දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විවේචන එල්ල කරනවා මිස බුදුදහමේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිවක් වෙන්නේ නෑ - මල්වතු මහ නාහිමි
Homeප්‍රවෘත්ති

විවේචන එල්ල කරනවා මිස බුදුදහමේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිවක් වෙන්නේ නෑ - මල්වතු මහ නාහිමි

PropellerAds

  බෞද්ධ විහාර දේවාලගම් පනත හා ථේරවාදී භික්ෂු කථිකාව ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සදහා තමන් වර්ෂ 2005 සිට රජයන් සදහා කරුණු යෝජනා කළත් ...

අකිල එජාප මහ ලේකම් තනතුරින් ඉල්ලා අස්වෙයි !
ජල හිගයක් ඇති වූයේ මල් පැලවලට වතුර දාන නිසා, කාර් හෝදන නිසා.. ඒ දෙකම තහනම් කරනවා.. දවසට දෙපාරක් නාන්න එපා.. - ඇමති වාසුදේව
කොලඹ නම් දැරු පාසැලක සිසුන් රොත්තක් බාලිකා පාසැලකට කඩා පනී.. කෙල්ලන්ට වැඩ පෙන්නද්දී 20ක් අත්අඩංගුවේ
විවේචන එල්ල කරනවා මිස බුදුදහමේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිවක් වෙන්නේ නෑ - මල්වතු මහ නාහිමි

 

බෞද්ධ විහාර දේවාලගම් පනත හා ථේරවාදී භික්ෂු කථිකාව ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සදහා තමන් වර්ෂ 2005 සිට රජයන් සදහා කරුණු යෝජනා කළත් මේ දක්වා ඒ කිසිවක් ඉටු කර ගැනීමට හැකියාවක් ලැබී නැතැයි උන්වහන්සේ සදහන් කළහ. එබැවින් ඒ පිළිබදව කථා කරනවා වඩා නිහඩව සිටීම වඩා උචිත යැයි බුද්ධ ශාසන විෂයභාර නව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සමග මහා නායක හිමියන් ඉකුත්දා (අගෝස්තු 31) මේ බව සදහන් කළේය.

ඇතමුන් මේ පනත විවේචනය කරනවා. සමහර ඊට එරෙහිව කෑ ගසනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ වන විට කථාකරනවාට වඩා නිහඩව සිටීම වඩා උචිත යැයි මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් සදහන් කළහ.

බුද්ධ ශාසන අමාත්‍යධූරයට පත් ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහ නායක හිමියන් හා අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය ඒ මහතා යෝජිත පනත් කෙටුම්පත් පිළිබදව තමන් අධ්‍යයනය කළ බවත් ඒ පිළිබදව කමිටුවක් පත් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව මහා නායක හිමියන් හමුවේ ප්‍රකාශ කළේය.

වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් කෘෂීකර්මාන්තයේ නිරතවීමට අවස්ථාව නොලැබී මහා සංඝරත්නයට දන් පිළිගැන්වීමට පවා මහජනයාට අවස්ථාවක් නොමැති නිසා රජයේ මැදිහත්වීම මත දන් පිළිගැන්වීමේ වැඩපිළිවෙලක් දියත් කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.

මේ සදහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවත් මහා සංඝරත්නයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය අමාත්‍යංශයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ අදහස් දක්වමින්, පසුගියදා තමන් වහන්සේ යාපනයේ සංචාරය කළ බවත් එහිදී විහාරස්ථාන රැසක් අඩු පහසුකම් යටතේ පවතින බව නිරීක්ෂණය වූ බව කීවේය. විහාරස්ථාන රැසක ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් මෙන්ම දාන ශාලා ආදිය නොමැති බව ද උන්වහන්සේ කීහ. එම බෞද්ධ විහාරස්ථාන සදහා චෛත්‍ය ආදිය ස්ථාපිත විය යුතු බව ද උන්වහන්සේ පැවසූහ.

නුවර නදීක දයා බණ්ඩාර

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විවේචන එල්ල කරනවා මිස බුදුදහමේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිවක් වෙන්නේ නෑ - මල්වතු මහ නාහිමි
විවේචන එල්ල කරනවා මිස බුදුදහමේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිවක් වෙන්නේ නෑ - මල්වතු මහ නාහිමි
http://ift.tt/2erNqqT
https://i.ytimg.com/vi/xfzkXiYSEGg/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy