මු ස්ලිම් නොවන සියලු ජනතාව මරා දැමිය යුතු බව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් පැවසූ බව සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිල...
මුස්ලිම් නොවන සියලු ජනතාව මරා දැමිය යුතු බව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් පැවසූ බව සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මව්ලවි සඳහන් කරයි.
එවන් ප්‍රකාශයක් කර තිබියදී පවා කිසිදු බලධාරියෙකු සහාරන්ට විරුද්ධව කටයුතු නොකළ බවද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ පාස්කූ ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි.
සියලු මුස්ලිම් පල්ලිවල අන්තවාදය නැතත් ඇතැම් පල්ලිවල දැඩි මතවාදයට ඉඩ තිබෙන හෙයින් ඒ තත්ත්වය අනාගත පැවැත්මට තර්ජනයක් බවද කී ඔහු කාත්තන්කුඩියේ වහාබ් වාදය අනුගමනය කරන මුස්ලිම් පල්ලි පහළොවක් පමණ තිබෙන බවද සඳහන් කළේය.
සහරාන් ගේ මරණයෙන් පසු කාත්තන්කුඩියේ යම් නිහඬතාවයක් ඇති වී තිබුණ ද ඔහුගේ මඟ ගිය පිරිස් තවදුරටත් සැඟවී සිටිය හැකි හෙයින් ඒ ගැන රජය අවධානය පසුවිය යුතු යැයිද ඔහු පැවසීය.

COMMENTS