දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංචාරක සටහන්: එක්බෙලෙත් සහ කන්ඩලම - සුනන්ද දේශප්‍රිය
Homeප්‍රවෘත්ති

සංචාරක සටහන්: එක්බෙලෙත් සහ කන්ඩලම - සුනන්ද දේශප්‍රිය

PropellerAds

  පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක් ගත කරමින් සිටි මට කන්ඩලම හෝටලයට විරුද්ධව පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් චාලි (චාල්ස් අබේසේක...

අපි ඉන්නේ අන්තිම ගැට්ටේ! ජනවාරියේ ඩොලර් බිලියන හතක ණය නොගෙවුවොත් රට බංකොලොත් - විමල් වීරවංශ
“නිළියන්ට යට ඇඳුම් ජනතාවට පොලු පහර” - උද්ඝෝෂණයට ආපු සමගි බලවේගයේ තරුණයෙක් මියයාම නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - (VIDEO)
ෂෙයික්-හම්බන්තොට නගරාධිපති-රත්තරන් තිලක්-පොලිසිය! කොළඹ ඉඩම් කොල්ල කන කල්ලිය එළියට - (VIDEO)
සංචාරක සටහන්: එක්බෙලෙත් සහ කන්ඩලම - සුනන්ද දේශප්‍රිය

 

පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක් ගත කරමින් සිටි මට කන්ඩලම හෝටලයට විරුද්ධව පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් චාලි (චාල්ස් අබේසේකර) සමඟ ඇතිවූ පිළිසඳරක් කරා මතකය දිව ගියේය. අප ද එකළ එම විරෝධයට සහාය දැක්වීමු. එසේ නමුත් අපේ විරෝධයේ පදනම දඹුලු විහාරයේ සුමංගල හිමි නායකත්වය දුන් ජනප්‍රිය විරෝධයට වෙනස් විය. අප විරුද්ධ වූයේ මෙරට විවේක ගත කිරීමට දර්ශනීය ස්ථානයන්හි ධනවත් දෙස් විදෙස් සංචාරකයින්ට පමණක් ඇරුණූ හෝටල ඉදි කිරීම සම්බන්ධයෙනි. අපේ අදහස් වූයේ එවැනි ස්ථානයන්හි ශ්‍රී ලාංකික මැද පන්තික ජනයාට ද විවේක ගත හැකි සංචාරක නිකේතන සඳහා ද ලබා දිය යුතු බවයි.

ශ්‍රී ලංකාවෙහි සංචාරක ව්‍යාපාරය සහමුලින්ම යොමුව ඇත්තේ ධනවත් ශ්‍රී ලංකික හෝ විදේශීය හෝ සංචාරකයින් වෙනුවෙනි. එයද කිසිදු ක්‍රමවත් බවක් නැති හුදෙක්ම මුදල් ගරා ගැනීම ඉලක්ක කර ගත් එකකි. ඒ ගැන පසුව කියමි.

එක්බෙලෙත් විල වටා අඩු වියදමින් විවේක ගත කළ හැකි අපූරු ස්ථාන ගණනාවක්ම පුද්ගලික ව්‍යවසායකයින් විසින් පවත්වා ගෙන යයි. එමෙන්ම එක් දිනකට යුරෝ 100 – 150ක් ගෙවා නතර වී සිටිය හැකි හෝටලද විල අවට තිබේ.

අපේම කූඩාරමක් අටවාගෙන නතරවී සිටි අප හතර දෙනෙකු සඳහා එක් දිනකට ගෙවිය යුතු වූයේ යූරෝ 20කි. (එය යුරෝපයෙහි අවම සාමාන්‍ය වැටුපකින් සියයට 01 – 02 ක් පමණය. ශ්‍රී ලංකාවේ රු 25,000 – 30,000 වන මාසික වැටුපකින් නම් රුපියල් 350 - 400 වැනිය.) විදුලි බලය සඳහා වැඩිපුර යූරෝ 5ක් දවසකට ගෙවිය යුතු විය. දෙවේලක් පාන් කමින් කෑම බීම අපම උහා පිහා ගත් නිසා ඒ සඳහා වැය වූයේ ද අවම මුදලකි. කූඩාරම් මෙන්ම කැරවන් වෑන් වලින් පැමිණ නතර වන පිරිස් ද එම භූමියේ සිටිති. කුලියට ගත හැකි එක් ස්ථානයක් වර්ග මීටර 75 – 100ක් තරම්ය. විල පිරිසදුය. වෙරළ පාසිකුඩා හෝ නිලාවැලිහි මෙන් නොගැඹුරුය.

සීයලා සහ ආච්චිලාද මාපියෝ දෙතුන් වතාවක්ද දරුවෝ දවසෙන් වැඩි වේලාවක්ද එහි දිය කෙළිති. බෙහෝ දෙනෙකු පැමිනෙන්නේ හුලං පුරවා පුම්බා ගත හැකි විවිධාකාර කුඩා බෝට්ටු සහ පාවී යා හැකි ටියුබ් යනාදිය ඇතිවය. එක් උදෑසනක සිය බොට්ටු මත පාපැදි දෙකක් සවි කරගෙන ඒවා පැද යමින් විල වටා ගිය තරුණ යුවලක් කාගෙත් සිත් ඇඳ ගත්තේය. තමන් පාපැදි නැතිව ජීවත් විය නොහැකි ඕලන්දක්කාරයින් බව පෙන්වීමට මෙන් ඒ යුවල සිය ජාතික කොඩිය එහි ඔසවා තිබුණි. එහි එන සෑම දරුවකුම වාගේ සිය පාපැදි ද රැගෙන එන බැවින් සයිකල් රේස්වලින්ද අඩුවක් නැත.

එක් සැන්දෑවකදී කෝලම්කාරියන් දෙදෙනෙකු වෑන් රථයකින් පැමිණ දරුවන් වෙනුවෙන් නොමිලයේ සංදර්ශණයක් පැවැත්වූහ. එමෙන්ම දරුවන්ට අත්හදා බැලිය හැකි පුංචි පුංචි සර්කස් වැඩ කියා දුන්හ. දෙපැයක් පැවැති එම කෝළම් සන්දර්ශනය සඳහා අයකිරීමක් නොවීය. ඔවුන් දෙදෙනා සෑම විල් තෙරකම මෙවැනි සංදර්ශන පවත්මින් යන බවත් ඒ වෙනුවෙන් නගර සභාව වැටුපක් ගෙවන බවත් මම අසා දැන ගත්තෙමි. දරුවන් සඳහා මෙවැනි විවිධ විනෝද අවස්ථා සහ සංදර්ශන පවත්වන කණ්ඩායම් ජීනීවා නගරයේ සුලභය. ඔවුන්ටද වැටුප් නගර සභාවෙනි.

යතුරු පැදි වලින් මෙන්ම පා පැදිවලින්ද එහි පැමිණෙන තරුණ තරුණියෝද සිට උරහිසෙහි ගෙනන කුඩා කූඩරම් අටවාගෙන දින දෙක තුනක් විනෝද වී යති. මා හා කතාවට වැටුනු එවැනි තරුණ පිරිසක් කීවේ ඔවුන් මෙවැනි විල් ගණනාවක්ම සිය මාර්ග සිතියමෙහි ඇති බවයි. මෙය සති හතරක් වුව නිවාඩු ගත හැකි ග්‍රීෂ්ම සමය බැවින් මෙවැනි අඩු වියදම් සංචාරක ස්ථාන විවේකකාමීන්ගෙන් පිරී යයි.

යුරෝපයේ බොහෝ රටවල් සිට ජනයා මෙවැනි ස්ථාන කරා එති. විවිධ භාෂා කතා කරමින් විවිධ ආහාර අනුභව කරමින් සිටින පිරිස් දැකීම අරුමයක් නොවේ. ඉතා ජනප්‍රිය ආහාරයක් නම් මස් සහ එළවලු වර්ග ගල් අඟුරු මත පුළුස්සා ( බාබෙකියු) ගැනීමයි. සවස්වන විට ගල් අඟරු මත මස් බැදෙන සුවඳ හතරවටින්ම දැනේ. අපේ කූඩාරමට පසුපසින් ජර්මානුවන්ද දකුණු පසින් බෙල්ජියානුවන්ද කූඩාරම් අටවා ගත්හ.

අඩුම වශයෙන් එකිනෙකින් මීටර දෙක තුනක් උස් භූමි තලයන් පහක් එම විල් තෙරෙ නිකේතනයේ තිබුණි. ඒ හැම කුඩාරමටම විල ද ඉන් පසුපසින් ඇති කදුකරයද ලස්සනට දැක ගත හැකි වනු පි‍නිසය. එහි වැසිකිළි සහ නාන කාමර දිනපතා පිරිසිදු කැරේ. වළං පිඟන් සොදා ගැනීමටද උනුවතුර සහිත ස්ථාන ගණනාවකි. එමෙන්ම එහි කාලය ගත කරන සංචාරකයින් කිසිවකු කොළ කැබැල්ලක් හෝ බිම දමන්නේ නැත.

දර්ශනීය ස්ථානයන්ගෙන් පිරී ගිය අප රටෙහි මහා ජනයාට විවේක ගත හැකි අඩු වියදම් විවේක නිකේතන ජාලයක් ගොඩ නැගීමට කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන නැත්තේ ඇයි‍්? මළයාසියාව වැනි රටවල පවා මෙවැනි අඩු වියදම් සංචාරක නිකේතන ඇති බව මම අසා ඇත්තෙමි.

දෙවසරක් පුරා සබීතා පෙරේරාට වැඩකට නොගන්නා ගොඩනැඟිල්ලක් වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 160ක් ගෙවන ආණ්ඩුවකට මහජන සේවයක් වෙනුවෙන් එම මුදල වැය කළ නොහැකිවූයේ ඇයිදැයි අප අපෙන්ම අසා ගත යුතුය. රාජපක්ෂ සමයෙහි වැය කරන ලද මහමෙරවන් මුදල් කන්දරාවන්ගෙන් කොටසක් හෝ මෙවැනි සමාජ සේවයකට යෙදවූයේ ද නැත.

බ්‍රිතාන්‍යයින් ශ්‍රී ලංකාව හැර යන විට දර්ශනීය ස්ථානයන්හි තැනූ රටපුරා විහිදුනු තානායම් ජාලයක් ඉතිරි කර ගියේය. අඩු වියදම් සංචාරක නවාතැන් ලෙස වැඩි දියුණු කළ හැකිව තිබූ ඒ ජාලය අද බොහෝ දුරට විනාශ වී ගොසිනි. අප ළමා කාලය ගෙවූ අම්බලන්ගොඩ තිබූ අපූරු තානායම විනාශ වන්න හැර දමා තිබුණි. අප පවා ඉතා රමණීය ස්ථානයන්හි ඉතිරිව තිබෙන එවැනි තානායම් වැඩි දියුණූ කිරීමට ආණ්ඩුව පියවරක් නොගැනීම කණගාටුදායකය.

නිදසුන් වශයෙන් ඇති තරම් ඉඩම් ඇති මා ඔය අසබඩ හෝ ගිරිතලේ වැව අසබඩ ඉතා ලෙහෙසියෙන්ම මෙවැනි අඩු වියදම් සංචාරක නිකේතන ගොඩ නැගිය හැකිය. මෙම ස්ථාන දෙකෙහිම දේශීය සංචාරකයින් ස්නානය කරනු සුලභ දසුනකි. එවැනි මනරම් ස්ථාන කොපමණ නම් අප රට ඇත්ද?

අප සමාජයෙහි පාලනයක් නොමැති අධික බීමත්කමට එක් හේතුවක් වන්නේ විනෝදවීම සඳහා වෙනත් අවස්ථා ඇති කිරීමටත් එවැනි විනෝද සහ ක්‍රීඩාශීලී සංස්කෘතියක් බෝ කිරීමටත් අප අසමත් වී ඇති නිසාය.

අකමැත්තෙන් වුවත් කිව යුතු එක් දෙයක් තිබේ. එනම් මෙවැනි නවතාවයන් මෙරට ඇති කිරීමට නම් කොළඹ නාගරික භූමි දර්ශනය දර්ශනීය ලෙස උඩයට පෙරලු ගෝඨාභය වර්ගයේ දැක්මක් අවශ්‍ය බවයි.

ඒ සඳහා ‘ගෝඨාභය දැක්මේ’ මර්දනකාරී ප්‍රවේශ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවිශ්ඨයක් මගින් විස්ථාපනය කළ යුතු බව කිවමනා නොවේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංචාරක සටහන්: එක්බෙලෙත් සහ කන්ඩලම - සුනන්ද දේශප්‍රිය
සංචාරක සටහන්: එක්බෙලෙත් සහ කන්ඩලම - සුනන්ද දේශප්‍රිය
http://ift.tt/2vzjmVt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy