දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහා සංඝරත්නය විවේචනය නොකරන්නැයි අගමැතිගෙන් රංජන්ට අවවාද
Homeප්‍රවෘත්ති

මහා සංඝරත්නය විවේචනය නොකරන්නැයි අගමැතිගෙන් රංජන්ට අවවාද

PropellerAds

ම හා සංඝරත්නය සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් සිදු නොකරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට අවවාද කළ බව මහා මාර්ග හා මාර්ග සංවර්...

වතුකරයේ මුස්ලිමි ජනතාව අතිඋත්කර්ෂවත් අන්දමින් හජ් උත්සවය සමරයි
විවේචන එල්ල කරනවා මිස බුදුදහමේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිවක් වෙන්නේ නෑ - මල්වතු මහ නාහිමි
සංචාරක සටහන්: එක්බෙලෙත් සහ කන්ඩලම - සුනන්ද දේශප්‍රිය
හා සංඝරත්නය සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් සිදු නොකරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට අවවාද කළ බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. මහා සංඝරත්නය සම්බන්ධයෙන් තමන් කිසිඳු විවේචනයක් සිදු නොකළ බවත්  ඕනෑම අවස්ථාවක මහා සංඝ රත්නයට වැද නමස්කාර කිරීමට තමන් සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


මහා සංඝරත්නය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක් ඔස්සේ රන්ජන් රාමනායක මහතා  මෑතකදී සිදුකළ ප‍්‍රකාශය පිළිබඳ කරුණු දක්වන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ දැනුම් දිමකට අනුව ඊයේ (17) පස්වරුවේ කොළඹ  අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙනි සිටීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී පස්වරු 3.00 සිට පැය එකහමාරකට ආසන්න කාලයක් රන්ජන් රාමනායක මහතා විසින් තමන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

තමන් මහා සංඝරත්නය විෂයෙහි අපහාසායක් හෝ නින්දාවක් සිදුවන ආකාරයේ කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැති බවත් තමන් සෑම අවස්ථාවකම මහා සංඝරත්නයට ගෞරව කරන බවත් එහිදී ප‍්‍රකාශ කළ බව රන්ජන් රාමනායක මහතා පැවැසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු රන්ජන් රාමනායක මහතා තවදුරටත් මෙසේද කීය.

‘‘මහා සංඝරත්නයෙන්  සමාව ගන්න මම වරදක් කරලා නැහැ. අපචාර කරන චිවරධාරීන්ට නම් මට වඳින්න බැහැ. ඇතැම් චීවරදාරින් සම්බන්ධයෙන් මට ලැබුණු පැමිණිලි  පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් අග‍්‍රාමාත්‍යවරයාට පෙන්නුම් කළා.  ඒ සියලූ තොරතුරු මා  සතුව තිබෙනවා. මේ ප‍්‍රකාශය ගැන සමාව ගන්න කියලා මට කවුරුත් තාම කියලා නැහැ.  ත්‍රෛනිකායක මහා නායක හිමියන් වගේ සිල්වත් මහා සංඝරත්නය  මට කිව්වොත් රන්ජන් මේ කරපු ප‍්‍රකාශයට සමාව ගන්න කියලා  මම උන්වහන්සේලාගෙන් සමාව ගන්න සූදානම්. එහෙම  නැතුව මැරයො වගේ කටයුතු කරන චීවරධාරීන්ගෙන් මට  සමාව ගන්න බැහැ. මේ අය බෞද්ධ භික්ෂූන් වහන්සේලා  නෙමෙයි මේ අය හැසිරෙන්නේ අයි. ආර්. සී කාරයෝ වගෙයි‘‘ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා එහිදි පැවැසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහා සංඝරත්නය විවේචනය නොකරන්නැයි අගමැතිගෙන් රංජන්ට අවවාද
මහා සංඝරත්නය විවේචනය නොකරන්නැයි අගමැතිගෙන් රංජන්ට අවවාද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzHSjsHje8Nn3gPoBFvEYJdqY5ZH8JWGf1BEr84kgnBAq6DD0oCYSR1TjcWB3AbBf2qAhTPIX33TAmQkYcik9Am1d85aQunHtUEmFo-BjH94ImNLs6egZ-wv2z2zDoh2PRWZWdtrlUh4jT/s320/dae2a0ca182edabc6fe8977a5d355265_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzHSjsHje8Nn3gPoBFvEYJdqY5ZH8JWGf1BEr84kgnBAq6DD0oCYSR1TjcWB3AbBf2qAhTPIX33TAmQkYcik9Am1d85aQunHtUEmFo-BjH94ImNLs6egZ-wv2z2zDoh2PRWZWdtrlUh4jT/s72-c/dae2a0ca182edabc6fe8977a5d355265_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_540.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_540.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy