBxnm-c-rcx8HFU6Uv2-Ru4sqHVPm7eqRIfHi3vA3uhz8c_Cd8JvgD6YF__IqcrEERUklxt3IQf/s320/ranjan-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfIpeUMBIL2JnUxdO-yX8EBDyqrlB7Zuc1ZGfPpm3k6D5eJNvb_sA7Nf5rfvKALawlxYBxnm-c-rcx8HFU6Uv2-Ru4sqHVPm7eqRIfHi3vA3uhz8c_Cd8JvgD6YF__IqcrEERUklxt3IQf/s72-c/ranjan-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_657.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_657.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy