මීලග ජනාධිපතිවරණයෙන් පසු සිරිසේන පාලනය පොලොන්නරුවේ අවසන් වන බවත් රණසිංහ පාලනය ඇරඹෙන බවත් සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා...
වත්මන් ජනාධිපතිවරයා වසර 05කින් විශ‍්‍රාම යන බව පවසා ඇති බවත් තමන්ද බලා සිටින්නේ ඉදිරි මාස කිහිපයෙන් පසු ඔහු විශ‍්‍රාම යන තෙක් බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.
මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට පැමිණියේ අවුරුදු 05කින් විශ‍්‍රාම යන්න බව ශ‍්‍රීලනිප හා සන්ධාන මහ ලේකම්වරුන්ට සිහිපත් කරන බවද ඔහු කියා සිටියේය.
ඒ අනුව ඉදිරියේදී කැදවන ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම පොහොට්ටුවේ අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් ශ‍්‍රීලනිපයේ අයටද කැමති නම් පොහොට්ටුව හා එක්විය හැති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පූජාපිටියේදී පැවති ජන හමුවක් අමතමිනි.
COMMENTS