අලුත උපන් බිලින්දා ගෙවත්තේ වල දමා මව මියයාම පිලිබදව පුළුල් විමර්ෂණයක් පවත්වා එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය...
හැටන් පොලිස් වසමට අයත් කොටගල යුනිෆිල්ඩ් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසල වතු නිවාසයක පදිංචිව සිටි 39 හැවිරිදි ආර්.වසන්තකුමාරි නැමති තිදරු මිට දින කිහිපයකට ප්‍රථම තම නිවස තුලදි බිලින්දෙකු බිහි කර එම බිලින්දාව ගෙවත්තේම රහසිගතව වල දමා දැඩි අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදි ප්‍රදේශවාසින් විසින් ඉකුත් (11) දින දික්ඔය මුලික රෝහල වෙත රැගෙන යන අතරතුර කාන්තාව මිය ගොස් ඇත.
මිය ගිය කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශය් රැකියාවක නිරත ව සිටින බවත්, මිය ගිය කාන්තාවට අවුරුදු 12 අවුරුදු 7 ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 5 ක පිරිමි ළමයෙකුද සිටින බව හැටන් පොලිසිය පැවසුවේය.
මිය ගිය කාන්තාව දරු ප්‍රසුතිය සිදු කරන අවස්තාවේ දරු තිදෙනා හැර නිවසේ කිසිවෙකුත් නොසිට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුකු සිදු කරන හැටන් පොලිසිය පැවසුවේය.
මිය ගිය කාන්තා සම්බන්ධයෙන් මරණ පරික්ෂණය සිදු කිරිමේදි ඇති වු සැකයක් මත මරණ පරික්ෂකවරයා විසින් එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කල යුතු බවට හැටන් පොලිසියට කරන ලද නියෝගයක් මත හැටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂනයක් ආරම්භ කරනු ලැබුවේය.
හැටන් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදි මිය ගිය කාන්තාව විසින් ගෙවත්තේ වල දැමුවේයැයි කියන බිලින්දාගේ සිරුර පොලිසිය විසින් ගොඩගෙන සිරුර ද දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ තැන්පත් කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
COMMENTS