හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදි සිදු කළ විශේෂ ප්‍රකාශයක් පිළිබඳ වාර්තා වෙනවා. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා ති...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදි සිදු කළ විශේෂ ප්‍රකාශයක් පිළිබඳ වාර්තා වෙනවා.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුනේ තමන්ට එරෙහිව ඇති අධිකරණ ක‍්‍රියාමාර්ග හෝ වෙනත් කිසිඳු විරෝධතාවක් හමුවේ කිසිලෙසකින් වත් පසුනොබසින බවයි.
ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මණින් තමන් යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි. ජනතා අපේක්ෂා ඉටු කිරීමට තමන් අනිවාර්යයෙන්ම කටයුතු කරන බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
ඉකුත්දා සිදු කෙරුණු ශල්‍යකර්මයකින් පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් රැඳී සිටින්නේ සිංගප්පූරුවේයි. ඔහුගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.
එම කණ්ඩායමට කෙහෙලිය රඹුක්වැල්ල, ප‍්‍රසන්න රණතුංග, ප‍්‍රසන්න රණවීර, ප‍්‍රියංකර ජයරත්න, ඉන්දික අනුරුද්ධ සහ තේනුක විදානගමගේ යන මන්ත‍්‍රීවරුන් අයත්. හිටපු ආරක්ෂක ලේකම්වරයා ඔවුන්ට පවසා ඇත්තේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් බවයි. සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා ද තමාගේ සුවදුක් විමසීමට පැමිණි බව මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.
විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම එහිදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට සිදු කරන සැලසුම් සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවත් වාර්තා වේ.

COMMENTS