මෙ රට සිටින ත්‍රස්ත සැකකරුවන් රහසේ විදේශගතවීම වැළැක්වීම සඳහා (වීසා) තහනමක් ක්‍රියාත්මක කිරීමට කොළඹ සිටින විදේශ තානාපතිවරුන් තීන්දු කර ඇතැයි...
මෙරට සිටින ත්‍රස්ත සැකකරුවන් රහසේ විදේශගතවීම වැළැක්වීම සඳහා (වීසා) තහනමක් ක්‍රියාත්මක කිරීමට කොළඹ සිටින විදේශ තානාපතිවරුන් තීන්දු කර ඇතැයි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් වාර්තා වේ. දැනට කොළඹ සිට විදේශීය රටවල් 45ක පමණ තානාපති හා මහකොමසාරිස් කාර්යාල ක්‍රියාත්මක වෙයි.
පසුගිය සතියේ ජනාධිපතිවරයා මුණගැසුණු මෙරට සිටින තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් හා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක නිත්‍ය නියෝජිතයන් ඉස්ලාම් ත්‍රස්තවාදය ජාත්‍යන්තර ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් වී ඇති නිසා මෙම තීරණය ගත් බව ප්‍රකාශ කර තිබේ.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පහසු කිරීම පිණිස දැනට රජය සතු ත්‍රස්ත සැකකරුවන්ගේ නම් ලැයිස්තු රහස්‍ය ලේඛන ලෙස තානාපති කාර්යාලවලට සපයන ලෙස ද මෙම තානාපතිවරුන් රජයෙන් ඉල්ලා ඇත.
ත්‍රස්තවාදය මර්දනයට සහාය දීම පිණිස වීසා තහනම දැඩිව ක්‍රියාත්මක කිරීමට තානාපති අංශ තීරණය කළ බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS